Friday, July 3, 2015

වැරදි අයුරින් යොදා ගතහොත් රූපවාහිනිය ළමා පරපුර විනාශ කරයි


නුතන මානව සමාජයේ යෙදවුම් කාරකය මෙන් ම මෙහෙයුම් බලවේගය වනුයේ ජන මාධ්‍යය හා නව මාධ්‍යයන් ය.වැඩිහිටියන්ගේ මෙන් ම ළමයාගේ ද සිතුම්-පැතුම්,හැසිරීම්,ආහාර,විලාසිතා ආදී සියළු අවශ්‍යතා තීරණය කරනුයේ මෙම මාධ්‍යයන් මඟිනි.ඒ අනුව මීට ප‍්‍රථම පැවති පේ‍්‍රක්ෂක සමාජය ක‍්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බවට පත් කිරීමට ඒවාට හැකිවී ඇත.වෙළඳ දැන්වීම් එහිලා ප‍්‍රමුඛතම තීරකයා වන හෙයින් ළමයින් විෂයෙහි එහි බලපෑම විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි. වෙළඳ දැන්වීම් තුළින් වර්තමානයේ සමාජයට කරන අහිතකර තත්වය හමුෙවි ඊට විසදුම් සෙවීම පවා අපහසුය.
පුද්ගල සමාජ සංවිධානය තුළ ”ළමයා” යනු ඉතාමත් වැදගත් මෙන්ම කාගේත් අවධානයට ලක් වන්නාවූ පිරිසකි.ජීව විද්‍යාත්මක සත්වයකු වන මිනිසා පූර්ණ පුද්ගලයෙකු වීමට පෙර ගත කරන අවධිය ළමා අවධිය යි.පුද්ගල මානසික හා කායික සංවර්ධනයේ ද මූලික අඩිතාලම,පදනම ගොඩනැගෙනුයේ ළමා අවධියෙනි.ළමයා වර්ධනය සිදුවීමේදී කායික සංවර්ධනය මෙන් ම මානසික සංවර්ධනය යන දෙඅංශයම අනොන්‍ය ලෙස සහසම්බන්ධව ඉදිරියට ගමන් කරනු පෙනේ.
සිග්මන් ෆ්‍රොයිඞ් ඔහුගේ පෞරුෂය පිළිබඳ ඉගැන්වීම් තුළ වයස අවුරුදු 6-12 කාලය ඉතා තීරණාත්මක අවධිය වශයෙන් පෙන්වා දී ඇත. ළමා කායික හා මානසික පරිණත වීම ප‍්‍රබලවම සිදු වන අවධිය ද මෙය වන නිසා ම ළමුන් නව අත්හදා බැලීම්,අනුකරණය කිරීම ,තමා පිළිබඳ අතිශෝක්තියෙන් පසුවීම හා යමකට ඇබ්බැහි වීම ආදිය සුලභ ලක්ෂණයෝ ය.
කැතරින් රීඞී ෙබිකර් හා ෂෙනියා එම්.ජේ ගේ ”තරුණ ළමයින්ට මඟ පෙන්වීම හා තේරුම් ගැනීම ” නැමති කෘතිය තුළ,
ළමයා යනු ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා නමුත් සියල්ල දැනගත යුතුව සිටින  පුද්ගලයා ය
ලෙස දක්වා තිෙබි.
රූපවාහිනිය රටක ජන විඥානය පෝෂණය කරන ප‍්‍රබලතම ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය යි.නූතනය තුළ අනාගත පරම්පරාවේ විද්්‍යුත් ගුරුවරයා බවට පත්ව ඇත්තේ ද මෙම මාධ්‍යය යි.එතුළ වෙළඳ දැන්වීම් යනු මුළුමනින් ම ආර්ථික දේහය හා බැඳි සක‍්‍රීය මෙන් ම තරඟකාරී අංශය යි. .කෙසේ හෝ පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙළඳ දැන්වීම් වලට වහල් වෙමින් මානසික අල්ලස් භුක්ති විදිමින් ඒවායෙහි ගොදුරු බවට පත් .එහිදී අදාළ නිෂ්පාදනය හෝ සන්නාමය සමාජගත කරනු වස් පුද්ගල මනසට කරනු ලබන බලපෑම ඉතාමත් ප‍්‍රබලය. මෙම වෙළඳ දැන්වීම් ආකර්ෂණීය වර්ණ,විවිධ හැඩතල සහ දර්ශනීය පසුතල උපයෝගී කර ගන්නා අතරතුරදී ම මානව සංවේදනාවන්හි දුර්වලතා මනාව හදුනාගෙන එම නිෂ්පාදකයින් ඔවුන්ගේ වාණිජ ඉලක්ක සපුරා ගනී.එහිලා ඉලක්ක ගත ප‍්‍රජාව වනුයේ ළමයින් වීම ද විශේෂතාවකි.
ළමයාට රූපවාහිනී වෙළඳ දැන්වීම් මඟින් කරනු ලබන බලපෑම හිතකර මෙන් ම අහිතකරව ද බලපායි.නූතනයේ දී මෙම ජන මාධ්‍යය ක්ෂේත‍්‍රය මනුෂ්‍යයාගේ ශුද්‍ර අංශුව දක්වාම ව්‍යාප්තව පවති.මීට දශක දෙක තුනකට ප‍්‍රථම දරුවන් ලෝකය දෘෂ්ටියට නතු කර ගත්තේ තම මවගේ දෑසින් වුව ද වත්මන තුළ දරුවාගේ දෙවන උපත සිදු වන්නේ මෙම ජන මාධ්‍යය ආශ‍්‍රයෙනි.එනිසාම ළමයා හා මාධ්‍යය අතර පවතින්නේ ඉතාමත් සමීප සම්බන්ධතාවයකි.පොදුවේ මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම් ළමයාගේ ,
හැසිරීම්
ආකල්ප
පෝෂණය
      කෙරේ ප‍්‍රබලවම බලපෑමක් එල්ල කරනු ලබයි.ළමයා යනු අනුකරණශීලී අයෙක් නිසා රූපවාහිනි වෙළඳ දැන්වීම් මඟින් ඍජු බලපෑමක් එල්ල වන හෙයින් ළමයා නිතැතින්ම ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණයන්ට ද වහල් වන බවක් පෙනේ.ආචාර්ය එඞ්වඞ් ජෝන් කර්නල් ප‍්‍රකාශ කරන අන්දමට,
වැරදි අයුරින් යොදා ගතහොත් රූපවාහිනිය ළමා පරපුර විනාශ කරයි
                                                              වශයෙන් දක්වා ඇත.
සැබවින්ම ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණ වලට අවනතව අද වන විට දරුවා තම ආහාරපාන,ඇªම්-පැළදුම් ආදී සියල්ල තීරණය කරන්නේ මෙම වෙළඳ දැන්වීම් මඟිනි.
රූපවාහිනී ආහාර වෙළඳ දැන්වීම් හේතුවෙන් ලොව පුරා දරුවන් සීනි අධික හා පිටි සහිත ආහාර වලට ඇබ්බැහි වී තිබෙන බවත් ඒ හේතුවෙන් දියවැඩියාව,තරබාරුකම රෝග වලට දරුවන් විශාල වශයෙන් ගොදුරුව ඇති බවත් සමීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇත.පුද්ගලයාට තම කුඩා කළ තුළ දී යමකට ඇතිවන කැමැත්ත මියයන තෙක්ම වුවද පැවතිය හැකි බව මනෝ විද්‍යාඥයින්ගේ අදහසයි.
ලොව පෝෂණ විශ්ලේශණයට අනුව වෙළඳ වෙළඳ දැන්වීම් හරහා ප‍්‍රචාරය වන ළමා නිෂ්පාදන තුළින් කුඩා ළමයින් මෙන්ම වැඩිහිටියන් ද ඒවා මිලදී ගැනීමට පෙළඹෙන බවක් නූතනයේ හඳුනාගත හැක.විශේෂයෙන් ම සීනී අධික රසකැවිලි වර්ග,ටොෆි,චොකලට්,පැණි බීම වර්ග මෙන් ම ක්ෂණික ආහාර මෙහිලා කැපී පෙනේ.එම නිෂ්පාදන ආයතන ආකර්ෂණශීලී ලෙස විවිධ හැඩතල හා කාටුන් චරිත ද ගොඩනගමින් ආහාර වෙළඳ දැන්වීම් නිර්මාණය කරනු ලැෙබි.අඩු පෝෂ්‍යදායී හා අධික මේදය සහිත බව මෙම ආහාර වල සුලභ ලක්ෂණයකි.බටහිර රටවල පමණක් නොව ලංකාව වැනි රටවල ද මෙම වෙළඳ දැන්වීම් ඉතාමක් සූක්ෂමව ළමා ප‍්‍රජාව සේම වැඩිහිටි ප‍්‍රජාව ද වසඟයට පත් කර ඇත.මේවාට දරුවන් විශාල ලෙස ඇබ්බැහි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා දරුවන් අධික තරබාරුකමෙන් හා දියවැඩියා රෝගයෙන් පීඩා විදිනු ලබයි.ලංකාෙවි ද කොළඹ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිත සමාජය තුළ එම ප‍්‍රවණතාව ම හදුනා ගත හැක.
රැුල්ලට ක්ෂණික ආහාර කඩ වෙත දෙමාපියන් දරුවන් රැුගෙන යන්නේ තම සමාජ තත්වය උලූප්පා දැක්වීමටයි. තමාගේ පොෂ් බව පෙන්වීමට ගොස් දරුවන් කුඩා කල සිටම රෝගීන් ලෙස සමාජයට දායාද කිරීමේ තත්වයට තමන් පත් වී ඇති බවවත් බොහෝ දෙමාපියන් නොදනිති. විශේෂයෙන්ම අහිතකර ආහාර පුරුදු වලින් ළමයා මුදවා ගැනීෙමි ප‍්‍රධානතම වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. නිරෝගී අනාගත පරපුරක් දැකීම නැතිනම් සිහිනයක් වනු නොඅනුමානය.

බුද්ධිකා බංඩාර

2 comments: