Monday, June 29, 2015

ජමිලා සහ සාමා

ජමිලා සහ සාමා
දුහුල් සලුපට උනා අහසට
දෙතන සැරසෙයි පියෑඹීමට
හැකිවිනම් ඇගෙ සුව විදින්නට
පුලුළුකුල මත හිස තබාගෙන

පයට පාවඩ හිසට මුතුකුඩ
රාජපිළි ආභරණ
උනා නුඹ සොයා ගිය පෙම
අයිලයේ තණ පඳුරු මත
සොයා ගත්තෙමි තිරිඟු පැහැයෙන්

ඈත විහිදෙන තිරිඟු කමතට
අයිස් මිදෙනා කුර්කුරේරු නදියට
බොඳව ගිය චිත‍්‍රයක් විලසට
පත්ව ඇත නුඹේ ආලය

බලන් සැමා දනියර්ගේ පේ‍්‍රමය
ඇය කෙරේ පාට ගැන්වූ හැටි
සොරෙකු ළඟ සිඟා යදින්නට
සිතුවෙ ඇයි මැටි ගෙපළෙ හිඳගෙන

යදිස්ස ඉසි බින්න නුඹ වෙත
පැමිණ සෙව්ෙවි ජමිලා සතු පෙම
නොහැක නුඹ හැඳිනගත්තේ
ඔවුන් සතු වූ උත්තරීතර බව

මියුරු ශ්‍යාමක

No comments:

Post a Comment