Wednesday, July 8, 2015

කූඩු කිරිල්ලී

ජින් පී.සැසන්ගේThe Princess නැමති නවකතාව තුළ නිරූපිත ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව විමසා බැලීමක්.

ජින් පී. සැසන්ගේ The Princess නව කතාව චිත‍්‍රා අයි පෙරේරා විසින් කූඩු කිරිල්ලී නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. සෞදි අරාබියේ අල් සවුඩි රජ පෙළපතෙහි උපන් කුමරියකගේ ජිවිත කතාව පාදක කර ගනිමින් රචනා කර තිබෙන මෙම කෘතිය තුළ සමස්ත අරාබි කාන්තාවන්ගේ හා පුරුෂ ජිවිත වල යථාර්තය මනාව ගැබීවී ඇත. කුමරි නමින් හදුන්වන මෙම කතා නායිකාව හා ඇයගේ අවශේෂ චරිත වලින් තත්කාලීන සමාජය තුළ පුරුෂයා හා කාන්තාවගේ නියෝජනය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වේ. අරාබි කාන්තාවන්ගේ ජිවිතය හා පුරුෂයින් හමුවේ ඇය පීඩාවට ලක්වීම නිසා මෙම නව කතාව ස්ත‍්‍රීවාදී නවකතාවක් ලෙස ඇතමෙකුට තර්ක කළ හැක. නමුත් මේ නව කතාව මුලසිට අවසානය දක්වා මනාව විමසීමේ දී පැහැදිලි වන්නේ තත්කාලීන සෞදි අරාබිය තුළ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය මනාව මේ තුළින් විද්‍යමාන වන බවකි.
පුද්ගලයා තුළ ලිංගමය වශයෙන් පවතින ජීව විද්‍යාත්මක වෙනස පදනම් කරගෙන ස්ත‍්‍රී-පුරුෂ වශයෙන් වූ බෙදීම ස්ත‍්‍රී-පුරුෂභාවය යි.  නමුත් සමාජ සංස්කෘතික සාධක හමුවේ සමාජීය වශයෙන් කාන්තාව හා පුරුෂයා මෙයාකාර විය යුතුයැයි බෙදා ගැනීම් සිදුකරගෙන ඇත. කාන්තාව නම් සියුමැලිය, ඇයට කළ යුත්තේ දරුවන් වැදීම හා ආහාර පිසීම යි. පුරුෂයා නම් දැඩිය. ඔහු අඔුදරුවන් පෝෂණය කළ යුතු යැයි වැඩ පවරා ගැනීම් සිදු කර තිබේ. බොහෝ විට සමාජය අපේක්ෂා කරනුයේ පිරිමි දරු උපතකි. නමුත් එම දරුවා වුවද උපදිනුයේ කාන්තා කුසයකින් බව අමතකව ඇත. මෙම නව කතාව ආරම්භයේ දීම කාන්තාව සමාජය විසින් දෙවන ජංතියේ සාමාජිකයකු බවට පත් කර ඇත.  
”ජිවිතයේ මුල් සිව් වසර පිළිබඳව මතකයක් මා සිතෙහි නොරැුදේ. පුරුෂ ලිංගයක් රහිතව ඉපදීමේ පාපය නිසා මගේ ජන්ම භූමියේ දී මා කිසිම වැදගත්කමක් හෝ වටිනාකමක් නැති කෙල්ලක් බවට පත් වී ඇත.”
(පෙරවදන,2 පිට,පළමු ජේදය*
සමාජයේ බලවේගය වනුයේ පුරුෂයායි. පුරුෂ ලිංගයක් රහිතව ඉපදීමේ පාපය යන්න තුළ පිටතින් පෙනෙවාට වැඩි යමක් ගැබ්ව ඇත. කාන්තාවක ලෙස ඉපදීම පාපයකි. එනිසාම ඇය අරාබියේ වැදගත්කමක් නැති එකියක් යන්න  ආරම්භයේ ම දක්වා ඇත.
අරාබිය කියූ සැනින් මැද පෙරදිග කාන්තාවන්ගේ තත්වය පහත හෙලීමට මුස්ලිම් ආගම ඉවහල් වී ඇති යැයි සිතුවහොත් එය සාවද්‍ය වේ.
”පිරිමි කාන්තාවන් පාලනය කරයි. එහෙත් අගනුන් කෙරෙහි කාරුණික වීම,සාධාරණ වීම මහම්මත් තුමා අවධාරණය කරයි. ” මෙම ප‍්‍රකාශය පසුකාලීන ආගමික අන්තවාදීන් විසින් ඔවුන්ගේ වාසිය පිණිස සකසා ඇත. ඒ අනුව සෞදි අරාබියේ මිනිසුන් උපදින දරුවකුගේ වටිනාකම තක්සේරු කරන්නේ පුරුෂ ලිංගයක් ඇති නැති බව පාදක කොටගෙනයි.
”ගැහැණුන්ට ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමට අයිතියක් නැත.එය ලබා ගත යුත්තේ තමන් පමණක් බව පිරිමින්ගේ මතය යි.....පිරිමි දරුවා කුඩා කල පටන් ම පුරුෂාධිපත්‍යය පිළිබඳ හැගීම් සමගින් වැඬේ. වටිනාකමින් අඩු ගැහැණුන් ජීවත් වන්නේ පුරුෂයින්ගේ සුව පහසුව සඳහා පමණක් බව ඔහු විශ්වාස කරයි. පියා විසින් මවට හා සහෝදරියන්ට කරන වෙනස්කම් අනුව ඒ ආදර්ශය ඔහු ජිවිතය පුරාම ගෙන යයි......කාන්තාව වහලියකි. ඔහු ස්වාමියා ය. ඒ නිසා ගැහැණිය තමාගේ පුද්ගලික දේපලක් විනා තම සහකාරිය ලෙස ඔහු කිසිවිටෙකත් නොපෙළඹේ.  ”
(පෙරවදන7-8 පිට*
මේ තුළ කාන්තාවට තම සමාජ තත්වය පැහැදිලිවම අහිමි කර ඇත. නමුත් මින් කියැවෙන තවත් අර්ථයක් ද ඇත. පුරුෂයා එසේ විය යුතු යැයි උපතේ සිටම යම් කාර්ය පැවරුමකට යටත් කර තිබේ. ඔහුට කිසිදු විටෙක පෙම්වතියකට ආදරය කිරීමට කාන්තා යෙහෙළියන් හා සුහදව සිටීමට අවස්ථාවක් නැත උපතේදීම කාන්තාව නම් වහලියක් ඔහු ස්වාමියා ය යන රාමුව තුළ සීමා කරමින් පුරුෂයා ද සීමාවීමකට නතුකර ඇති බවක් පෙනේ.
නවකතාව ආරම්භ වන්නේ ම කුමරි නැමති කතා නායිකාව හා ඇගේ සහෝදරයා වන අලි නැමති තරුණයා අතර ළමා වියේ ඇතිවන ගැටුමකිනි. එම රණ්ඩුවේදී අවසානයේ ඇය සත්‍ය හෙළි කළද පියා තම පුතුට පමණක් ඇහුම්කම් දෙමින් ඇයට පුරුෂාධිපත්‍යයට යටත් විය යුතු බව පසක් කළේය .සමස්ත නවකතාව පුරා ඇයගේ පියා තම දරුවන් සම්බන්ධව කටයුතු කරන්නේ පුරුෂාධිපත්‍ය හිස මත තබා ගෙනය. අලි පවුලේ එකම පිරිමි ළමයා වුවත් දියණියන් සියලූ දෙනා අභිබවා ගිය බලයක් ආධිපත්‍යයක් ඔුහට තම පියාගෙන්ම හිමි වේ. කුමරිගේ පියා කිසිඳු විටෙක  තම දියණියන්ට නිදහසක් ලබා නොදුන් බව පැහැදිලිව පෙනෙන්නකි.
”අපගේ දේශයෙහි ගැහැණියට බුද්ධිය ශාපයකි.ඒ බුද්ධිය වෙහෙසා ගත යුතු මෙහෙවරක් ඇය වෙත නොපැවරේ.”
(25 පිට*
සාරා නැමති බාල සහෝදරිය බුද්ධියෙන් හා දැනුමෙන් මෙන් ම ඉතාමත් රූමත් නිසාම ඇයට පියාගෙන් අගය කිරීම් වෙනුවට ලැබෙන්නේ දඩුවමකි. එනම් පියාගේ ද වයස ඉක්ම වූ හැට දෙවෙනි වියේ පසුවන මහලූ ධනවත් සිටුවරයකුට තම දියණිය විවාහ කර දීමට යාමයි. ඒ දියණියගේ යහපත නොව ඔහුගේ වෙළඳ වාසි අත්කර ගැනීමටයි. කාන්තාවට විවාහයේ දී තමා කැමති අයෙක් හා විවාහ වීමට අයිතියක් නැත. සාරා කෙතෙක් උත්සාහ දැරුවද පියාගේ ආධිපත්‍යට නතු වීමට සිදුවනවා පමණක් නොව ඇයව නිවස තුළම හිංසනයට ලක් වේ.
”විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් සිය මංගල දිනයේ දී තමා අවමානයට පත් කරතැයි සිතූ තාත්තා රජ පවුලට වෙදකම් කරන පකිස්ථාන් වෛද්‍යවරුන් ලවා අක්කාට බෙහෙතක් එන්නත් කරවා ඇත. ”
(31 පිට තුන්වන පරිචි*
මෙතුළ පැහැදිලිව ඇය කායිකව මෙන් ම මානසිකය හිංසනයට ලක් කර ඇත. විශේෂයෙන් ම බලහත්කාරයෙන් විවාහ කිරීමට වඩා ඇයට ශක්තිය හීන කිරීමට පියා එන්නතක් වීදීමට සැලැස්වීම නැමති කාරණාව ගත් විට කාන්තාව වූ පමණින්ම ඇයට යටපත් කරන ආකාරය ශෝචනීය වූවකි.
විවාහයක් යනු එකිනෙකා සතුටු සම්භාෂණයේ යෙදෙන අවස්ථාවකි. සෞදි අරාබියේ කාන්තාවන්ට හා පුරුෂයින්ට එකම උත්සය අවස්ථාවකට සහභාගී වීඹ තහනම් වූවකි. ඒ නිදිහස කාන්තා පුරුෂ දෙපාරශවයටම අහිමි වූවකි.
”ගැහැණුන්ගේ සාදය මැදට ඒමට අවසරය ඇත්තේ මනමාලයාට,ඔහුගේ පියාට හා ආගමික වතාවත් කරන පූජකයාට පමණකි..........”
(33 පිට*
කාන්තාවන් පිරිමින් යැයි වෙන්කර තබමින් එකිනෙකාගේ ස්වාධීනත්වය යටපත් කිරීමට මෙම සමාජය උත්සාහ දරා ඇති බව පෙනේ. එලෙස සාරා බලෙන් විවාහ කර දී අවසානයේ ඇය දික් කසාදය අපේක්ෂා කරන අවස්ථාවේදීත් ඇයගේ පියා කාන්තාවට වරද පටවා පුරුෂාධිපත්‍ය නැවත වරක් තහවුරු කරයි.
”ඇයගේ සැමියා විකෘති කාමාශවන්ගෙන් පෙළෙන්නකි.ඔහුගේ ලිංගික අතවර ඉවසනුවාට වඩා මරණය යෙහෙකි බව අක්කා පවසා සිටියාය.අක්කාගේ විස්තරය තාත්තා පවා නොසන්සුන් කරවීමට සමත් වූවද බිරිඳ අයත් වන්නේ සැමියාට බව ඔහුගේ පිළීගැනීම විය.”
(43 පිට*
සාරාගේ හිතුවක්කාරකම් නිසා ඒ මිනිසා එසේ කරන්නට ඇතැයි පියා දියණියට දොස් පවරයි.පියා නැවත දියණිය සැමියා වෙත යැවීමට සූදානම් වන විට මව ඊට විරුද්ධ වන විටම පියා එය යටපත් කිරීමට උත්සාහ දරන්නේ මෙසේය.
”ඒ වල් සතා ගාවට මගේ දුව ආයෙමත් යැව්වොත් මම රජ්ජුරුවන්ටයි ආගමික මණ්ඩලයටයි දන්වලා පෙත්සමක් යවනවා.අම්මා කීවාය”
”ඒ වගේ දුරකට මේ කතාව යැව්වොත් මම උඹව දික්කසාද කරනවා,තාත්තා තර්ජනය කළේය.”
කාන්තාවන්ට කිසිඳු විටෙක තම අවශ්‍යතා වෙනුවෙන් නැගී සිටීමට අසාධාරණයක් පෙන්වා දීමට හඩ නැගිය නොහැක. දික්කසාදය වුවද ඉල්ලීමේ දී ආගමික මණ්ඩලය පවා
”ඔබගේ යහපත වෙනුවෙන් අල්ලා මැවූ දෙයට ඔබ අකමැති ඇයි කියමින් ආගමික මණ්ඩලය සාරාට සැමියා සමගින් ජීවත් වීමට බල කරනු ඇත.”
(44 පිට*
එලෙස සමස්ත සමාජය ක‍්‍රියාත්මක වනුයේ පුරුෂ දෘෂ්ටියකිනි.
”මැදපෙරදිග මිනිස්සු කිසි දිනෙක වරද කරුවෝ නොවෙති. මිනිසා සිය බිරිඳ මරා දැමුවද රජය සැමියා වෙනුවෙන් සාධාරණ හේතු ඉදිරිපත් කරන්නේ ප‍්‍රශ්නයක් නොනගමිනි.”
(48 පිට*
ඉන් සමාජයේ නීතිය සාධාරණත්වය තීරණය කිරීමේ බලය සමස්ත පුරුෂ පාර්ශවය වෙත ලබා දී ඇති බවක් පෙනේ. සමාජය ගත්විට එතුළ ස්ත‍්‍රී-පුරුෂ දෙපාර්ශවයේ ම නියෝජනයක් එතුළ විය යුතු ය. කුමරිගේ පියා සෑම විටම කටයුතු කරන්නේ කාන්තාව පුරුෂයාගේ වහලියක් යැයි සිතාය.
”ගැහැණු කියන්නේ මිනිස්සුන්ට ශාපයක්”
(48 පිට*
යැයි වරෙක ඔහු සඳහන් කරයි. නමුත් ඔහුට බිරින්දැවරුන් හතර දෙනෙකුගෙන් දියණියන් පමණක් විසි දෙකක් සිටි. මේ සියල්ලන් කෙරෙහි ඔහු දැක්වූයේ යහපත් ආකල්බයක් නොවේ. ඔහු නිරතුරුවම අලි ඒ සියල්ලන්ට වඩා අගය කරමින් ආදරය කිරීම කැපී පෙනෙන්නකි. බිරිඳගෙන් දරුවන් බලාපොරොත්තු වන්නේ පිරිමි දරුවන් ය. කාන්තාවක් උපත ලැබුන විට බිරිඳට නොයෙක් බාධක හා ගැටලූ වලට මූණ දීමට සිදු වේ.
මෙම නවකතාව තුළ හිතුවක්කාර චරිතයක් ලෙස කුමරිගේ චරිතය දිගහැරෙයි. කුඩා කල සිටම සිය පියාගේ ආදරය අවධානය අලි නැමති සොහොයුරාට ලැබීමත් සමග ඇය ඔහුට වෛර කිරීමට පෙළඹේ. එහිදී සමස්ත කාන්තා භාවය මෙම සමාජය තුළ පහත් මට්ටමකින් නිරූපනය වන ආකාරය ඇය අලි හා තම පියාගේ ක‍්‍රියාකලාපය තුළින් මනාව හඳුනා ගනී. එනිසාම ඇය නිරතුරුවම අයියාගේ වරදක් පියාට හසුකර දීමට වෙහෙසේ. එසේ කිරීමෙන් ඇය බලාපොරොත්තු වන්නේ සුලූ සිදුවීමකින් හෝ පුරුෂකේන්ද්‍රීය සමාජයට පහරක් එල්ල කිරීමටයි. එවන් අවස්ථාවක් ලෙස තද සොහොයුරාගේ කාමරයට හොරෙන් ඇතුලූ වී වැරදි අල්ලා ඒවා පල්ලියේ ගොස් තැබීමේ සිදුවීම කැපීපෙනෙන අවස්ථාවකි. ඇය එය සිදුකරන්නේ ඉතා ධෛර්ය සම්පන්න කාන්තාවක ලෙසිනි.
”මම අයියාගේ කාමරයට ගොස් ඔහුගේ සැගවූ රහස් වස්තූන් අතට ගත්තෙමි. අපගේ ආගමෙන් හා අපගේ දේශයේ නීති පද්ධතියෙන් තහනම් කළ දැ ඒ අතර විය. .......... අයියා ළග සගවා ඇති ප්ලේබෝයි,පේන්ට් හවුස් වැනි සගරා ඔහුගේ කාමරයට ගොස් මම විටින් විට පෙරලා බලන්නෙමි.”
(50 පිට*
ආගමෙන් හා රටින් මේවා තහනම් කර ඇති නිසාම ඇය මේවා රැුගෙන පල්ලියට ගොස් ඒවා එහි තබන්නේ සුක්ෂම ලෙසිනි. ඔවුන්ගේ ආගම අනුව කාන්තාවනට පල්ලියට යෑම තහනම් ය. නමුත් ඇය මේ අවස්ථාවේ ඒ අභියෝගය සුක්ෂමව ජය ගෙන අදාළ කාර්යය ඉටු කරයි. කාන්තාව නම් සියුමැලිය. යන සමාජ නිර්මිතය ඇය බිද දමා එඩිතරව තම සහෝදරයාට එරෙහිව නිහඩ සටනක යෙදෙයි.
අලි සෑම විටම තම සහෝදරියන්ගේ කාන්තාභාවය අවමානයට ලක් කළේය. ඔවුන්ට නිරතුරුව නීති ඣීමිය. නමුත් ඔහු සෑම විටම කාන්තාව තමන්ගේ වහලූන් බව සිතා කටයුතු කළේය. එක් අවස්ථාවක විදේශ සංචාරයකදී අලි හා ඔහුගේ මිතුරකු වන හාඞ් ගැහැණු ළමයකු ¥ෂණය කිරීමේ සිදුවීම තුළ උක්ත සාධකය මනාව තහවුරු වේ.
”යහන් ගැබෙහි දුටු දර්ශනයෙන් අපි ගල් ගැසුනෙමු. අලි දැරියක අල්ලාගෙන සිටියදී හාඩි ඇය ¥ෂණය කකරයි. දැරියගේ වයස අවුරුදු අටකට වඩා නොමැත. වැගිරෙන රුධිරයෙන් දැරිය නැහැවී ඇත. ඔවුන් දෙදෙනාම සිනාසෙමින් සිටිති.”
(67 පිට*
කාන්තාව පුරුෂයා ඉදිරියේ කොතෙක් නම් අසරණබවට පත් වෙනවාද. විශේෂයෙන් ම කෙනෙකු ඇයව ¥ෂණය කරද්දී තවකෙකු ඇයව අල්ලා ගෙන බලා සිටිමින් සතුටු වේ. ඇයව මියගියද ඔවුනට ගැටලූවක් නොමැත. අනික් කරුණ වන්නේ මෙවන් කරදරයක් වී නීතියේ සරණ පැතුවද සෞදි සමාජය තුළ කිසිසේත් කාන්තාවට සාධාරණයක් ඉටු වන්නේ නැත. මෙතුළ අසාධාරණයට වඩා මනුෂ්‍යත්වය නැමති කාරණාව පිළිබද නැවත වරක් සිතා බැලිය යුතු වේ.
මේ අවස්ථාවේ දී සහෝදරයාගේ ක‍්‍රියාව සම්බන්ධයෙන් කථා නායිකාව මෙසේ පවසයි. ”ගැහැණුන් මිලයට ගන්නා ඔහු ඔවුන්ගේ චර්යාවන් හෙළා දකි. ඔහු කාන්තාවන්ට ආශක්තය. එහෙත් තමන්ට අවශ්‍ය දේ කිරීමට ගැහැණුන්ට ඇති නිදහසට ඔහු ද්වේශ කරයි. ඔහුගේ ආත්ම වංචාව තුළින් මා දුටුවේ මිනිසුන්ගේ කෲර චින්තනය යි.”
(70 පිට*
පුරුෂයා නම් කාන්තාවට කිසි විටෙක ඇහුම්කම් නොදෙන තමාගේ අවශ්‍යතාවන් පමණක් පූරණය කර ගන්නෙක් බව මේ කෘතිය තුළ නිරතුරුවම උලූප්පා ඇති බවක් පෙනේ.
”නිර්දය හා හැගීම් රහිත ලෙස මිනිස්සු කාන්තා ජීවිත විනාශ කරති. කාන්තා සිහින බිද දමති. නාඩියාගේ මරණය හා වෆාගේ ඉක්මන් විවාහය මේ හැම දෙයටම බලපෑවේ මිනිසුන්ගේ කෲරත්වය යි”
(97 පිට*
කාන්තාවට ආගමික ,සමාජීය හෝ සංස්කෘතිකමය වශයෙන් කිසිඳු නිදහසක් නොලැබේ. ඒ නිසාම අරාබි කාන්තාවන් වෙනත් අනිසි මාර්ගවලින් වහා වරදේ බැදේ.
”කාන්තා නිදහස සීමා වීම නිසා තමාගේ හැගීම් පාලනය කරගත නොහැකි වූ මගේ මිතුරියන් වැනි තවත් යුවතියෝ මෙවැනි හැසිරීම් වලට පෙළඹෙති. ඔවුන්ගේ ක‍්‍රියා ලොවට අනාවරණය වුවහොත් මරණය සහතිකය”
(93 පිට*
කාන්තාව තම සෑම විටම පවුලේ සිට සමාජයේ සෑම තැනකදීම සිරකරුවෙකු සේ සීමාවන්ට යටත් කර තිෙබි. කතුවරිය නිරන්තරයෙන් එම සාධකය මෙම නවකතාව පුරාවටම ගෙනහැර පායි.
”ලෝකයේ මිනිසුන් සැලකිලිමත් වන්නේ ඔවුන් පිළිබඳව පමණි. ගැහැණු අපි ඔවුන්ගේ වහලියෝ වෙමු. සිරගතවී සිටින සිර මැදිරි වලින් මිදී මුදුනට නැගීමට අපට නොහැක. පුරුෂයෝ ඔවුන්ගේ විශිෂ්වත්වය පිළිබඳ අප‍්‍රියජනක රෝගයකට අතීතයේ සිටම ගොදුරු වී ඇත. රෝග නියාරණයක් නොමැතිව එය පරපුරෙන් පරපුරට පැවත ඒ. මේ සුවකළ නොහැකි රෝගයේ රෝගකාරකයා පිරිමියා වන අතර එහි නපුරු ප‍්‍රතිඵලයට බිලිවන්නේ ගැහැණුන් වන අපය.”
ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය නැමති කාරණාවේ දී ගැහැණියක් වීම තුළ හිමිවන රැුකියා සහ පුරුෂයින්ට අදාළ රැුකියා ලෙස සෑම සමාජයකම පාහේ බෙදා වෙන් කර ගැනීමක් සිදඅ කර ඇත. මෙහිදී ද එම කරුණ මනාව හදුනාගත හැකිය. කාන්තාව නම් ගෙදරට වී දරුවන් හැදීම කළ යුතු ය. පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා සන්තර්පණය කරන්නිය ඇය යි. අධ්‍යාපනය ලැබීම කුරානය කිය වීමට හැකි වීම පමණි.
”සෞදියේ කිසිඳු කාන්තාවක් මෙතෙක් ඉංජිනේරු උපාධිය ලබා නැත. කාන්තාවන්ට යෝග්‍ය රැුකියා නම් කොට ඇත. ළමා රෝග විශේෂඥයෝ,ගුරුවරියෝ හා ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් නියැලූණු සමාජ සේවිකාවෝ ඒ අතර වූහ.”
(219 පිට*
සෞදි කාන්තාවකට කිසිම විවෙක පිරිමි ගුරුවරයෙකුගෙන් ඉගෙනීමට අවස්ථාවක් නැත. පුරුෂයින් විදේශ අධයාපනය පවා ලබයි. කාන්තාව දැනගතයුත්තේ කුරානය යම් පමණකට කියවීමට පමණි. ඇය තම පියාගෙන්, සැමියාගෙන් මෙන් ම තම පිරිමි දරුවන්ගේ පආධිපත්‍යයට යටත්ව සීමා සහිත ජිවිතයක් ගෙවන ආකාරය මේ නවකතාව තුළ මනාව නිරූපිතය. උපතේ සිටම කාන්තාව හා පුරුෂයා මෙසේ විය යුතුය, මෙසේ වැඩ කල යුත- ය. යැයි විවිධ බෙදීම් මත පදනම්ව කටයුතු කරන බවක් පෙනේ. විටෙක කුරානය හයම් හස්තයක් කරගෙන එය සිදු කරයි. කුරානයේ නීති පසුකාලීනව පුරුෂයින් විසින් නිර්මාණය කර ඇති බැවින් එතුල කාන්තාව දැඩි පීඩනයකට ලක් කරනු ලැබේ. ආගමික වශයෙන් පමණක් නොව සමාජ, සංස්කෘතික,අධ්‍යාපන අංශ වලින් ද එය තදබලව සිදු වේ. අඩුම තරමේ තමාගේ ජිවිතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය නිදහස පවා ඒ තුළ අභියෝගයකට ලක් කර තිබේ. සමස්ත නවකතාව ගෙන බැලීමේ දී පෙනී යන්නේ කාන්තාව හා පුරුෂයා වෙන් වෙන් වශයෙන් බෙදීමට ලක් කර සමාජ ජිවිතයේ අනෙකුත් කාරණා ද ඒ තුළ අභියෝගයට ලක් කර තිබෙන බවකි. සෞදි කුමරිගේ ජීවිත කතාව ලෙස නියැවුණ මෙම නව කතාවෙන් කාන්තා ජිවිත වල හරස්කඩක් හා පුරුෂ ජීවිත වල යථාරථය මනාව කතුවරිය ගොනු කිරීමට දක්වා ඇති උත්සාහය අගය කළ යුතු ය.
buddhi

බෝයිස්ලා අඩන්නෙ නැද්ද

බෝයිස් ඩෝන්ට් ක‍්‍රයි චිත‍්‍රපටය හා තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය තුළ නිරූපණය වන ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සන්සන්දනාත්මක කියැවීමක්.

මෙම චිත‍්‍රපට දෙක ගත් විට මූලිකව මේ දෙකෙහිම කතා තේමාව තුළ දිවෙන ප‍්‍රධාන චරිත දෙක උපතින්ම තමා ලද ස්ත‍්‍රීත්වය වසන් කරමින් පුරුෂාධිපත්‍ය සමාජය තුළ එය තවදුරටත් ස්ථාපිත කරන බවක් පෙනේ. බෝයිස් ඩෝන්ට් ක‍්‍රයි හි බ‍්‍රැන්ඩන් ටීනා සහ තනි තටුවෙහි එන චරිතය යන මේ දෙකම තුළින් ම සාකච්ජාවට ලක්වන්නේ ජීව විද්‍යාත්මක ස්ත‍්‍රී-පුරුෂ බෙදීම අභිබවා ගිය සමාජීය පදනමින් යුත් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය යි. 

චිත‍්‍රපටයේ නම ගැටවරයෝ නොහඩති යන්න වේ. එතුළ ම පිරිමින් නොහඩන බව ට තර්කයක් ගොඩනගයි. බ‍්‍රැන්ඩන් පුරුෂත්වයක් අරෝපණය කර ගෙන සිටියත් අවස්ථා කිහිපයකදී ඔහු අඩන අවස්ථාව සිනමා නිර්මාණය තුළ මනාව උලූප්පා පෙන්වමින් ඇය කාන්තාවක් බව තව තවත් තහවුරු කරනු ලබයි. අවසානයේ දී ලීසාගේ නිවසේ ඇය සැගවී සිටිද්දී ලානා සමග ඇය වැළපෙන අවස්ථාව ඒ සඳහා නිදසුනකි. 


කදුලූ සැලීම කාන්තාවන්ගේ කටයුත්තකි. පිරිමින් කිසි විටෙකත් කදුලූ නොසලයි යන්න පුරුෂ මූලික සමාජය තුළ ගොජනගා ගත්තකි. එම තර්කය මෙම සිනමා නිර්මාණය තුළ ද එලෙස පේ‍්‍රක්ෂකයා හමුවට ගෙන එයි. 

බ‍්‍රැන්ඩන් තමා නිරතුරුවම පුරුෂත්වයක් ආරෝපණය කර ගනිමින් තමා ලිංගික විපර්යාසයකට ලක් වනවාය යන හැගීම සහිතව කටයුතු කරයි. පේ‍්‍රක්ෂකයාට බ‍්‍රැන්ඩන් කාන්තා චරිතයක් බව මුලදීම ඒත්තු ගැන්වීමට ඇගේ  සියුමැලි ඉතා ප‍්‍රියමනාප බව යොදා ගනී. එහිදී ඇය ස්ත‍්‍රී-පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශවයේ ම ආකර්ෂණයට ලක් වීමෙන් පැහැදිලි වේ. නමුත් තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය ගත් විට එහිදී ප‍්‍රධාන චරිතය පුරුෂ කෝණයකින් ගෙන හරී. එතුළ පුරුෂත්වය ඉස්මතු කරද්දී අනෙක් චිත‍්‍රපටයේ ස්ත‍්‍රීත්වය ඉස්මතු කරන ආකාරයක් දැකිය හැකි ය. 

කෙසේ වුවද කාන්තාව ට පුරුෂත්වයක් ආරෝපණය කර ගැනීම ප‍්‍රායෝගිකව කළ නොහැක්කක් බව බ‍්‍රැන්ඩන් ට හා තනි තටුවේ ප‍්‍රධාන චරිතය යන දෙදෙනාම මාසික ඔසප් වීමට ලක් වීම සාධකයක් කොට ඉදිරිපත් කිරීම නිර්මාණ දෙක තුළ ම පැහැදිලිව දැකීමට පුලූවන. 

ලීසා ලැම්බර්ට් නැමති තරුණියක් මාර්ගයෙන් බ‍්‍රැන්ඩන් තමාගේ අභිමත ජීවිතයට අවැසි සමාජ වටපිටාවක් නිර්මාණය කර ගනී. එහිදී සෑම විටම ඇය තමා අරෝපණය කර ගත් පුරුෂත්වය පුන පුනා සමාජය ඉදිරියේ ස්ථාපිත කිරීමට වෙර දරන්නීය. මෙතුළ ගැඹුරින් නිරූපණය වන්නක් තිෙබි. එනම් ඇයගේ එම ස්ථාපිත කිරිම ඔස්සේ කියැවෙන්නේ සමස්ත පුරුෂ කේන්ද්‍රීය සමාජයෙහි ආධිපත්‍ය වන බව මගේ හැගීමයි. ඇය තමාගේ නව සමාගමය තුළ පුරුෂයෙකු ලෙස ඉහළ මානසික තෘප්තියක් ලබයි. සමස්ත චිත‍්‍රපටය පුරාම ඇය යම් ආකාරයක තම ලිංගික අනන්‍යතාව පිළිබඳ මානසික අර්බුදයකට ලක්ව සිටින බවක් පෙනෙන්නට තිබේ. නමුත් ඊට සාපේක්ෂව තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය තුළ එසේ පුරුෂත්වය පසුපස හඹා යාමක් වෙනුවට ඇය නියාමාකාර ලෙස පුරුෂත්වය අනුකරණය කිරීමක් දැක ගත හැකිය. 

පුරුෂ මූලික සමාජයක් තහවුරු කරන ස්ත‍්‍රී නිමිත්තකින් සිනමා නිර්මාණය ආරම්භ වේ. තනි තටුවෙන් චිත‍්‍රපටය තුළ ඇය තමා ලද ස්ත‍්‍රීත්වය වසන් කරමින් සමස්ත පුරුෂත්වය ආරෝපණය කොටගෙන ක‍්‍රියාත්මක වේ. 



විශේෂයෙන් ඇය තම ලිංගික ජිවිතය පවා ගත කරනුයේ එය මනාව පසක් කරමිනි. විවාහක අඹු-සැම් යුවළක් ලෙස තවත් කාන්තාවක සමග පවුල් ජිවිතය ගත කරයි. එහිදී ඇය පැහැදිලි ලෙසම පුරුෂයාගේ කාර්යභාරය තම ස්ත‍්‍රීත්වය අභිබවා ගෙන ඒමට තරම් සමත් වෙයි. නිදසුනක් ලෙස 

”මේ පැත්ත තනියම ගෑනුන්ට එළියට වෙලා ඉන්න හොඳ පැත්තක් නෙවේ. මම නැතුව ගෙදරින් එළියට අඩියක් තිබ්බොත් මං බලාගන්නම්”

යැයි තම බිරිඳට වරෙක බැන වැදීමෙන් එය පැහැදිලි වේ. ඇය ඊට යටත් වීමෙන් පුරුෂයාට බිරිඳ යටත්ව ජීවත් විය යුතු බව පේ‍්‍රක්ෂකයාට තහවුරු කරයි. ඇගේ බිරිඳගේ චරිතය සෑම විටම සාම්ප‍්‍රදායික කාන්තා චරිතයක් ලෙස ගොඩනගා තිබේ. ඇයට පැවරී ඇත්තේ සාම්ප‍්‍රදායික ගෘහණියකගේ රාජකාරි පමණකි. 




තම සැමියාට යටහත් පහත්ව ඇය ජීවත් වේ. මෙහිදී අවස්ථා දෙකකදීම ඇයට පිළිවෙළකට ගේ දොර පිළියෙල නොකිරීම පිළිබඳ ප‍්‍රධාන චරිතය එසේත් නැතිනම් සැමියා විසින් බැන වදිමින් ඒවා පිළියෙල කරන ආකාරයක් ද මෙහි නිරූපිතය. එතුළ කාන්තාවකගේ කාර්යභාරය නම් ගෘහ කටයුතු කරමින් සැමියාගේ කටයුතු කරමින් ඔහුට අවනතව සිටීමය යන්න බිරිඳගේ චරිතය තුළින් නිරූපණය වේ. 

තමාගේ ස්ත‍්‍රීත්වය වෛද්‍යවරයා දැන ගැනීමෙන් ඔහුගේ ලිංගික ගොදුරක් බවට ඇයව පත් කර ගැනීමට උත්සාහ කරයි. ඉන් සමාජය තුළ සදාකාලිකව කාන්තාව පුරුෂයාගේ ලිංගික ගොදුර බව නිරූපණයට හදගම උත්සාහ දරා ඇති බවක් පෙනේ. 

ඊට සාපේක්ෂව බ‍්‍රැන්ඩන්ගේ චරිතය දිග හැරෙන්නේ වෙනස් ආකාරයකටයි. ඇය ලානා හා පෙම් සබඳතාවක් ආරම්භ කිරීමත් සමග තම මිතුරන් දෙදෙනාගේ ද දෝෂ දර්ශනයට ලක් වන්නේ ලානා පිළිබඳව ලොටර්ගේ ඇති ආදරය නිසාවෙනි. එනිසාම බ‍්‍රැන්ඩන්ව අපහසුතාවයට පත් කිරීමට ඔහු සෑම විටම උත්සාහ කරයි. ලානාට බ‍්‍රැන්ඩන් කාන්තාවක් බව දැනගන්නට ලැබෙන්නේ දෙදෙනාගේ පළමු සිපගැනීමේ දීමය. නමුත් එය ලානා පෙන්වීමට උත්සාහ නොකරයි. නමුත් චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩන්ව සිරගත කිරීමේ දී කාන්තා සිරමැඳිරියක දැම්ම තුළ ලානා තම මතය තහවුරු කර ගත් විට තමා ලිංගික විපර්යාසයකට පත් වන බවත් ශල්‍යකර්මයකින් තමා ඉක්මනින් එම තත්වයට පත්වන බවත් බ‍්‍රැන්ඩන් ලානාට පැවසීමෙන් තවදුරටත් සම්බන්ධතාව ඉදිරියට ඇඳේ. බ‍්‍රැන්ඩන් ලානා හට මුදුවක් මිලට ගෙන ආදරයෙන් ඇයගේ කාමරයේ තැබීම තනි තටුවෙන් නිර්මාණය තුළ වෛද්‍යවරයා ලබා දෙන මාලයට වඩා වෙනස් අරුතක් ජනනය කරයි. කෙසේ හෝ ලොටර් හා නිසන් දෙදෙනා බ‍්‍රැන්ඩන් කාන්තාවක් බව ඔප්පු කිරීමට සමත් වෙයි. එහිදී නාන කාමරය තුළ ඇය බලහත්කාරයෙන් නිරුවත් කිරීමේ සිදුවීමෙන් පැහැදිලි වේ. 

පසු දිනෙක පාලූ ස්ථානයක් වෙත ඇයව බලහත්කාරයෙන් ලොටර් හා නිසන් දෙදෙනා ඇයව රැුගෙන ගොස් අමානුෂීය ලෙස ¥ෂණයට ලක් කිරීම තුළ පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ ස්ත‍්‍රීත්වය පුරුෂයාගේ ලිංගික ගොඳුරක් වන බවයි. මෙහිදී මිතුරන් දෙදෙනා වරින් වර ඇයව ¥ෂණයට ලක් කරන්නේ බ‍්‍රැන්ඩන් වේදනාත්මකව කරනු ලබන ආයාචනය කිසිඳු තැකීමකට ලක් නොකරමිනි. මේ සිදුවීම ගත් කල කාන්තාව පුරුෂ ග‍්‍රහණයට යටත් වීමක් විනා ඉන් බේරීමක් නිරූපණය වන්නේ නැත. ඉන් පේ‍්‍රක්ෂක මනෝභාවය තුළ වුවද කාන්තාව නොව පුරුෂයාට දිනුම හිමි වීම මගින් කාන්තාව සදාකාලිකව එසේ විය යුතු යැයි හැගීමක් ජනිත වීමට පුලූවන. පසුව ඇය පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණයේ දී ද පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ තවදුරටත් ඇයව අපහසුතාවට පත්වන ලෙසයි. මෙහිදී අවසානයේ දී ඇය ඔවුන් දෙදෙනාගේ විවිධ තර්ජනයන්ට ද ලක්වේ. කෙසේ හෝ අවසානයේ දී කෲර අන්දමින් මරණයට බ‍්‍රැන්ඩන් පත් වීමෙන් පුරුෂයාට සදාකාලික ජය නියත බව මනාව පැහැදිලි වේ. 

තනි තටුවෙන් තුළ කතාව ගොඩනැගෙන්නේ ඊට වෙනස් සන්දර්භයකිනි. එතුළ ඇය ගරාජයේ තම මිතුරාගේ ආදරයට ලක් වනුයේ සමලිංගිකත්වය පිළිබඳ යම් ඉගියක් ලබා දෙමිනි. වෛද්‍යවරයා තමාගේ ඉලක්කය වෙනුවෙන් ඇයට මාලයක් ගෙල පැළඳවීමේ දී ඇය එයට අවනත වීම තුළ ගැහැණිය නම් ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් නතු වන බවක් දැක්වීමට එවන් අවස්ථාවක් නිර්මාණය සඳහා යොදා ගත්තා විය හැකියි. 




වෛද්‍යවරයා ඉන් නොනැවතී ගරාජයේ අයිතිකාරයා වෙත ඇයගේ සත්‍ය හෙළි කිරීමෙන් අනතුරුව සියල්ලන් එක් වී ඇය නිරුවත් කිරීම කාන්තාවට සැමදා සිදුවන දෙයක්බව ප‍්‍රකාශ කොට සක්වනකි. ඇයට යටත් වීම හැර වෙනත් විකල්පයක් නැත. තම පුරුෂ ප‍්‍රතිරූපය තවදුරටත් ගෙනයාමට බාධා කිරීමෙනි. කාන්තාව සෑම විවට පුරුෂාධිපත්‍යයට නතු වුව ද මේ චරිතය ඔස්සේ අනෝමා ජීනාදරී සමස්ත පුරුෂත්වයට අභියෝගයක් එල්ල කරයි. බ‍්‍රැන්ඩන් පුරුෂයාට ජයග‍්‍රහණය ලබා දී මරණයට පත් වෙද්දී තනි තටුවෙන් තුළ ඇය පුරුෂත්වයට යටත් නොවී එම කරදරය කෙළවර කර දැමුවත් අවසානයේ දී ජයග‍්‍රහණය පුරුෂ සමාජයට ලබා දෙමින් ඇයව වරදකාරිය කිරීම සිනමා කෘතියේ අවසානයේ දී පේ‍්‍රක්ෂකයා හමුවේ තබයි. සියල්ලන් ඉදිරියේ නිරුවත් වන ඇයව පාපකාරී තැනැත්තියක් ලෙස සමාජය හංවඩු ගසමින් නොයෙක් අපවාද වලට ලක් කරයි. තමාට සිදුවුන අසාධාරණයන්ට ඉදිරි පිම්මක් තැබීමක් විනා එහිදී ඇය එය ඉවසා වෛද්‍යවරයගේ ලිංගික ගොදුරට පත් වූවානම් එලෙස සමාජයේ ගැරහුමට ලක් නොවේ. පුරුෂ මූලික සමාජයක් තුළ කාන්තාව හා පුරුෂයා යැයි විවිධ තත්වයන් යටතේ වර්ගීකරණයන්ට ලක් වීම මීට හේතුව වේ.

බ‍්‍රැන්ඩන් ටීනා හා තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය යන මේ දෙදෙනාම සිනමා කෘති අවසානයේ දී පරාජිත්වයට පත් කර තිබේ. පුරුෂයාට ජය ලබා දී බ‍්‍රැන්ඩන් ඝාතනය වෙද්දී තනි තටුවෙන් තුළ ඇය පුරුෂත්වයට යම් අභියෝගයක් ලබා දෙමින් වරදකාරිය බවට පත් වේ. සමස්ත සිනමා කෘති දෙක තුළම සමාජය තුළ සංස්කෘතික හා සමාජීය වශයෙන් හිමි වී ඇති ස්ත‍්‍රී ලක්ෂණ හා පුරුෂ ලක්ෂණ මනාව ස්පුඨ කර දැක්වීමෙන් පේ‍්‍රක්ෂක මනස තුළ සදාකාලිකව අධිපති පුරුෂත්වය තහවුරු කර ඇති බවක් පෙනේ. 

