Thursday, July 2, 2015

ගොවිතැනේ වූ විප්ලවෙ

මානව සමාජය ඉදිරියට ගෙන යනු ලබන ප‍්‍රවාහය වනුයේ භාෂාවයි. එය සංස්කෘතියේ ද ප‍්‍රධානතම අංගය වන්නේ ද එහෙයිනි. මානව භාෂාව ජීව භාෂාවක් වන නිසා එය පවත්නා සමාජ ක‍්‍රමයට අනුරූපව නව දෑ එක් වෙමින් ,යම් යම් දෑ ඉවත් වෙමින් , පවත්නා සංස්කෘතියෙන් පෝෂණය වෙමින් මානව සමාජය සමග ඉදිරියට ඇදේ. මෙම ගතානුගතික බව මානව භාෂාෙවි සුවිශේෂී ලක්ෂණයකි.
 පැරණි ලාංකීය සමාජය තුළ පැවතියේ කෘෂි සංස්කෘතියකි. ඒ අනුව එතුළ පැවතියේ එයටම ආවේණික භාෂා පද්ධතියකි. එය පවත්නා පොදු සංස්කෘතිය තුළින් ම නිපන් උප සංස්කෘතියක් වන අතර පැරණි සංස්කෘතියේ ප‍්‍රකාශන මාධ්‍යය වූයේ මෙම එම භාෂාවයි.
 1960 ගණන් වලදී සිදුවූ තාක්ෂණික, දේශපාලන හා සමාජමය විර්යාසයට ලංකාව නතු වීමත් සමගම එතෙක් පැවති සාම්ප‍්‍රදායික කෘෂි සංස්කෘතිය පැහැදිලි වෙනසකට ලක්විය. උක්ත දක්වා ඇති හරිත විප්ලවය එයට බලපෑ මූලිකම හේතුව වූහ. ඒත් සමගම මෙරට පැවති සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය තුළ පැවති භාෂාව වෙනසකට ලක් වෙමින් වෙනත් භාෂාවක් නිර්මාණය වී තිෙබි.
 හරිත විප්ලවයේ ප‍්‍රතිඵල වශයෙන් මෙරටට නව කෘෂිකාර්මික මෙවලම් රැුසක් හදුන්වා දීමත් සමග එතෙක් පැවති ප‍්‍රාථමික මෙවලම් හා පුද්ගල ශ‍්‍රමය මත පදනම් වූ කෘෂිකර්මාන්තය වෙනුවට තාක්ෂණික යන්ත‍්‍ර මත පදනම් වූ නූතන කෘෂි සංස්කෘතියක් බිහිව ඇත.
 වගාවට හානි කරන සතුන් මර්ධනයට සාම්ප‍්‍රදායික කෙම් ක‍්‍රම භාවිත කළ  අතර නූතනයේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම.
 සාම්ප‍්‍රදායික මෙවලම් වෙනුවට නූතන මෙවලම් භාවිත කිරීම.
 සාම්ප‍්‍රදායික වචන මාලාව වෙනුවට නව වචන භාවිත කිරීම.
                 යන අවස්ථාවන් හදුනා ගැනීමට පුළුවන.
 විිශේෂයෙන් ම වී වගාව ගත් කළ සාම්ප‍්‍රදායික වචන වෙනුවට නූතනයේ භාවිත කරන වචන හදුනා ගැනීම වැදගත් ෙවි.
මූලිකවම ,
අස්වද්දනවා - ගොවිතැන් කරනවා/ වගා කරනවා
බිම් සැකසීම - ට‍්‍රැක්ටරයෙන් සී සෑම.
බිම් නඟනවා - මෙය නූතනයේ මූලිකවම අවස්ථා
  2ක් යටතේ සිදු කෙරේ.
පළමු බිම් නැඟීම - ඩිස් කිරීම.
දෙවන බිම් නැඟීම - රොටරි කිරීම.
වල් නෙලීම - වල් ගැලවීම.
නියර කෙටීම - නියර සකස් කිරීම.
කාටු   - රොඩ.ු
මඩවනවා - ගොයම් පෑගීම.
වී යාල්ලනවා - වී මනිනවා.
උහන් බානවා - ගොයම් කපනවා.

 ආදී වචන හදුනාගත හැක.
 තවද සාම්ප‍්‍රදායික මෙවලම් වෙනුවට භාවිත කරන නූතන මෙවලම් හදුන්වන වචන ද පහත පරිදි දැක්වීමට පුළුවන.
  •  දෑකැත්තෙන් ගොයම් කැපීම- සුනාමිය/ භූතයා වැනි අත්
  •                                          යන්ත‍්‍ර, ට‍්‍රැක්ටර් භාවිත කිරීම.
  •  කමත -                        ටෙන්ට් එක භාවිත කිරීම.
  •  හරකුන් ගෙන් සීසෑම-     ට‍්‍රැක්ටර් භාවිත කිරීම.
  •  බුසල් ක‍්‍රමය -         වී මිටි හෙවත් වී බෑග් යොදා  ගැනීම.
  •  සේරුව, ලාහ වැනි මිනුම් -     කිලෝ වලින් මැනීම.
  •  කෙම් ක‍්‍රම මගින් සතුන් මර්ධනය-කෘමිනාශක භාවිත කිරීම.
  •  අතින් පොහොර දැමීම -      කෘමිනාශක ඉසින යන්ත‍්‍ර
  •                                       භාවිත කිරීම.
  •  දිය ඩොගරය -              බට මගින් වතුර පොම්ප
  •                                        කිරීම.
  •  කරත්ත වල අස්වනු ගෙන යාම - ලොරි හා ට‍්‍රැක්ටර් වල පටවා 
  •                                                  ගෙන යාම.
  •  ගබඩාව - වී එක් රැුස් කර තබන
  •                    ස්ථානය

නූතනයේ දී එක් වී තිබෙන වචන ද පවතී. ඒවායින් කීපයක් පහත පරිදි දැක්වීමට පුළුවන.

 රොටරි කරනවා
 ඩිස් කරනවා
 පටවනවා
 සුනාමි ගහනවා
 භූතයා අල්ලනවා

         යනාදිය යි.

සටහන -බුද්ධිකා බංඩාර

1 comment: