රේඩියෝ නාට්‍ය ලොව බිහිවූ අටවන කලාව ලෙස සැලකේ. ශබ්දය ආගමනයෙන් පසු ගුවන් විදුලි නාට්‍යය යනු අත්හැර දැමූ පතලක් වශයෙන් ඔර්සන් වෙල්ස් ප‍්‍රකාශ කර ඇත. රේඩියෝ නාට්‍යය ගත් කළ එතුළ සාහිත්‍යමය බවක් ලොඩනැගී පවතී. ඒ අනුව රේඩියෝ නාට්‍යය යනු කෙටි කතාව, නව කතාවෙන් ඔබ්බට සාහිත්‍යයන් හි ඇති වූ නව මාධ්‍යයමය දිගුවකි. මේවා රේඩියෝ ප්ලේ, රේඩියෝ ඩ‍්‍රාමා, ඕඞ්යෝ තියටර්, ඉන් විසිබල් ප්ලේ ආදී වචන වලින් ද හදුන්වන ලදි. රේඩියෝව මගින් ජනතාවට තොරතුරු දැන ගැනීම මෙන් ම ඊට සමගාමීව එහි විකාශය වූ ප‍්‍රධාන කලාංගයක් වශයෙන් ගුවන් විදුලි නාට්‍ය පෙන්වා දිය හැකි අතර එය ජනතාව ආස්වාදනය කලේ ඒ වටා බණ අසන්නාක් සේ ඒකරාශී වීමෙන් බව එවකට ගුවන් වුදුලිය සම්බන්ධව කටයුතු කළ අයගේ අදහස වන්නේ ය. විශේෂයෙන් ම 1987 කාල වකවානුවේ දී රූපවාහිනී ටෙලි නාට්‍ය වලට වඩා ඉහළ ශ‍්‍රාවක ජනප‍්‍රියත්වයක් මේ ගුවන් විදුලි නාට්‍ය වලට හිමි වීමෙන් ම එය පැහැදිලි කර ගත හැකි ය.
එසේ වුවත් ලංකාවේ ගුවන් විදුලි නාට්‍යයේ ආරම්භය පිළිබදව නිශ්චිත දිනයක් නම් කිරීම අපහසු වේ. නමුත් 1927 මුල් යුගයේ දී බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි ප‍්‍රචාරක ස්ථානයෙන් කෙටි නාට්‍ය ලබා ගෙන ඒවා මෙරට ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කරන ලදි. ජේ.එස්.එම් පැටර්සන්ගේ මෙහෙයවීමෙන් කොළඹ ආධුනික නාට්‍ය සංගමය මගින් ප‍්‍රථම වරට මෙරට ගුවන් විදුලි නාට්‍යයක් එසේ නිෂ්පාදනය කළ බවට මතයක් ඇති අතර එය ”වයර්ලස් ඩ‍්‍රාමා” නමින් හැදින්වීය.
එම ගුවන් විදුලි නාට්‍ය සදහා දොස්තර ජෝර්ෂප් පියර්සන්, දොස්තර එල්.නිකල්සන්, සර් රොනල්ඞ් රෝස් හා එෆ්. ඕ බ‍්‍රයන් එලියන් යන අය මේ සදහා හඩ දායකත්වය ලබා දී ඇත. එවකට ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති අතර සියල්ල ඉංග‍්‍රීසී මාධ්‍යයෙන් සිදු වෙද්දී මෙම ගුවන් විදුලි නාට්‍යය ද ඉංග‍්‍රීසි බසින් ම ප‍්‍රචාරය වී තිබේ.
මේ යුගය තුළ ගුවන් විදුලියේ නාට්‍ය වලට ප‍්‍රමුඛතාවක් හිමිව තිබූ බව 1932 වන විට පිහිට වූ ගුවන් විදුලි උපදේශක මණ්ඩලයට නාට්‍ය අංශය ද නියෝජනය කර තිබීමෙන් ය.
1939 මාර්තු 29 වන දින ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලියන ලද ”සමාජ සේවකයා” ගුවන් විදුලි නාට්‍යය සජීවි ලෙස ප‍්‍රචාරය විය. මෙය මුදලිදු ඊ.ඒ අබේසේකර මහතා විසින් නිෂ්පාදනය කර ඇත. තව ද ජේ.ආර් ජයවර්ධන, එලීනා ජයවර්ධන මෙහි ප‍්‍රධාන චරිත ලෙස දායකත්වය ලබා දී තිබේ.
1948 නිදහස ලැබීමත් සමගම ප‍්‍රචාරය කරන ලද විශේෂ වැඩසටහන් අතර ගුවන් විදුලි නාට්‍යයට ද මූලිකත්වයක් ලබා දී ඇත.නිදසුන් ලෙස,
පෙබරවාරි 12 රාත‍්‍රී 7.30ට-සී.ඞී.එස් කරුණාජීවගේ ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ”
පෙබරවාරි 13 රාත‍්‍රී 8.15ට සී.ඒ ෆොන්සේකාගේ ”විජය”
පෙබරවාරි 21 රාත‍්‍රී 7.30ට යූ.ඒ.එස් පෙරේරාගේ ”පෘතුගීසීන්ගේ පැමිණීම”
ආදිය දැක්වීමට පුළුවන.
ලංකාව තුළ රේඩියෝ නාට්‍යය සංස්කෘතියක් හිමි වන්නේ 1925 තරම් ඈත අතීතයක සිටය. ආරම්භක යුගයේ නාට්‍ය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන් වූ අතර ඒවායෙහි රගපෑම කළේ විනෝදාස්වාදන මාර්ගයක් වශයෙනුයි. එනිසා ම ගුවන් විදුලිය මගින් නාට්‍යය සදහා ගෙවීම කළේ එහි රචකයාට පමණි. ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කළේ ඊඊක් ආයතනය නිෂ්පාදනය කළ ඉංග‍්‍රීසි නාට්‍ය වල සිංහල අනුවාදන වශයෙනි. උදාහරණ ලෙස,
නිෂ්පාදකයාගේ නම ඉංග‍්‍රීසි නාට්‍යයේ නම සිංහල අනුවාදන නාට්‍යයේ නම
ජෝර්ජ් බර්නාඞ් ෂෝ ඔයැ ෘදජඑැර ාසැකැප් වෙද හටන
ගී ද මෝපසාන් භැජනකැඑ දියමන්ති මාලය
ඇනටෝල් ෆ්‍රොන්ස් ඔයැ ඵ්බ අයද ප්රරසැා ාමපඉැ අසෙැ ගොළු බිරිද
දැක්විය හැකි ය.
ටික කලක් ගතවන විට 1940 දශකයේ ගුවන් විදුලි ලිපිකරුවෙකු වශයෙන් සේවය කළ ධර්ම ශ‍්‍රී මුණසිංහ එම නාට්‍ය විවේචනය කරමින් සිංහල තේමාවන් යටතේ නාට්‍යය කළ යුතු බවට තර්ක කරමින් ”ඇහැටුල්ලා” නම් නාට්‍යය කර තම නාට්‍ය දිවිය ආරම්භ කරනු ලැබීය. පසුකාලීනව මෙරට ඉතාමත් ජනප‍්‍රියත්වයට පත් වූ මුවන් පැලැස්ස, ගජමුතු, මොණර තැන්න, මේධා, ආදරණීය ජුලියස් හා මුදලි මංකඩ ආදී නාට්‍ය රැුසක් නිර්මාණය කරමින් මෙරට ගුවන් විදුලි නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කරනු ලැබීය.
එදිරිවීර සරච්චන්ද්‍ර, ඒ.වී ගුණරත්න, ටී.ද.එස් ලීලානන්ද, එස්.පියසේන, ආනන්ද සිරිසේන, සුනිල් විජේසිරිවර්ධන, ඇරුව්වල නන්දිමිත‍්‍ර, සුනන්ද්‍ර මහේන්ද්‍ර, දයාණන්ද ගුණවර්ධන ආදීන් මෙන් ම සුමිත‍්‍රා රාහුබද්ධ, කපිල කුමාර කාලිංග, ජයලාල් රෝහණ, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම් ආදී දෙවන පරපුරේ ආදීන් ද මෙම කලාවේ පෝෂණයට දක්වන ලද දායකත්වය අතිමහත් ය.
ක‍්‍රම ක‍්‍රමයෙන් ගුවන් විදුලි නාට්‍යය කලාවත් සංකීර්ණ වන්නට විය. මුල් කාලයේ විනාඩි 15කට, පැය භාගයකට සීමා වූ මෙම නාට්‍යය වල ගුවන් කාලය සමහර අවස්ථාවලදී පැය දක්වා දික් විය. එමෙන් ම නාට්‍ය අතර වර්ගීකරණයක් ද ඇති විය. ඒ අනුව,
ඒකාංගික නාට්‍ය
මාලා නාට්‍ය
වශයෙන් වර්ග කරන ලදි. සිංහලෙන් සකසන ලද ප‍්‍රථම ගුවන් විදුලි මාලා නාටකය ඇන්ටන් චෙකොෆ්ගේ ඊැ්ර නම් කතාව ඇසුරින් සැකසූ ”වලහා” නැමති ගුවන් විදුලි මාලා නාටකය යි.
ලාංකීය ගුවන් විදුලියට ආධුනික යෞවනයන් සම්බන්ධ කර ගැනීමත් ගුවන් විදුලි නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයකි. නිදසුනක් ලෙස,
1950 දී සරත්චන්ද්‍ර විසින් අගෝස්තු මස අරඹන ලද යෞවන සමාජ
දැක්වීමට පුළුවන.
ඒ අනුව සරත්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් පී.වැලිකල, ඒ.පී ගුණරත්න, වික්ටර් මිගෙල් වැනි ප‍්‍රකට ශිල්පීන් හා ශිල්පිනියන් රැුසක් ගුවන් විදුලියට හදුන්වා දීමේ ගෞරවය හිමි වේ. තව ද නාට්‍ය වලට ස්වභාවික දෙබස් භාවිතය හදුන්වා දුන්නේ ද සරත්චන්ද්‍ර මහතා ය.
1950 ගණන් වන විට ගුවන් විදුලි නාට්‍ය සදහා එකම ශිල්පීන් කණ්ඩායමක් යොදා ගැනීම හා දක්ෂ බාහිර ශිල්පීන් සම්බන්ධ කර නොගැනීම මේ තුළ පවත්නා ප‍්‍රබල දුර්වලතාවයක් වශයෙන් 1953 වීරසූරිය කොමිසම මගින් පෙන්වා දෙන ලදි. පසුව එවන් දුර්වලතා ද මගහැර පොදු ශ‍්‍රාවකයා අතර තව තවත් මේ කලා අංගය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදි.
මේ වකවානුව තුළ හදුනා ගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ, එවකට සමාජයේ ජනප‍්‍රියත්වයට පක්ව තිබූ සිංහල නවකතා රැුසක් ම ගුවන් විදුලි නාට්‍ය වශයෙන් නැවත ප‍්‍රති නිර්මාණය කිරීමයි. ඒ සදහා නිදසුන් පහත පරිදි දැක්විය හැකිය.
දිනය නව කතාව ඒ තුළින් බිහි වූ ගුවන් විදුලි නාට්‍යය
1951.02.18 මාර්ටින් වික‍්‍රමසිංහගේ රෝහිණී නව කතාව රෝහීණි නමින් ම කොටස් වශයෙන් විකාශනය විය.
1952.06.20 ලෙනාඞ් වුල්ෆ්ගේ ඩසකක්ටැ සබ එයැ න්‍මබටකැ බැද්දේගම ගුවන් විදුලි නාට්‍යය (කොටස් 10කින් සමන්විත විය*
1952.08.29 මාර්ටින් වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය ගම්පෙරළිය ගුවන් විදුලි නාට්‍යය (පී.දේවසිරි පෙරේරා විසින් සැකසූ මෙය 1952.10.10 දක්වා ප‍්‍රචාරය විය.*
මෙසේ ජනප‍්‍රිය නව කතා ගුවන් විදුලි නාට්‍ය වශයෙන් ඉදිරිපත් ව්මත් සමගම මේවා කෙරේ තව තවත් ශ‍්‍රාවක පිරිස ඇදී එන්නට පටන් ගෙන තිබේ.
50 දශකය තුළ සමාජ නාට්‍ය මෙන් ම ආගමික හා ඓතිහාසික නාට්‍යයත් ප‍්‍රචාරය විය. මීට අමතරව විකට නාට්‍ය වැඩසටහන් ද වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව ඇත. එසේ ප‍්‍රකට වූ විකට නාට්‍ය ශිල්පීන් අතර ඒ.ඞී පෙරේරා, එඞී ජයමාන්න, හැරියට් සුරවීර ආදින් කැපී පෙනේ.
ලංකාවේ ගුවන් විදුලි නාට්‍යයේ වර්ධනීය අවස්ථාවක් වශයෙන් ”රේඩියෝ රගමඩල” හෙවත් ”ගුවන් විදුලි රගමඩල” ද කැපී පෙනෙන්නකි. සතිපතා විනාඩි 45ක් වූ වැඩසටහන් විනාඩි 30කට සීමා විය.
මුල්කාලීනව ගුවන් විදුලි නාට්‍ය ශ‍්‍රාවකයින් පිළිබදව ගුවන් විදුලි සංස්ථාවේ ශ‍්‍රවණ පර්යේෂණ අංශය කළ ගුවන් විදුලි නාට්‍ය පිළිබද දීපව්‍යාප්ත සමීක්ෂණය ද මෙහිලා වැදගත් වේ. ඒ තුළ,
1 ස්ථානය – සුගන්ධිකා
2 ස්ථානය ගුවන් විදුලි රගමඩල
3 ස්ථානය ගජමුතු
4 ස්ථානය මුවන් පැලැස්ස
5 ස්ථානය සේසතයි කුමරියයි
6 ස්ථානය මේධා
7 ස්ථානය ළමා රංග පීඨය
8 ස්ථානය රක්ෂණ රංග
9 ස්ථානය සදගලතැන්න
පිළිවෙලින් පාඨක රසිකත්වය ලබා ඇත.
මෙහිදී රූපවාහිනී නාට්‍ය වලට වඩා ගුවන් විදුලි නාට්‍ය ප‍්‍රිය කළ අය වැඩි වූ අතර ඔවුන් සමකාලීන නාට්‍ය රචකයින් උසස් නිර්මාණ බිහි කරන බවට 57% ක ප‍්‍රමාණයක් අදහස් ප‍්‍රකාශ කර ඇත. මින් එකල ජනතාව අතර ගුවන් විදුලි නාට්‍ය ජනප‍්‍රියව පැවති බවට සනාථ කර ගත හැකි සාධකයකි.
එමෙන් ම ගුවන් විදුලි නාට්‍ය කලාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් වනුයේ 1953 අපේ‍්‍රල් මස ඇරඹුණු ”තරංගනී ” සගරාව හා ඊට පෙර සිට ප‍්‍රකාශයට පත් වෙමින් පැවති ගුවන් විදුලි සගරාවන් ය. මේවා හරහා ගුවන් විදුලියේ ප‍්‍රචාරය කෙරෙන නාට්‍ය වල පිටපත් පළකිරීම හා ඒ සම්බන්ධ ව්චාර හා ප‍්‍රතිචාර සම්භාවනාවට ලක් කිරීම ද දැක ගත හැක.
ගුවන් විදුලි නාට්‍ය කලාවේ විෂය ක්ෂෙත‍්‍රය ක‍්‍රමයෙන් පුළුල් වීමත් සමග මෙය සංවර්ධන තේමාව සදහාත් යොදා ගන්නට විය. එහිලා,
දියනිල්ලේ රාල
කිවුලේ කුඹුර
වෙලේ ගෙදර
කුඹුරේ ගම
මුවන් පැලස්ස
පහන්සිළුව
ආදී නාට්‍ය නිදසුන් වේ. ඒවා තුළින් මූලිකවම සංස්කෘතිය,සදාචාරය හා ආර්ථික සංවර්ධනය යනාදිය තේවා කොට ගෙන ඇති බව අධ්‍යයනයේ දී හදුනා ගත හැකි විය.
මෙහිලා ගුවන් විදුලි ළමා නාට්‍ය ප‍්‍රචාරය වීම ආරම්භ වීම ද කැපී පෙනෙන අවස්ථාවකි. ඒ අනුව 1951 අපේ‍්‍රල් 9 වන දින ”ළමා උයන ” නමින් ප‍්‍රථම ළමා ගුවන් විදුලි නාට්‍ය ඇරඹුණ අතර එය 1953 වන විට ”ළමා පිටිය” බවට පත් විය. මෙම ගුවන් විදුලි ළමා නාට්‍ය ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල පිරිසක් තම දායකත්වය දැරූ අතර
ද ආනන්ද සරත් විමලවීර
ද අයලීන් සරත්වන්ද්‍ර
ද වික්ටර් මිගෙල්
ද ආනන්ද සිරිසේන
ද ඩබ්.ඒ සෝමදාස
ආදීන් කැපී පෙනේ.
බුද්ධිකා
Guwan widuli ethihasaya gena modern de de denagtha.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteHoda adynayk..
ReplyDelete