Sunday, May 24, 2015

ලෙනින්ගේ ආදරවන්තිය කවුද?

කොමියුනිසිට් වාදයේ පියා යැයි සැලකෙන විලිදිමිර් ලෙනින්ගේ පෙම්වතිය ලිලිකින්ස් නම් තරුණිය බව ශතවර්ෂයකට කාලයකට පසුව හෙළිව ඇත. අපොල්නෙරියා යකුබෝවා ඔහුගේ පේ‍්‍රමවන්තිය යන්න පසක් වූයේ ලෙනින් විසින් ඇයට ලියූ ආදර හසුනක් හමුවීමත් සමගයි. මේ තරුණියගේ රුව අභිරහසක්ව පැවතියත් මෙම හසුන් සමග එය පසක් විය.
ලෙනින්ගේ ආදරවන්තිය දුටුවන් මන බඳින දෙනෙතක් හිමිව තිබීම නිසාම ඔවුන්ගේ කොමියුනිසිට් කණ්ඩායමෙන් සගවා මේ සම්බන්ධතාව පවත්වා ගෙන යාම අපහසු වූවත් එය එසේ කිරීමට තරම් ලෙනින් සමත් විය. පසුකාලීනව රුසියානු ඉතිහාසඥයින් විසින් සම්පූර්ණ විස්තර සහිතව මේ කාන්තාව පිළිිිිබඳව තොරතුරු විමසීමට උත්සුක වූහ. ලන්ඩනයේ මේරී ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ රුසියානු ඉතිහාසඥයකු වන ආචාර්ය රොබට් හැන්ඩර්සන් විසින් රුසියාව ෆෙඩරල රාජ්‍යයක් සඳහා වූ කලූ සුදු අරගලය පිළිබඳව කළ පර්යේෂණය අළලා කළ විප්ලවය හා ලෙනින් යන ප‍්‍රකාශයට පත් වීමට නියමිත කෘතියේ දී ඇය පිළිබඳව විමසීමක් කර තිබේ.
සක‍්‍රීයව දේශපාලන ක‍්‍රියාකාරකම් වල නියලීම හේතු කොටගෙන මේ තරුණ යකුබොවා සයිබීරියානු සිරකඳවුරක සිරගතකළ අවස්ථාවේ දී ඇයගේ රුව සහිත කුඩා කොළ කැබලි කිපයක් හමු වී ඇත.
මෙම ලිපි අධ්‍යයනය කළ ආචාර්ය හැන්ඩර්සන් ලියුම් කීපය  ගෙන පෙන්වා දී  ඇත්තේ ලෙනින් මුලදී ලිරොච්කා ලෙස ඇයට අමතා පසුව ඇයව කුබොච්කා යන නාමයෙන් හඳුන්වා ඇති බවයි. හැන්ඩර්සන් පවසන්නේ මේවා පරිවර්තනය කිරීම අපහසු වූ බවයි. කෙසේ හෝ ඔහු කුබොච්කා යනු යකුබොවා යන්නත් කෙටි කර යෙ¥ නම බවත් ලිරොච්කා යනු අපොල්නෙරියා යන්න කෙට් කර යෙ¥ නාමය වන්නට ඇති බවත් ය. ඇයගේ පියා පූජකවරයෙකි. ඔහු ද සයිබීරියානු සිරකඳවුරක සිට මීටර 7000 පමණ දුරින් යුතු ලන්ඩනය වෙත පැනගොස් එම මතවාදය බෙදා හැරීමට කටයුතු කළ අයෙකි. හැන්ඩර්සන් ලියා සිටින්නේ ඇයට කිසිඳු විටෙක යටත් නොවන ස්ථීර අප‍්‍රමාණ ධෙර්යයකින් යුතු ශක්තියක් තිබී ඇති බවයි. ඒ බව ඇයට නායකයාගෙන් ලැබුූන විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමෙන් ම පැහැදිලි වේ.
මේ ලිපි පිළිබඳ ශාස්ත‍්‍රීය අධ්‍යයනයේ දී පැහැදිලි වූ තවත් කරුණක් වූයේ ඇයට අපහාස කිරීමට ලෙනින්ගේ බිරිඳ කටයුතු කළ බවයි. ඒ අනුව මෙය තුන්කොන් ආදර කතාවක් විය.
කෙසේ හෝ යකුබොවා තුළ ඉතා උතුම් ගුණාංග පැවතිණි. මනහර ආකර්ෂණීය භාවයක් ඇය සතු විය. හැන්ඩර්සන් ප‍්‍රකාශ කර ඇත්තේ ”ඇය අපූර්ව කාන්තාවක්. බුද්ධිමත් ස්ථීර නිතර සත්‍යවාදී ගුණයෙන් යුක්ත කෙනෙකි. කපටිකමේ ජායා මාත‍්‍රයකුදු ඇය සතු නොවී ය. විනිවිද පෙනෙන පිරිසිදු ස්වභාවික ලක්ෂණයන්ගෙන් යුතු ඇය උපරිම කැපවීමක් සහිත කාන්තාවකි. එක්සත් මණ්ඩලය සමග ඇතිකර ගත් ගිවිසුමට ඇය අත්තිවාරම සැපයූ අතර ඇය ඉතා ක‍්‍රියාශීලීව ළැඳිව තටයුතු කළ කෙනෙකි. පළල් උරහිසක් සහිත තඔ පැහැති කෙටි කෙස් කළඔක් හිමි ඇයට දීප්තිමත් සමක් ද තිබුන නිසා ඇය සුන්දරත්වයේ ප‍්‍රතිමූර්තියක් සේය. අපි ඇයව කාලවර්ණිකයින්ගේ ආදිතම බලවේගය ලෙස හඳුන්වමු” ලෙස ඔහු පවසයි.
මේ දෙදෙනාගේ ආදරය බිදී යාමට කොමියුනිස්ට් මතවාදී කණ්ඩායම හේතුවක් වී තිබේ. මේත් සමගම ඇය කෙතරම් ශක්තිමත් කාන්තාවක් වුනත් මානසිකව දුර්වල තත්වයට පත් විය. ඉන්පසු ඇය ගැන කිසිඳු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නෑ. නමුත් 1913- 1917 අතර කාලය තුළ ඇය මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා. ඇගේ සැමියා කොන්තනීස් තකටරෙව් 1924 දී එක් අවස්ථාවක කියා තිබෙන්නේ ”ඇය පරාර්ථකාමී උදාර අදහස් ඇති කම්කරුවන්ගේ විමුක්තිය වෙනුවෙන් තම ජිවිතය කැප කළ කෙනෙක් ” ලෙයසි.
ආචාර්ය හැන්ඩර්සන් පවසන ආකාරයට ”රුසියානු විප්ලවයේ දී යකුබොවා වැනි බොහෝ දෙනෙක්ගේ නම් ඉතිහාසය තුළින් මැකී ගොස් තිබුන ද ඔවුන් විසින් සිදුකළ කාර්යභාරය අමතක කළ යුතු නෑ.”
                                                                             
                                                                        බුද්ධිකා 

music can maintain our feelings ....