Wednesday, July 8, 2015

කූඩු කිරිල්ලී

ජින් පී.සැසන්ගේThe Princess නැමති නවකතාව තුළ නිරූපිත ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව විමසා බැලීමක්.

ජින් පී. සැසන්ගේ The Princess නව කතාව චිත‍්‍රා අයි පෙරේරා විසින් කූඩු කිරිල්ලී නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. සෞදි අරාබියේ අල් සවුඩි රජ පෙළපතෙහි උපන් කුමරියකගේ ජිවිත කතාව පාදක කර ගනිමින් රචනා කර තිබෙන මෙම කෘතිය තුළ සමස්ත අරාබි කාන්තාවන්ගේ හා පුරුෂ ජිවිත වල යථාර්තය මනාව ගැබීවී ඇත. කුමරි නමින් හදුන්වන මෙම කතා නායිකාව හා ඇයගේ අවශේෂ චරිත වලින් තත්කාලීන සමාජය තුළ පුරුෂයා හා කාන්තාවගේ නියෝජනය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වේ. අරාබි කාන්තාවන්ගේ ජිවිතය හා පුරුෂයින් හමුවේ ඇය පීඩාවට ලක්වීම නිසා මෙම නව කතාව ස්ත‍්‍රීවාදී නවකතාවක් ලෙස ඇතමෙකුට තර්ක කළ හැක. නමුත් මේ නව කතාව මුලසිට අවසානය දක්වා මනාව විමසීමේ දී පැහැදිලි වන්නේ තත්කාලීන සෞදි අරාබිය තුළ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය මනාව මේ තුළින් විද්‍යමාන වන බවකි.
පුද්ගලයා තුළ ලිංගමය වශයෙන් පවතින ජීව විද්‍යාත්මක වෙනස පදනම් කරගෙන ස්ත‍්‍රී-පුරුෂ වශයෙන් වූ බෙදීම ස්ත‍්‍රී-පුරුෂභාවය යි.  නමුත් සමාජ සංස්කෘතික සාධක හමුවේ සමාජීය වශයෙන් කාන්තාව හා පුරුෂයා මෙයාකාර විය යුතුයැයි බෙදා ගැනීම් සිදුකරගෙන ඇත. කාන්තාව නම් සියුමැලිය, ඇයට කළ යුත්තේ දරුවන් වැදීම හා ආහාර පිසීම යි. පුරුෂයා නම් දැඩිය. ඔහු අඔුදරුවන් පෝෂණය කළ යුතු යැයි වැඩ පවරා ගැනීම් සිදු කර තිබේ. බොහෝ විට සමාජය අපේක්ෂා කරනුයේ පිරිමි දරු උපතකි. නමුත් එම දරුවා වුවද උපදිනුයේ කාන්තා කුසයකින් බව අමතකව ඇත. මෙම නව කතාව ආරම්භයේ දීම කාන්තාව සමාජය විසින් දෙවන ජංතියේ සාමාජිකයකු බවට පත් කර ඇත.  
”ජිවිතයේ මුල් සිව් වසර පිළිබඳව මතකයක් මා සිතෙහි නොරැුදේ. පුරුෂ ලිංගයක් රහිතව ඉපදීමේ පාපය නිසා මගේ ජන්ම භූමියේ දී මා කිසිම වැදගත්කමක් හෝ වටිනාකමක් නැති කෙල්ලක් බවට පත් වී ඇත.”
(පෙරවදන,2 පිට,පළමු ජේදය*
සමාජයේ බලවේගය වනුයේ පුරුෂයායි. පුරුෂ ලිංගයක් රහිතව ඉපදීමේ පාපය යන්න තුළ පිටතින් පෙනෙවාට වැඩි යමක් ගැබ්ව ඇත. කාන්තාවක ලෙස ඉපදීම පාපයකි. එනිසාම ඇය අරාබියේ වැදගත්කමක් නැති එකියක් යන්න  ආරම්භයේ ම දක්වා ඇත.
