Sunday, June 21, 2015

කින්නර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ

ශ‍්‍රී ලංකාෙවි පැරණි සමාජ ක‍්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ”කින්නර ” ජන කණ්ඩායමට ද ප‍්‍රමුඛතාවක් හිමි ෙවි.මොවුන් ක‍්‍රමයෙන් වෙනස් වෙමින් මහා සමාජයට අවතීර්ණ වෙමින් පවතින්නා වූ සමාජ කණ්ඩායමකි.පැරණි ලාංකීය ජන සමාජය තුළ පැවති කුල ධූරාවලිය යටතේ පහත් කුලයක් ලෙස කින්නර ප‍්‍රජාව සලකනු ලැබීය.කින්නරයන්ට පුරාණ සිංහල සමාජය සමඟ විවාහ ආදී සම්බන්ධතා පැවැත්වීම තහනම්ය.ඔවුන් අතර සමාජ හා සංස්කෘතික වශයෙන් සිංහල ජනතාව වඩා යම් යම් වෙනස්කම් පවතී.
ලංකාව තුළ මොවුන්ගේ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බැලීමේදී මධ්‍යම පළාතේ මහනුවර මැණික්හින්නේ හේනාවල,මාතලේ යටවත්තේ මල්හෑව(ආලෝකගම* ගම්වල හා වයඹ පළාතේ දික්වැහැර,ඉරිදෙණිය ප‍්‍රදේශවලත් බස්නාහිර පළාතේ මීරිගම බෝතලේ ප‍්‍රදේශයෙහිත් කින්නර ජනතාව ජීවත් ෙවි.පැදුරු විවීම හා හණ කර්මාන්තය මොවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය ෙවි.

සෑම සංස්කෘතියකට ම අනන්‍ය වූ ඇදහිලි-විශ්වාස,සිරිත්-විරිත්,ජනශ‍්‍රැති,ආර්ථිකමය ලක්ෂණ හදුනා ගතහැකි අතර ඵ්වා සංස්කෘතික අංග හෙවත් ලක්ෂණයන්ට අයත් ෙවි.ඒ අනුව සමාජය තුළ අදාළ ජන කණ්ඩායම නියෝජනය වන්නේ ද කැපී පෙනෙන්නේ ද ඔවුන්ගේ සංස්කෘතික අංග වලිනි.
වැඩිවිය පැමිණීම
වැඩිවිය පැමිණීම සෑම සමාජයකම වැඩි අවධානයක් යොමු වන සංස්කෘතිකමය අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන.එය පුද්ගල ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකේ.මෙය කාන්තාවක් පුනර් සමාජානුයෝජනයට ලක්කරන අවස්ථාවක්  ද ෙවි.කින්නර ජන සමාජයත් එය ප‍්‍රධාන ද්වාර කර්ම අවස්ථාවක් ලෙස සලකා චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වයි.ඔවුන් එම චාරිත‍්‍ර පවත්වන්නේ ගැහැණුන් උදෙසා පමණි.දැරියක්  වැඩිවිය පත් වූ වහාම ඇය අදුරු කාමරයක නවත්වයි.මේ ආරංචිය ගෙදරින් පිට කෙනෙකු වශයෙන් මුලින්ම දන්වන්නේ ඇවැස්ස නැන්දාටයි.ඇවැස්ස නැන්දා සමිලතම කෙනෙකි.මෙම ජනයා අතර ඇති ඇවැස්ස ඥාතීන් අතර ඇති භාවාත්මක බැඳීම ඉන් විශද ෙවි.
චාරිත‍්‍ර පැවැත්වීමේ නැකැත් සාදවා ගැනීමට සිංහල නැකැත්කරුවෙකු හමු වීම තහනම් වූ නිසා තමාගේ කුලයේ කවුරුන් හෝ එය ඉටුකර දේ.එසෙත් නැතිනම් දින හතකින් හෝ ඉන් මෙපිට සුභ දිනයක හිමිදිරියේ චාරිත‍්‍ර පවත්වයි.දැරිය නිවසින් පිටතට ගෙන නැහැවීම පිළි ඇරීම ලෙස හැදින්ෙවි.සාමාන්‍ය සිංහල ගැමි සමාජයේ මෙන් රෙදි නැන්දා හා හේන මාමාගේ සේවය ලබා ගැනීමට කින්නර ජනතාවට අවස්ථාවක් සමාජය තුළින් හිමිකර දී නැත.සියලූ චාරිත‍්‍ර කර දෙන්නේ ඇවැස්ස නැන්දා විසිනි.නෑවීමෙන් පසු පිරිසිදු රෙදි අන්දවා ගෙය තුළට රැුගෙන යන අතර සුදු මල් දැමූ වතුර කොරහක් බැලීමට සලස්සවයි.පසුව ඇය පොල් ගෙඩියක් බිදින අතර එහි පලූ දෙක උඩ අතට හැරී තිබීම අනාරැුතය යහපත් වීමක් බව කින්නර ජනයාගේ විශ්වාසය යි.ඉන් එක් පලූවක් ගෙන දැරිය ජීවත් වන නිවසේ ඉදිරියෙන් පිටුපසට වැටෙන සේ විසි කරයි.
ඔවුන්ගේ චාරිත‍්‍ර අතර කොටහළුගොඩ වෙත කැදවාගෙන යාමත් වැදගත් අවස්ථාවකි.හත්මාලූ සමඟ බත්,කිරිබත් හා කැවිලි වර්ග මෙයට අයත්වන අතර අලූත වැඩිවිය පත් දැරියන් හය දෙනෙකු සමඟ කෑමට සලස්වයි.මෙය තවත් ප‍්‍රදේශයක කිරි අම්මාවරු හත් දෙනෙකු සමඟ කෑම ගැනීමට සැලැස්වීමත් දැකගත හැකිය.ඉන් දැරිය වැඩිහිටි සමාජයට සමාජානුයෝජනය කිරීම හා දැරියට ආරක්ෂාව සැලසීම මෙමඟින් ඔවුන් අපේක්ෂා කර ඇත.කොටහලූ මඟුල නිමවීමත් සමඟ ඇය භාවිතා කළ සියලූ දෑ වළලා දමයි.දැරියට මාස තුනක් යනතුරු නිවසින් පිටවීම තහංචියකි.කොටහලූ කිල්ල මාස තුනක් පමණ පවතින බවට ඔවුන් අතර විශ්වාසයක් පවතී.මෙතැන් සිට  ඕනෑම අවස්ථාවක ඇවැස්ස මස්සිනාට ඇයව තම නිවසට කැදවා ගෙන යා හැකි වීම ද කින්නර සමාජයේ ලක්ෂණයකි.
විවාහය
විවාහය එක් එක් සමාජ හා සංස්කෘතීන්ට අනුව වෙනස් වන්නකි. විවාහය  අදාළ සමාජය හා සංස්කෘතිය නිරූපණය කරනුලබයි.කින්නර ජනතාවගේ විවාහ චාරිත‍්‍ර ඔවුන්ගේ සමාජ ධර්මතා අගනාකම් ඇතුලත් සමස්ත සංස්කෘතියම නිරූපණය කරයි.මොවුන්ගේ විවාහය ප‍්‍රධාන වශයෙන්ම ඇවැස්ස ඥාති විවාහය, දීග විවාහය හා බින්න විවාහය මඟින් තීරණය කෙරේ.සිංහල සමාජයේ තිබෙන කුළ  බෙදීම නිසා තම කුලෙන් පිටත අය සමඟ විවාහ වීම තහනම්ය.
එකම ගමක මනාලයා හා මනාලිය සිටින අවස්ථාවක දී ඒ සදහා විශේෂ සුදානම් වීමක් දැකගත නොහැක.එවන් අවස්ථාවක තරුණයා රැුගෙන එන රෙද්ද හා හැට්ටය තරුණියට අදින්නට දෙන අතර එතැන් සිට ඔවුහු අඹු සැමියන් ලෙස එකතු වෙති.දෑවැද්ද බලාපොරොත්තු වීමක් දැකිය නොහැකිය.දෙපාර්ශවයම තමන්් කැමති දෙයක් විවාහක යුවළට දෙති.බොහෝ අවස්ථාවල දී කළාල පැදුරු ආදිය එලෙස ලබා දෙයි.කෙසේ හෝ මෙහිදී පොදුෙවි හදුනා ගත හැකි විවාහ චාරිත‍්‍ර-වාරිත‍්‍ර සම්බන්ධව සලකා බැලිය යුතුය.
ඇහුම් බැලූම් කිරීම
මනාලයාගේ පාර්ශවය මනාලිය ගැන පළමුවෙන් ම විමසීම ඇහුම් බැලූම් කිරීමයි.කින්නර ප‍්‍රජාව අතර පවතින්නේ අන්තර්ජන්‍ය විවාහය යි.මේ නිසා ඥාතීත්වයන් අදාළ කුළයට ම සීමාවි ඇත.මෙය පවුලේ වැඩිහිටි ඥාතීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.තමාගේම ගෙමි හෝ තම කුළයේ ම අය සිටින වෙනත් ගමකින් ඇහුම් බැලූම් කිරිම් සිදු කෙරේ.
මනාලියගේ පවිත‍්‍රතාව
කින්නර ජන සමාජය තුළත් විවාහය නැමති කාර්යේ දී කාන්තාවගේ පවිත‍්‍රතාව තදින් ම අපේක්ෂා කරන ලදි.මනාලියට ඵය ඔප්පු කරගත නොහැකි වුවහොත් ඇයව පසුදාම නැවත මව්පියන්ට භාරදෙනු ලැෙබි.මේ නිසා කාන්තාව නිරන්තරයෙන් තම ආත්මගරුත්වය ආරක්ෂා කර ගැනීමට වගබලා ගන්නා අතර වැඩිහිටි කාන්තාවනගෙන් දැනමුතුකම් ලබාගෙන ඒ අනුව ජීවත් ෙවි.
කැට පෝරුව
මංගල දිනයේ දී මනාලියගේ පාර්ශවයෙන් මනාලයාගේ පාර්ශවයට කැටපෝරුව ලබාදෙන අතර එමඟින් හපන්කම් මැන බැලීමක් සිදු කෙරේ.කැට එහා මෙහා කළහැකි ලී පුවරුවක ඉහළින්ම ඇති කැටය නිදහස් කර ගැනීම කැටපෝරුව විසදීමයි.

අවුල් මුද්ද
මෙය රිදියෙන් කළ අලංකාර මුද්දකි.එය ඇඟිල්ලෙන් ගැලවූවාට පසු එකිනෙකට අසම්බන්ධ මුදු 4ක් බවට පත් ෙවි.මනාලයාගේ පාර්ශවයේ කෙනෙකු විසින් මනාලියගේ පාර්ශවයෙන් ලැබෙන අවුල් මුද්ද යථාපරිදි සකසා එය එක් මුද්දක් බවට පත්කළ යුතුය.මෙවන් පොදු විවාහ චාරිත‍්‍ර කීපයක් හදුනා ගත හැකිය.
මුල් කාලයේ දී කඩුළු තහංචි,මඟුල් ෙමිස තහංචි පැනවීමක් තිබුණි.පිරිස එනවිට කඩුල්ල වසා තැබෙන අතර කඩුල්ල අරින්නේ මනාලියගේ පාර්ශවයේ කෙනෙකු ඉදිරිපත් කරන තේරවිලි කවි වලට පිළිතුරු ලැබුන විටදීය.මඟුල් ෙමිසයේ අමුතු ව්‍යංජනයක් තබන අතර එහි නම නිවරැුදිව කියන තෙක් ගෑම ගැනීම සිදු නොකෙරේ.මෙම අභියෝග ජයගත නොහැකි වුවහොත් මනාල පාර්ශවට ලැජ්ජාවට පත් ෙවි.
  තරුණ යුවලක් විවාහයෙන් පසුව දෙපාර්ශවයෙන් එකක තම දෙමව්පියන්ගේ නිවස අසලින් කුඩා නිවසක් තනාගෙන පදිංචි වීම සිරිත ෙවි.කින්නර ගම්වල සෑම පවුලක්ම එකිනෙකට ඉතා කිට්ටුවෙන් ඥාතිත්වයක් පවත්වන අතර මොවුන් අවට ගම්වැසියන් සමඟ සමීප සම්බන්ධතා නොපවත්වයි.ඥාතිත්ව සම්බන්ධතා සමස්ත කින්නර සමාජය පුරාම විහිදී පවතින නිසාම සබධතා දැලක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් අන්තර්ජන්‍ය ඥාති සම්බන්ධතා වශයෙන් පවති.

බුද්ධි

3 comments: