Monday, June 29, 2015

ආගමික උත්සව තුළින් නිරූපනය වන අන්තර් සංස්කෘතික ලක්ෂණ

සංස්කෘතිකාංග අතර ආගමට හිමිවන්නේ මූලික ස්ථානයකි. මානව සමාජය ශිෂ්ට සමාජයක් කිරීම උදෙසා එහි දායකත්වය ප‍්‍රබල වේ. කෙසේ හෝ ආගම යනු ජන කොටසක් පොදුවේ පිළිගත් වහ වහා කඩිනමින් වෙනස් නොවන සාපේක්ෂව ස්ථාවර බවක් පෙන්වන ඇදහිලි,විශ්වාස හා අභිචාරයන් වේ.
 ඒ ඒ සංස්කෘතීන්ට අනුව ආගම් ගොඩනැගී තිබෙන අතර සංස්කෘතික පෝෂණයෙහි ලා විශාල කාර්යභාරයක් ද එමගින් ඉටු කෙරේ. මෙහිලා ආගමික උත්සව කැපී පෙනෙන අංගයකි.
 ලංකාව තුළ මූලික වශයෙන් ,
 බෞද්ධ
 හිංදු
 කි‍්‍රස්ත‍්‍රියානි
 ඉස්ලාම්
     යන ආගම් ස්ථාපිතව පවතින අතර ඒ තුළ ජාතීන් යන පදනමකුත් පවතී. විශේෂයෙන් ම මේ එක් එක් අගම් වලට වෙන් වූ ආගමික උත්සවයන් ද පවතින අතර ඒවා තුළින් ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයන් ද මනාව නිරූපණය වේ.
 ආගමික උත්සව යන්න ගත් විට ඒ තුළ ඇදහිලි විශ්වාස මත ගොඩනැගුණු ඒවා මෙන් ම එක් එක් විශේෂිත සිදුවීම් අළලා ගොඩනැගුණු උත්සව ද වේ. ඒ අනුව ඒ ඒ ආගමට අදාළව දැකගත හැකි උත්සව පිළිබදව මූලිකව විමසා බලා පොදුවේ මේ ඒවා තුළ දැකගත හැකි අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත යුතු වේ.

බෞද්ධ
 බෞද්ධ ආගමට විශේෂිතව මූලිකවම සමරනු ලබන උත්සවය වන්නේ වෙසක් උත්සවය ෙවි.ලොව පුරා බෞද්ධ ජනතාව බුදු තෙමගුල පදනම් කර ගනිමින් එය පැවැත්ෙවි.බුදුන් වහන්සේගේ ජිවිතය සම්බන්ධ උත්පත්තිය,බුද්ධත්වයට පත් වීම හා පරිනිර්වාණය සිහි කරමින් ඉතාමත් භක්තියෙන් සමරනු ලබයි.
   

දන්සල් පැවැත්වීම,බෝධි පූජා,පහන් පූජා,අභය දාන පූජා,ශ‍්‍රමදාන පැවැත්වීම,පහන් කූඩු ,තොරණ් , සල්පිල් ආදිය මෙහිලා සිදු කෙරේ.විශේෂයෙන් ම මෙම උත්සවය පැරණි භාරතයෙන් කි‍්‍රව 2 සියවසේ දී පමණ මෙරටට ලැබුණ බව පාහියන් හිමිගේ දේශාටන වාර්තාවේ දක්වා තිෙබි.ලංකාවට වරින් වර එල්ල වූ විදේශ ආක‍්‍රමණ හේතුවෙන් මෙම උත්සවය තුළ වෙනත් සංස්කෘතික ලක්ෂණයන් ද ගැබ්ව තිෙබි.
 විනෝද සල්පිල් පැවැත්වීම යන්න යුරෝපීය සමාජ තුළ දැකගත හැකි මූලික ලක්ෂණයක් විය ලංකාවට වරින් වර සිදු වූ විදේශ ආක‍්‍රමණයන්ගේ බලපෑමත් එයට බලපාන ලදි ඒ අනුව මාරක ළිද,අනෙකුත් විනෝද ක‍්‍රීඩා නිදසුන් වේ.
 පහන් පූජාව බෞද්ධයන් සිදු කරන අතර එය ඉන්දියානු ආගමික විධි වලින් පැමිණ ඇත, ඒ අනුව මෙහිදී ආලෝකය වන්දනාමාන කිරීම යන කාරණාව සෑම ආගමික උත්සවයකම පාහේ හදුනාගත හැක.
 ඒ අනුව අද වන විට මෙම වෙසක් උත්සවය තුළ අන්තර් සංස්කෘතිකමය ලක්ෂණ දැකගත හැක.

හිංදු
දීපාවලී
ඔක්තෝම්බර් මාසයේ අගභාගයේ හෝ නොවැම්බර් මුල දින 4ක් පුරා මේ උත්සවය පැවැත්ෙවි. ඉන්දියාවේ හා මැලේසියාවේ හින්දුන් පමණක් නොව පංචාලවාසී ශික්වරු ද සමරති. මෙය ඔවුන්ගේ අලූත් අවුරුද්ද සේ සලකන අතර ආලෝක පූජාවට මුල් තැනක් හිමි ෙවි. සිංහල අලූත් අවුරුද්ද සේම සමාන වූ චාරිත‍්‍ර වාරිත‍්‍ර මොවුන් ද ඉටු කෙරේ. විශේෂයෙන් ගණුදෙණු කිරීම අලත් අවුරුද්දට පෙර ස්නානය රස කැවිලි සාදා අසල්වාසීන් අතර බෙදාහදා ගැනීම ආදිය සිදු කරයි.



 මෙය සිංහල අවුරුද්ද හා සමීප සබධතා දක්වන අතර රාම සීතා යුගයේ සිට පැවත එන බව ඔවුන් විශ්වාස කරයි. මෙවන් සමාන උත්සවයක් වගු රටේ මළවුන්ගේ අවුරුදු දිනය සැමරීම වශයෙන් සිදු කරයි.
තෛපොංගල්
සුර්ය වන්දනාව මුල් කොට ගෙන ද්‍රවිඩ ජනතාව පවත්වන උත්සවයක් වන මෙය හිරු මකර රාශියට ප‍්‍රවිශ්ට වීම මුල්කොට ගෙනදෙසැම්බර් මාසයේ දී පැවැත්වේ. මෙහිදී සිංහල අලූත් අවුරුද්දේ මෙන්ම පලාපල විස්තර ද කියනු ලබයි. මේ දිනවලදී හින්¥න් අලූයම භජන් ගී ගායනා කරමින් පෙරහරුක් ගමන් කරයි. කෘෂිකර්මාන්තය හා බැදුණු මෙම උත්සවයේ දී අලත් සහල් දෙවියන්ට පූජා කරය.ි එමෙන්ම නිවෙස් වල මිදුලේ කෝලම් රටා ඇදීමත් කැපී පෙනෙන ලක්ෂණයකි. තවද පසු දින ගවයින් නාවා පිරිසිදු කර කෘතගුණ සලකන වස් පට්ටිප් පොංගල් සමරති. එහිදී හිරු දෙවියන් හා ඊශ්වර දෙවියන් පිදීම සිදු කරත .ි

ඉස්ලාම්
රාමසාන්
ඉස්ලාමිකයන්ට වැදගත් ම මාසය රාමලාන් මාසය යි. සිංහල දෙමළ ක‍්‍රමයට මෙන් ම ඔවුන්ටද මොහර්මේ සෆර් ආදී වශයෙන් මාස පවතින අතර එහිලා රාමලාන් මාසය ඉතා වැදගත් වේ. මෙය හජ්ජි උත්සවය ලෙසත් හදුන්වන අතර අල්ලාහ් දෙවියන් ඉස්ලාම් ධර්මය සහිත අල්කුරානය නබි නායක තුමන්ට ලබාදීම නිමිති කොටගෙන මෙය සැමරේ. එහිදී හජ්ජි උපවාසය ද වැදගත් ය මේ මාසයේ විශේෂ දිනයක් ලෙස ලයිලක්කුල් කදීර් දිනයේ දී එම ධර්මය දේශනා කර ඇති බව සැලකේ .




 ඒ අනුව ඉස්ලාම් භක්තිකයින් මෙම මාසය තුළ යම් වෘතයකට ඔවුන්ව යොමු කෙරේ.
කි‍්‍රස්ති‍්‍රයානි
ප‍්‍රධාන ම උත්සවය වන්නේ නත්තල යි. මෙය යේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උපත සසමරීම මුලික කොටගෙන පවත්වන උත්සවයකි. එහීදීත් වෙසක් උත්සවය සේම උන්මහන්සේගේ උපත ද මෙහි දී තොරණ් ආදියෙන් නිරූපණය කරය


 ලෝකයේ යුරෝපියානු රටවල සෑම වසරකම දෙසැම්බර් 24 වන දින නත්තල උත්සවශ‍්‍රීයෙන් සමරන අතර සාමයේ පණිවිඩය බෙදා හැරීම යන්න ද ඒ තුළ අර්ථවත් කර ඇත .
 මෙම මුලික ආගමික උත්සව වලට අමතරව
  •  අලූත් සහල් මංගල්‍යය
  •  කාර්තික මංගල්‍යය
  •  පෙරහැරවල් පැවත්වීම
 
                   වැනි උත්සව කෙරේ ද මෙහිලා අවධානය යොමු කළ හැක.

අලූත් සහල් මංලග්‍යය
     විශේෂයෙන්ම අලූත් සහල් මංලග්‍යය යන්න ගත් විට එය සෑම ආගමක ම යම් යම් වෙනස්කම් සහිතව වුව ද දැකගත හැක.
බෞද්ධයින් සේ ම හින්දු භක්තිකයින් ද මෙම උත්සවය සමරනු ලබයි අප අලූත් සහල් මංගල්‍යය ලෙස හදුුන්වන අතර ඔවුන් තෛපොංගල් ලෙස එය හදුන්වයි.
 බෞද්ධයින් බුදුන් හා දෙවියන් පිදීමක් මෙහිදී සිදු කරන අතර හින්¥න් දෙවියන් පිදීම හා මීට සමගාමීව ගවයින් ට කෘතගුණ සැලකීමකුත් කරයි.
 මෙහිදී පළමු අස්වැන්න ගෙන ඉතාමත් පිරිසිදුව කිරි උතුරවා සකසන කිරිබත් බුදුන්ට හා දෙවියන්ට පිදීම සිදු කරයි.
 මෙය සිංහල සංස්කෘතියට පැමිණ ඇත්තේ මිහිදු හිමියන් ලක්දිවට පැමිණීමෙන් ඇති වූ පුනර්ජීවනය හේතුකොටගෙනයි. ඒ අනුව පැරණි භාරතීය ගොවි සංස්කෘතියෙන් උරුම වූවකි.
 එය තහවුුරු වනුයේ හින්දුන් හා බෞද්ධයින් මෙහිදී කරනු ලබන වතාවත් සහ භාවිත කරන දේවල් මෙන් ම අවසාන අපේක්ෂාව සශ‍්‍රීකත්වය නැමති කාරණාව ෙවි.

හින්¥න්  පූජා කරනු ලබන දේවල්
මෙවැනි ම පූජා භාණ්ඩ හා පිළිවෙත් බෞද්ධයින් ද භාවිත කෙරේ. සෑම ආගමක ම දෙවියන් පිදීම හා සශ‍්‍රීකත්වය වැනි කාරණා මින් අපේක්ෂා කෙරේ. පරාර්ථකාමීත්වය,සංවරභාවය,කෘතගුණ සැලකීම,පරිත්‍යාගශීලිත්වය වැනි මානව විද්‍යාත්මක වටිනාකම් ද මෙයින් අර්ථවත් ෙවි.

කාර්තික මංගල්‍යය
 මෙය ඉල්මස පුන් පොහෝ දින පැවැත්වෙන පහන් පූජාවක් ලෙස මෙය හැදින්ෙවි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් ගේ ආගමික උත්සවයක් වශයෙන් ආරම්භ වූ මෙය බෞද්ධයින්ට උරුම වී ඇති අතර ආලෝක පූජාව මූලිකාංගය ෙවි. බ‍්‍රහ්ම, විෂ්ණු,, ශිවාදී දෙවිවරුන් වෙනුවෙන් මෙය සිදු කරනු ලැෙබි.
පෙරහැරවල්
ඒ ඒ ආගම් වල පෙරහැරවල් පැවැත්වීමත් දැකගත හැක. ඒවායින් මූලිකව ම දෙවියන් හා බුදුන් වන්දනාමාන කිරීමක් සිදු කෙරේ. මෙතුළ පැහැදිලිව ම අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනා ගත හැකි ය. විශේෂයෙන් ම සෑම බෞද්ධ සිද්ධස්ථානයක ම දේවාලයක් පවතින අතර පෙරහැවලදී ද මේ මිශ‍්‍රවීම දැකිය හැකිය.
  •  දළදා පෙරහැර
  •  කතරගම පෙරහැර
  •  තේරු
  •  කොවිල් මුල්කරගත් පෙරහැරවල්
  •  මඩු මංගල්‍යය පෙරහැර
               ආදී ලෙස සෑම ආගමකම පෙරහැරවල් පැවැත්වීම දැකගත හැක. මේ සෑම එකක් තුළම සමාන ලක්ෂණ මෙන් ම අන්තර් සංස්කෘතික ලක්ෂණ ද දැකගත හැකිය.
පොදුවේ ගත්කල මේ ආගමික උත්සව වල අන්තර් සංස්කෘතික ලක්ෂණ පහත පරිදි ගොනුකර ගත හැක. එනම්
 විශේෂයෙන් ම වෙසක් උත්සවය, නත්තල , දීපවාලී, හජ්ජි යනාදී උත්සව වල පහන් පත්තු කිරීම දන්සල් පැවැත්වීම දාන ශ‍්‍රමදාන පැවැත්වීම දැකගත හැකිය.
 තොරණ් ප‍්‍රදර්ශනය ඉන්දියානු ආභාෂයෙන් මෙරට ආගමික උත්සව වලට පැමිණ ඇති අතර වෙසක් ,පොසොන් උත්සව වලදී මෙන් ම නත්තල තුළදීත් දැකගත හැක.
 දන්සල් පැවැත්වීම ද සෑම ආගමක ම උත්සව වලට සමගාමීව සිදු කරන්නකි.
 සෑම උත්සවයක් ම ආලෝකය වන්දනාමාකන කිරීමක් මූලික කොටගෙන ගොඩනැගී තිබෙන අතර එය මේ සංස්කෘතීන් ට එක් වී තිබෙනුයේ ඉන්දීය ආභාෂයෙනි.
 අලූත් සහල් මංගල්‍යයේ දී බෞද්ධයින් කිරිබත් ලෙසත් හින්¥න් පොංගල් බත ලෙසත් ඒවා හදුන්වයි.
              පොදුවේ ගත්කල ලංකාව තුළ පවතින ආගමික උත්සව වලට දකුණු ඉන්දීය හා යුරෝපීය ආභාෂයක් ලැබී තිබෙන බවක් දැකගත හැක.එයට හේතුව වනුයේ
  •  මහින්දාගමනය
  •  දුමින්දාගමනය
  •  වරින් වර සිදු වූ සංක‍්‍රමණ හා ආක‍්‍රමණ
  •  ආවාහ විවාහ
       ආදියේ බලපෑම බව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී හදුනා ගත හැක.

සටහන-  බුද්ධිකා

No comments:

Post a Comment