අරාබිය කියූ සැනින් මැද පෙරදිග කාන්තාවන්ගේ තත්වය පහත හෙලීමට මුස්ලිම් ආගම ඉවහල් වී ඇති යැයි සිතුවහොත් එය සාවද්‍ය වේ.
”පිරිමි කාන්තාවන් පාලනය කරයි. එහෙත් අගනුන් කෙරෙහි කාරුණික වීම,සාධාරණ වීම මහම්මත් තුමා අවධාරණය කරයි. ” මෙම ප‍්‍රකාශය පසුකාලීන ආගමික අන්තවාදීන් විසින් ඔවුන්ගේ වාසිය පිණිස සකසා ඇත. ඒ අනුව සෞදි අරාබියේ මිනිසුන් උපදින දරුවකුගේ වටිනාකම තක්සේරු කරන්නේ පුරුෂ ලිංගයක් ඇති නැති බව පාදක කොටගෙනයි.
”ගැහැණුන්ට ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමට අයිතියක් නැත.එය ලබා ගත යුත්තේ තමන් පමණක් බව පිරිමින්ගේ මතය යි.....පිරිමි දරුවා කුඩා කල පටන් ම පුරුෂාධිපත්‍යය පිළිබඳ හැගීම් සමගින් වැඬේ. වටිනාකමින් අඩු ගැහැණුන් ජීවත් වන්නේ පුරුෂයින්ගේ සුව පහසුව සඳහා පමණක් බව ඔහු විශ්වාස කරයි. පියා විසින් මවට හා සහෝදරියන්ට කරන වෙනස්කම් අනුව ඒ ආදර්ශය ඔහු ජිවිතය පුරාම ගෙන යයි......කාන්තාව වහලියකි. ඔහු ස්වාමියා ය. ඒ නිසා ගැහැණිය තමාගේ පුද්ගලික දේපලක් විනා තම සහකාරිය ලෙස ඔහු කිසිවිටෙකත් නොපෙළඹේ.  ”
(පෙරවදන7-8 පිට*
මේ තුළ කාන්තාවට තම සමාජ තත්වය පැහැදිලිවම අහිමි කර ඇත. නමුත් මින් කියැවෙන තවත් අර්ථයක් ද ඇත. පුරුෂයා එසේ විය යුතු යැයි උපතේ සිටම යම් කාර්ය පැවරුමකට යටත් කර තිබේ. ඔහුට කිසිදු විටෙක පෙම්වතියකට ආදරය කිරීමට කාන්තා යෙහෙළියන් හා සුහදව සිටීමට අවස්ථාවක් නැත උපතේදීම කාන්තාව නම් වහලියක් ඔහු ස්වාමියා ය යන රාමුව තුළ සීමා කරමින් පුරුෂයා ද සීමාවීමකට නතුකර ඇති බවක් පෙනේ.
නවකතාව ආරම්භ වන්නේ ම කුමරි නැමති කතා නායිකාව හා ඇගේ සහෝදරයා වන අලි නැමති තරුණයා අතර ළමා වියේ ඇතිවන ගැටුමකිනි. එම රණ්ඩුවේදී අවසානයේ ඇය සත්‍ය හෙළි කළද පියා තම පුතුට පමණක් ඇහුම්කම් දෙමින් ඇයට පුරුෂාධිපත්‍යයට යටත් විය යුතු බව පසක් කළේය .සමස්ත නවකතාව පුරා ඇයගේ පියා තම දරුවන් සම්බන්ධව කටයුතු කරන්නේ පුරුෂාධිපත්‍ය හිස මත තබා ගෙනය. අලි පවුලේ එකම පිරිමි ළමයා වුවත් දියණියන් සියලූ දෙනා අභිබවා ගිය බලයක් ආධිපත්‍යයක් ඔුහට තම පියාගෙන්ම හිමි වේ. කුමරිගේ පියා කිසිඳු විටෙක  තම දියණියන්ට නිදහසක් ලබා නොදුන් බව පැහැදිලිව පෙනෙන්නකි.
”අපගේ දේශයෙහි ගැහැණියට බුද්ධිය ශාපයකි.ඒ බුද්ධිය වෙහෙසා ගත යුතු මෙහෙවරක් ඇය වෙත නොපැවරේ.”
(25 පිට*
සාරා නැමති බාල සහෝදරිය බුද්ධියෙන් හා දැනුමෙන් මෙන් ම ඉතාමත් රූමත් නිසාම ඇයට පියාගෙන් අගය කිරීම් වෙනුවට ලැබෙන්නේ දඩුවමකි. එනම් පියාගේ ද වයස ඉක්ම වූ හැට දෙවෙනි වියේ පසුවන මහලූ ධනවත් සිටුවරයකුට තම දියණිය විවාහ කර දීමට යාමයි. ඒ දියණියගේ යහපත නොව ඔහුගේ වෙළඳ වාසි අත්කර ගැනීමටයි. කාන්තාවට විවාහයේ දී තමා කැමති අයෙක් හා විවාහ වීමට අයිතියක් නැත. සාරා කෙතෙක් උත්සාහ දැරුවද පියාගේ ආධිපත්‍යට නතු වීමට සිදුවනවා පමණක් නොව ඇයව නිවස තුළම හිංසනයට ලක් වේ.
”විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිය මංගල දිනයේ දී තමා අවමානයට පත් කරතැයි සිතූ තාත්තා රජ පවුලට වෙදකම් කරන පකිස්ථාන් වෛද්‍යවරුන් ලවා අක්කාට බෙහෙතක් එන්නත් කරවා ඇත. ”
(31 පිට තුන්වන පරිචි*
මෙතුළ පැහැදිලිව ඇය කායිකව මෙන් ම මානසිකය හිංසනයට ලක් කර ඇත. විශේෂයෙන් ම බලහත්කාරයෙන් විවාහ කිරීමට වඩා ඇයට ශක්තිය හීන කිරීමට පියා එන්නතක් වීදීමට සැලැස්වීම නැමති කාරණාව ගත් විට කාන්තාව වූ පමණින්ම ඇයට යටපත් කරන ආකාරය ශෝචනීය වූවකි.
විවාහයක් යනු එකිනෙකා සතුටු සම්භාෂණයේ යෙදෙන අවස්ථාවකි. සෞදි අරාබියේ කාන්තාවන්ට හා පුරුෂයින්ට එකම උත්සය අවස්ථාවකට සහභාගී වීඹ තහනම් වූවකි. ඒ නිදිහස කාන්තා පුරුෂ දෙපාරශවයටම අහිමි වූවකි.
”ගැහැණුන්ගේ සාදය මැදට ඒමට අවසරය ඇත්තේ මනමාලයාට,ඔහුගේ පියාට හා ආගමික වතාවත් කරන පූජකයාට පමණකි..........”
(33 පිට*
කාන්තාවන් පිරිමින් යැයි වෙන්කර තබමින් එකිනෙකාගේ ස්වාධීනත්වය යටපත් කිරීමට මෙම සමාජය උත්සාහ දරා ඇති බව පෙනේ. එලෙස සාරා බලෙන් විවාහ කර දී අවසානයේ ඇය දික් කසාදය අපේක්ෂා කරන අවස්ථාවේදීත් ඇයගේ පියා කාන්තාවට වරද පටවා පුරුෂාධිපත්‍ය නැවත වරක් තහවුරු කරයි.
”ඇයගේ සැමියා විකෘති කාමාශවන්ගෙන් පෙළෙන්නකි.ඔහුගේ ලිංගික අතවර ඉවසනුවාට වඩා මරණය යෙහෙකි බව අක්කා පවසා සිටියාය.අක්කාගේ විස්තරය තාත්තා පවා නොසන්සුන් කරවීමට සමත් වූවද බිරිඳ අයත් වන්නේ සැමියාට බව ඔහුගේ පිළීගැනීම විය.”
(43 පිට*
සාරාගේ හිතුවක්කාරකම් නිසා ඒ මිනිසා එසේ කරන්නට ඇතැයි පියා දියණියට දොස් පවරයි.පියා නැවත දියණිය සැමියා වෙත යැවීමට සූදානම් වන විට මව ඊට විරුද්ධ වන විටම පියා එය යටපත් කිරීමට උත්සාහ දරන්නේ මෙසේය.
”ඒ වල් සතා ගාවට මගේ දුව ආයෙමත් යැව්වොත් මම රජ්ජුරුවන්ටයි ආගමික මණ්ඩලයටයි දන්වලා පෙත්සමක් යවනවා.අම්මා කීවාය”
”ඒ වගේ දුරකට මේ කතාව යැව්වොත් මම උඹව දික්කසාද කරනවා,තාත්තා තර්ජනය කළේය.”
කාන්තාවන්ට කිසිඳු විටෙක තම අවශ්‍යතා වෙනුවෙන් නැගී සිටීමට අසාධාරණයක් පෙන්වා දීමට හඩ නැගිය නොහැක. දික්කසාදය වුවද ඉල්ලීමේ දී ආගමික මණ්ඩලය පවා
”ඔබගේ යහපත වෙනුවෙන් අල්ලා මැවූ දෙයට ඔබ අකමැති ඇයි කියමින් ආගමික මණ්ඩලය සාරාට සැමියා සමගින් ජීවත් වීමට බල කරනු ඇත.”
(44 පිට*
එලෙස සමස්ත සමාජය ක‍්‍රියාත්මක වනුයේ පුරුෂ දෘෂ්ටියකිනි.
”මැදපෙරදිග මිනිස්සු කිසි දිනෙක වරද කරුවෝ නොවෙති. මිනිසා සිය බිරිඳ මරා දැමුවද රජය සැමියා වෙනුවෙන් සාධාරණ හේතු ඉදිරිපත් කරන්නේ ප‍්‍රශ්නයක් නොනගමිනි.”
(48 පිට*
ඉන් සමාජයේ නීතිය සාධාරණත්වය තීරණය කිරීමේ බලය සමස්ත පුරුෂ පාර්ශවය වෙත ලබා දී ඇති බවක් පෙනේ. සමාජය ගත්විට එතුළ ස්ත‍්‍රී-පුරුෂ දෙපාර්ශවයේ ම නියෝජනයක් එතුළ විය යුතු ය. කුමරිගේ පියා සෑම විටම කටයුතු කරන්නේ කාන්තාව පුරුෂයාගේ වහලියක් යැයි සිතාය.
”ගැහැණු කියන්නේ මිනිස්සුන්ට ශාපයක්”
(48 පිට*
යැයි වරෙක ඔහු සඳහන් කරයි. නමුත් ඔහුට බිරින්දැවරුන් හතර දෙනෙකුගෙන් දියණියන් පමණක් විසි දෙකක් සිටි. මේ සියල්ලන් කෙරෙහි ඔහු දැක්වූයේ යහපත් ආකල්බයක් නොවේ. ඔහු නිරතුරුවම අලි ඒ සියල්ලන්ට වඩා අගය කරමින් ආදරය කිරීම කැපී පෙනෙන්නකි. බිරිඳගෙන් දරුවන් බලාපොරොත්තු වන්නේ පිරිමි දරුවන් ය. කාන්තාවක් උපත ලැබුන විට බිරිඳට නොයෙක් බාධක හා ගැටලූ වලට මූණ දීමට සිදු වේ.
මෙම නවකතාව තුළ හිතුවක්කාර චරිතයක් ලෙස කුමරිගේ චරිතය දිගහැරෙයි. කුඩා කල සිටම සිය පියාගේ ආදරය අවධානය අලි නැමති සොහොයුරාට ලැබීමත් සමග ඇය ඔහුට වෛර කිරීමට පෙළඹේ. එහිදී සමස්ත කාන්තා භාවය මෙම සමාජය තුළ පහත් මට්ටමකින් නිරූපනය වන ආකාරය ඇය අලි හා තම පියාගේ ක‍්‍රියාකලාපය තුළින් මනාව හඳුනා ගනී. එනිසාම ඇය නිරතුරුවම අයියාගේ වරදක් පියාට හසුකර දීමට වෙහෙසේ. එසේ කිරීමෙන් ඇය බලාපොරොත්තු වන්නේ සුලූ සිදුවීමකින් හෝ පුරුෂකේන්ද්‍රීය සමාජයට පහරක් එල්ල කිරීමටයි. එවන් අවස්ථාවක් ලෙස තද සොහොයුරාගේ කාමරයට හොරෙන් ඇතුලූ වී වැරදි අල්ලා ඒවා පල්ලියේ ගොස් තැබීමේ සිදුවීම කැපීපෙනෙන අවස්ථාවකි. ඇය එය සිදුකරන්නේ ඉතා ධෛර්ය සම්පන්න කාන්තාවක ලෙසිනි.
”මම අයියාගේ කාමරයට ගොස් ඔහුගේ සැගවූ රහස් වස්තූන් අතට ගත්තෙමි. අපගේ ආගමෙන් හා අපගේ දේශයේ නීති පද්ධතියෙන් තහනම් කළ දැ ඒ අතර විය. .......... අයියා ළග සගවා ඇති ප්ලේබෝයි,පේන්ට් හවුස් වැනි සගරා ඔහුගේ කාමරයට ගොස් මම විටින් විට පෙරලා බලන්නෙමි.”
(50 පිට*
ආගමෙන් හා රටින් මේවා තහනම් කර ඇති නිසාම ඇය මේවා රැුගෙන පල්ලියට ගොස් ඒවා එහි තබන්නේ සුක්ෂම ලෙසිනි. ඔවුන්ගේ ආගම අනුව කාන්තාවනට පල්ලියට යෑම තහනම් ය. නමුත් ඇය මේ අවස්ථාවේ ඒ අභියෝගය සුක්ෂමව ජය ගෙන අදාළ කාර්යය ඉටු කරයි. කාන්තාව නම් සියුමැලිය. යන සමාජ නිර්මිතය ඇය බිද දමා එඩිතරව තම සහෝදරයාට එරෙහිව නිහඩ සටනක යෙදෙයි.
අලි සෑම විටම තම සහෝදරියන්ගේ කාන්තාභාවය අවමානයට ලක් කළේය. ඔවුන්ට නිරතුරුව නීති ඣීමිය. නමුත් ඔහු සෑම විටම කාන්තාව තමන්ගේ වහලූන් බව සිතා කටයුතු කළේය. එක් අවස්ථාවක විදේශ සංචාරයකදී අලි හා ඔහුගේ මිතුරකු වන හාඞ් ගැහැණු ළමයකු ¥ෂණය කිරීමේ සිදුවීම තුළ උක්ත සාධකය මනාව තහවුරු වේ.
”යහන් ගැබෙහි දුටු දර්ශනයෙන් අපි ගල් ගැසුනෙමු. අලි දැරියක අල්ලාගෙන සිටියදී හාඩි ඇය ¥ෂණය කකරයි. දැරියගේ වයස අවුරුදු අටකට වඩා නොමැත. වැගිරෙන රුධිරයෙන් දැරිය නැහැවී ඇත. ඔවුන් දෙදෙනාම සිනාසෙමින් සිටිති.”
(67 පිට*
කාන්තාව පුරුෂයා ඉදිරියේ කොතෙක් නම් අසරණබවට පත් වෙනවාද. විශේෂයෙන් ම කෙනෙකු ඇයව ¥ෂණය කරද්දී තවකෙකු ඇයව අල්ලා ගෙන බලා සිටිමින් සතුටු වේ. ඇයව මියගියද ඔවුනට ගැටලූවක් නොමැත. අනික් කරුණ වන්නේ මෙවන් කරදරයක් වී නීතියේ සරණ පැතුවද සෞදි සමාජය තුළ කිසිසේත් කාන්තාවට සාධාරණයක් ඉටු වන්නේ නැත. මෙතුළ අසාධාරණයට වඩා මනුෂ්‍යත්වය නැමති කාරණාව පිළිබද නැවත වරක් සිතා බැලිය යුතු වේ.
මේ අවස්ථාවේ දී සහෝදරයාගේ ක‍්‍රියාව සම්බන්ධයෙන් කථා නායිකාව මෙසේ පවසයි. ”ගැහැණුන් මිලයට ගන්නා ඔහු ඔවුන්ගේ චර්යාවන් හෙළා දකි. ඔහු කාන්තාවන්ට ආශක්තය. එහෙත් තමන්ට අවශ්‍ය දේ කිරීමට ගැහැණුන්ට ඇති නිදහසට ඔහු ද්වේශ කරයි. ඔහුගේ ආත්ම වංචාව තුළින් මා දුටුවේ මිනිසුන්ගේ කෲර චින්තනය යි.”
(70 පිට*
පුරුෂයා නම් කාන්තාවට කිසි විටෙක ඇහුම්කම් නොදෙන තමාගේ අවශ්‍යතාවන් පමණක් පූරණය කර ගන්නෙක් බව මේ කෘතිය තුළ නිරතුරුවම උලූප්පා ඇති බවක් පෙනේ.
”නිර්දය හා හැගීම් රහිත ලෙස මිනිස්සු කාන්තා ජීවිත විනාශ කරති. කාන්තා සිහින බිද දමති. නාඩියාගේ මරණය හා වෆාගේ ඉක්මන් විවාහය මේ හැම දෙයටම බලපෑවේ මිනිසුන්ගේ කෲරත්වය යි”
(97 පිට*
කාන්තාවට ආගමික ,සමාජීය හෝ සංස්කෘතිකමය වශයෙන් කිසිඳු නිදහසක් නොලැබේ. ඒ නිසාම අරාබි කාන්තාවන් වෙනත් අනිසි මාර්ගවලින් වහා වරදේ බැදේ.
”කාන්තා නිදහස සීමා වීම නිසා තමාගේ හැගීම් පාලනය කරගත නොහැකි වූ මගේ මිතුරියන් වැනි තවත් යුවතියෝ මෙවැනි හැසිරීම් වලට පෙළඹෙති. ඔවුන්ගේ ක‍්‍රියා ලොවට අනාවරණය වුවහොත් මරණය සහතිකය”
(93 පිට*
කාන්තාව තම සෑම විටම පවුලේ සිට සමාජයේ සෑම තැනකදීම සිරකරුවෙකු සේ සීමාවන්ට යටත් කර තිෙබි. කතුවරිය නිරන්තරයෙන් එම සාධකය මෙම නවකතාව පුරාවටම ගෙනහැර පායි.
”ලෝකයේ මිනිසුන් සැලකිලිමත් වන්නේ ඔවුන් පිළිබඳව පමණි. ගැහැණු අපි ඔවුන්ගේ වහලියෝ වෙමු. සිරගතවී සිටින සිර මැදිරි වලින් මිදී මුදුනට නැගීමට අපට නොහැක. පුරුෂයෝ ඔවුන්ගේ විශිෂ්වත්වය පිළිබඳ අප‍්‍රියජනක රෝගයකට අතීතයේ සිටම ගොදුරු වී ඇත. රෝග නියාරණයක් නොමැතිව එය පරපුරෙන් පරපුරට පැවත ඒ. මේ සුවකළ නොහැකි රෝගයේ රෝගකාරකයා පිරිමියා වන අතර එහි නපුරු ප‍්‍රතිඵලයට බිලිවන්නේ ගැහැණුන් වන අපය.”
ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය නැමති කාරණාවේ දී ගැහැණියක් වීම තුළ හිමිවන රැුකියා සහ පුරුෂයින්ට අදාළ රැුකියා ලෙස සෑම සමාජයකම පාහේ බෙදා වෙන් කර ගැනීමක් සිදඅ කර ඇත. මෙහිදී ද එම කරුණ මනාව හදුනාගත හැකිය. කාන්තාව නම් ගෙදරට වී දරුවන් හැදීම කළ යුතු ය. පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා සන්තර්පණය කරන්නිය ඇය යි. අධ්‍යාපනය ලැබීම කුරානය කිය වීමට හැකි වීම පමණි.
”සෞදියේ කිසිඳු කාන්තාවක් මෙතෙක් ඉංජිනේරු උපාධිය ලබා නැත. කාන්තාවන්ට යෝග්‍ය රැුකියා නම් කොට ඇත. ළමා රෝග විශේෂඥයෝ,ගුරුවරියෝ හා ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් නියැලූණු සමාජ සේවිකාවෝ ඒ අතර වූහ.”
(219 පිට*
සෞදි කාන්තාවකට කිසිම විවෙක පිරිමි ගුරුවරයෙකුගෙන් ඉගෙනීමට අවස්ථාවක් නැත. පුරුෂයින් විදේශ අධයාපනය පවා ලබයි. කාන්තාව දැනගතයුත්තේ කුරානය යම් පමණකට කියවීමට පමණි. ඇය තම පියාගෙන්, සැමියාගෙන් මෙන් ම තම පිරිමි දරුවන්ගේ පආධිපත්‍යයට යටත්ව සීමා සහිත ජිවිතයක් ගෙවන ආකාරය මේ නවකතාව තුළ මනාව නිරූපිතය. උපතේ සිටම කාන්තාව හා පුරුෂයා මෙසේ විය යුතුය, මෙසේ වැඩ කල යුත- ය. යැයි විවිධ බෙදීම් මත පදනම්ව කටයුතු කරන බවක් පෙනේ. විටෙක කුරානය හයම් හස්තයක් කරගෙන එය සිදු කරයි. කුරානයේ නීති පසුකාලීනව පුරුෂයින් විසින් නිර්මාණය කර ඇති බැවින් එතුල කාන්තාව දැඩි පීඩනයකට ලක් කරනු ලැබේ. ආගමික වශයෙන් පමණක් නොව සමාජ, සංස්කෘතික,අධ්‍යාපන අංශ වලින් ද එය තදබලව සිදු වේ. අඩුම තරමේ තමාගේ ජිවිතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය නිදහස පවා ඒ තුළ අභියෝගයකට ලක් කර තිබේ. සමස්ත නවකතාව ගෙන බැලීමේ දී පෙනී යන්නේ කාන්තාව හා පුරුෂයා වෙන් වෙන් වශයෙන් බෙදීමට ලක් කර සමාජ ජිවිතයේ අනෙකුත් කාරණා ද ඒ තුළ අභියෝගයට ලක් කර තිබෙන බවකි. සෞදි කුමරිගේ ජීවිත කතාව ලෙස නියැවුණ මෙම නව කතාවෙන් කාන්තා ජිවිත වල හරස්කඩක් හා පුරුෂ ජීවිත වල යථාරථය මනාව කතුවරිය ගොනු කිරීමට දක්වා ඇති උත්සාහය අගය කළ යුතු ය.
buddhi

No comments:

Post a Comment