සටහන- බුද්ධි

Saturday, July 4, 2015

මොකද්ද මේ අම්ල පිත්තය

 අම්ල පිත්තය 


වත්මන් සමාජය තුල සුලභ එහෙත් අධික වෙිදනාකාරී රෝගී තත්වයක් ලෙස අම්ල පිත්ත රෝගය ලෙස    හැදින්විය හැක මෙය ගැස්ට‍්‍රයිටිස් යනුවෙන් සමාජයේ බහුලව අසන්නට ලැබෙන, වයස් භෙදයකින් හෝ ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව වැලදෙන රෝග තත්වයකි අද වන විට මෙරට තරුණ පරපුරේ බොහෝ දෙනෙක් පීඩා වීදීම මහත් අවාසනාවන්ත තත්වයකි
මෙම රෝගයට මූලිකම හේතුවක් වන්නේ අවිධිමත් ආහාර රටා අනුගමනය කිරීමයිx විශේෂයෙන්ම බොහෝ පාසල් සිසුන් නිසි වෙිලාවට ආහාර ගැනීමෙන් වැලකී සිටීම සහ රෝලස් පැටිස්, හොටි ඩොග්ස් ආදී වූ විවිධ මාදිලියේ තෙල් බහුල දිරවීම අපහසු කෘතීම රස කාරක අඩංගු ක්‍ෂණික ආහාර ගැනීමට පුරුදුවී සිටීම මෙයට ප‍්‍රධාන හේතුවකිx
එසේම අද සමාජයේ පවතින කාර්ය බහුලත්වය නිසා ප‍්‍රධාන ආහාර වේල් නිසි කලට වෙිලාවට ගැනිම සිදු නොවෙිx පාසල් ළමුන් දිනපතා අමතර පංති වලට යොමුවී සිටීම නිසා ඔවුන්ගේ උදෑසන  සහ දිවා ආහාර වෙීල් නිසි පරිදි හා නිසි වෙිලාවට ගැනීම බොහෝ දුරට මග හැරී ඇතx ශරීර වර්ධනය හොදින් සිදුවන තරුණ වයසේ සිටින සිසුන් මෙලෙස රෝග වීම මහත් අභාග්‍යසමිපන්න තත්වයකි

අම්ල පිත්ත රෝගයේ ප‍්‍රධාන ලක්‍ෂණ ලෙස බඩ පුරවා දැමීම ,බඩ දැවිල්ල, ඔක්කාරය, හිසේ කැක්කුම දැක්විය හැකx ආමාශගත ආහාරය අමාශයේදී සිදුවන මූලික දිරවා ගැනීම් හරි ආකාරයට සිදු නොවීම නිසා අමාශය තුල ආම්ලික තාවයක් හටගනීx එවිට බඩ පුරවා දමය,ි බඬේ නොසන්සුන් බවක් ඇති කරයිx අම්ල ගතිය ගලනාලය ඔස්සේ ඉහලට ගමන් කිරීම නිසා පපුවේ හා උගුේර දැවිල්ල ඇති කරයි, ඔක්කාරය ඇතිවෙිx එසේම ආමාශයේ තුවාල හටගනීx ආහාර පැසවීම හෙවත් ජීරණය නිසි පරිදි සිදු නොවීම නිසා ආමය ඇතිවේx එය දරුණු රෝග රැුසක් හටගැනීමට පදනම වේ
රෝග ලක්‍ෂණ මතුවීමෙ විෂමතාවය මත මෙම රෝගය ආකාර 02කින් දැක්විය හැක
01 උෘ්රධවගත අම්ල පිත්තය
උදරය හෘදය ආශි‍්‍රත දැවිල්ල, තිත්ත වූත් ,ඇඹුල් වූත් විවිධ ව්රණ වමනය , හිසරදය ඇති වේx
02 අධෝගත අම්ල පිත්තය
      බඩ දැවිල්ල ,කරකැවිල්ල ,මු්රජාව ,අරුචිය , දහඩිය දැමීම ඇතිවේ

නූතනයේ මෙම රෝගය බහුල වීමට හේතු ලෙස, වැරදි ආහාර පුරුදු,  කෘතීම රසායනික යෙදු ආහාර ගැනීම,  අවිවේකී දිවි පැවැත්ම, මානසික ආතතිය, මත්පැන් පානය සහ දුම්බීම දැක්විය හැක
ආයුර්වෙිද වෛද්‍ය විද්‍යාවට අනූව නිසි පරිදි ඔෘෂධ ලබා ගැනීම සහ නිසි ආහාර රටා අනුගමනය කිරීම මගින් මෙම රෝගී තත්වය සමීපූරණයෙන්ම සුව කල හැකx
රෝගය සුව කිරීම මෙන්ම  රෝගය ඇතිවීම වැලැක්වීමට කටයුතු කිරීම අතිශය  වැදගත් කාරණාවකි, එහිදී අමිල පිත්ත රොගීන් අන්නාසි,තක්කාලි, අඹ ,අචිචාරු ආදී ඇඹුල් ආහාර ,තෙල් බැදුමි අහාර, නිතර තේ පානය ආදියෙන් වැලකී සිටීම අතිශය වැදගත් වන කරුණු වෙයි
බුද්ධිකා


Friday, July 3, 2015

වැරදි අයුරින් යොදා ගතහොත් රූපවාහිනිය ළමා පරපුර විනාශ කරයි


නුතන මානව සමාජයේ යෙදවුම් කාරකය මෙන් ම මෙහෙයුම් බලවේගය වනුයේ ජන මාධ්‍යය හා නව මාධ්‍යයන් ය.වැඩිහිටියන්ගේ මෙන් ම ළමයාගේ ද සිතුම්-පැතුම්,හැසිරීම්,ආහාර,විලාසිතා ආදී සියළු අවශ්‍යතා තීරණය කරනුයේ මෙම මාධ්‍යයන් මඟිනි.ඒ අනුව මීට ප‍්‍රථම පැවති පේ‍්‍රක්ෂක සමාජය ක‍්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බවට පත් කිරීමට ඒවාට හැකිවී ඇත.වෙළඳ දැන්වීම් එහිලා ප‍්‍රමුඛතම තීරකයා වන හෙයින් ළමයින් විෂයෙහි එහි බලපෑම විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි. වෙළඳ දැන්වීම් තුළින් වර්තමානයේ සමාජයට කරන අහිතකර තත්වය හමුෙවි ඊට විසදුම් සෙවීම පවා අපහසුය.
පුද්ගල සමාජ සංවිධානය තුළ ”ළමයා” යනු ඉතාමත් වැදගත් මෙන්ම කාගේත් අවධානයට ලක් වන්නාවූ පිරිසකි.ජීව විද්‍යාත්මක සත්වයකු වන මිනිසා පූර්ණ පුද්ගලයෙකු වීමට පෙර ගත කරන අවධිය ළමා අවධිය යි.පුද්ගල මානසික හා කායික සංවර්ධනයේ ද මූලික අඩිතාලම,පදනම ගොඩනැගෙනුයේ ළමා අවධියෙනි.ළමයා වර්ධනය සිදුවීමේදී කායික සංවර්ධනය මෙන් ම මානසික සංවර්ධනය යන දෙඅංශයම අනොන්‍ය ලෙස සහසම්බන්ධව ඉදිරියට ගමන් කරනු පෙනේ.
සිග්මන් ෆ්‍රොයිඞ් ඔහුගේ පෞරුෂය පිළිබඳ ඉගැන්වීම් තුළ වයස අවුරුදු 6-12 කාලය ඉතා තීරණාත්මක අවධිය වශයෙන් පෙන්වා දී ඇත. ළමා කායික හා මානසික පරිණත වීම ප‍්‍රබලවම සිදු වන අවධිය ද මෙය වන නිසා ම ළමුන් නව අත්හදා බැලීම්,අනුකරණය කිරීම ,තමා පිළිබඳ අතිශෝක්තියෙන් පසුවීම හා යමකට ඇබ්බැහි වීම ආදිය සුලභ ලක්ෂණයෝ ය.
කැතරින් රීඞී ෙබිකර් හා ෂෙනියා එම්.ජේ ගේ ”තරුණ ළමයින්ට මඟ පෙන්වීම හා තේරුම් ගැනීම ” නැමති කෘතිය තුළ,
ළමයා යනු ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා නමුත් සියල්ල දැනගත යුතුව සිටින  පුද්ගලයා ය
ලෙස දක්වා තිෙබි.
රූපවාහිනිය රටක ජන විඥානය පෝෂණය කරන ප‍්‍රබලතම ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය යි.නූතනය තුළ අනාගත පරම්පරාවේ විද්්‍යුත් ගුරුවරයා බවට පත්ව ඇත්තේ ද මෙම මාධ්‍යය යි.එතුළ වෙළඳ දැන්වීම් යනු මුළුමනින් ම ආර්ථික දේහය හා බැඳි සක‍්‍රීය මෙන් ම තරඟකාරී අංශය යි. .කෙසේ හෝ පුද්ගලයා දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙළඳ දැන්වීම් වලට වහල් වෙමින් මානසික අල්ලස් භුක්ති විදිමින් ඒවායෙහි ගොදුරු බවට පත් .එහිදී අදාළ නිෂ්පාදනය හෝ සන්නාමය සමාජගත කරනු වස් පුද්ගල මනසට කරනු ලබන බලපෑම ඉතාමත් ප‍්‍රබලය. මෙම වෙළඳ දැන්වීම් ආකර්ෂණීය වර්ණ,විවිධ හැඩතල සහ දර්ශනීය පසුතල උපයෝගී කර ගන්නා අතරතුරදී ම මානව සංවේදනාවන්හි දුර්වලතා මනාව හදුනාගෙන එම නිෂ්පාදකයින් ඔවුන්ගේ වාණිජ ඉලක්ක සපුරා ගනී.එහිලා ඉලක්ක ගත ප‍්‍රජාව වනුයේ ළමයින් වීම ද විශේෂතාවකි.
ළමයාට රූපවාහිනී වෙළඳ දැන්වීම් මඟින් කරනු ලබන බලපෑම හිතකර මෙන් ම අහිතකරව ද බලපායි.නූතනයේ දී මෙම ජන මාධ්‍යය ක්ෂේත‍්‍රය මනුෂ්‍යයාගේ ශුද්‍ර අංශුව දක්වාම ව්‍යාප්තව පවති.මීට දශක දෙක තුනකට ප‍්‍රථම දරුවන් ලෝකය දෘෂ්ටියට නතු කර ගත්තේ තම මවගේ දෑසින් වුව ද වත්මන තුළ දරුවාගේ දෙවන උපත සිදු වන්නේ මෙම ජන මාධ්‍යය ආශ‍්‍රයෙනි.එනිසාම ළමයා හා මාධ්‍යය අතර පවතින්නේ ඉතාමත් සමීප සම්බන්ධතාවයකි.පොදුවේ මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම් ළමයාගේ ,
හැසිරීම්
ආකල්ප
පෝෂණය
      කෙරේ ප‍්‍රබලවම බලපෑමක් එල්ල කරනු ලබයි.ළමයා යනු අනුකරණශීලී අයෙක් නිසා රූපවාහිනි වෙළඳ දැන්වීම් මඟින් ඍජු බලපෑමක් එල්ල වන හෙයින් ළමයා නිතැතින්ම ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණයන්ට ද වහල් වන බවක් පෙනේ.ආචාර්ය එඞ්වඞ් ජෝන් කර්නල් ප‍්‍රකාශ කරන අන්දමට,
වැරදි අයුරින් යොදා ගතහොත් රූපවාහිනිය ළමා පරපුර විනාශ කරයි
                                                              වශයෙන් දක්වා ඇත.
සැබවින්ම ජනප‍්‍රිය සංස්කෘතික ලක්ෂණ වලට අවනතව අද වන විට දරුවා තම ආහාරපාන,ඇªම්-පැළදුම් ආදී සියල්ල තීරණය කරන්නේ මෙම වෙළඳ දැන්වීම් මඟිනි.
රූපවාහිනී ආහාර වෙළඳ දැන්වීම් හේතුවෙන් ලොව පුරා දරුවන් සීනි අධික හා පිටි සහිත ආහාර වලට ඇබ්බැහි වී තිබෙන බවත් ඒ හේතුවෙන් දියවැඩියාව,තරබාරුකම රෝග වලට දරුවන් විශාල වශයෙන් ගොදුරුව ඇති බවත් සමීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇත.පුද්ගලයාට තම කුඩා කළ තුළ දී යමකට ඇතිවන කැමැත්ත මියයන තෙක්ම වුවද පැවතිය හැකි බව මනෝ විද්‍යාඥයින්ගේ අදහසයි.
ලොව පෝෂණ විශ්ලේශණයට අනුව වෙළඳ වෙළඳ දැන්වීම් හරහා ප‍්‍රචාරය වන ළමා නිෂ්පාදන තුළින් කුඩා ළමයින් මෙන්ම වැඩිහිටියන් ද ඒවා මිලදී ගැනීමට පෙළඹෙන බවක් නූතනයේ හඳුනාගත හැක.විශේෂයෙන් ම සීනී අධික රසකැවිලි වර්ග,ටොෆි,චොකලට්,පැණි බීම වර්ග මෙන් ම ක්ෂණික ආහාර මෙහිලා කැපී පෙනේ.එම නිෂ්පාදන ආයතන ආකර්ෂණශීලී ලෙස විවිධ හැඩතල හා කාටුන් චරිත ද ගොඩනගමින් ආහාර වෙළඳ දැන්වීම් නිර්මාණය කරනු ලැෙබි.අඩු පෝෂ්‍යදායී හා අධික මේදය සහිත බව මෙම ආහාර වල සුලභ ලක්ෂණයකි.බටහිර රටවල පමණක් නොව ලංකාව වැනි රටවල ද මෙම වෙළඳ දැන්වීම් ඉතාමක් සූක්ෂමව ළමා ප‍්‍රජාව සේම වැඩිහිටි ප‍්‍රජාව ද වසඟයට පත් කර ඇත.මේවාට දරුවන් විශාල ලෙස ඇබ්බැහි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා දරුවන් අධික තරබාරුකමෙන් හා දියවැඩියා රෝගයෙන් පීඩා විදිනු ලබයි.ලංකාෙවි ද කොළඹ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිත සමාජය තුළ එම ප‍්‍රවණතාව ම හදුනා ගත හැක.
රැුල්ලට ක්ෂණික ආහාර කඩ වෙත දෙමාපියන් දරුවන් රැුගෙන යන්නේ තම සමාජ තත්වය උලූප්පා දැක්වීමටයි. තමාගේ පොෂ් බව පෙන්වීමට ගොස් දරුවන් කුඩා කල සිටම රෝගීන් ලෙස සමාජයට දායාද කිරීමේ තත්වයට තමන් පත් වී ඇති බවවත් බොහෝ දෙමාපියන් නොදනිති. විශේෂයෙන්ම අහිතකර ආහාර පුරුදු වලින් ළමයා මුදවා ගැනීෙමි ප‍්‍රධානතම වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. නිරෝගී අනාගත පරපුරක් දැකීම නැතිනම් සිහිනයක් වනු නොඅනුමානය.

බුද්ධිකා බංඩාර

Thursday, July 2, 2015

ගොවිතැනේ වූ විප්ලවෙ

මානව සමාජය ඉදිරියට ගෙන යනු ලබන ප‍්‍රවාහය වනුයේ භාෂාවයි. එය සංස්කෘතියේ ද ප‍්‍රධානතම අංගය වන්නේ ද එහෙයිනි. මානව භාෂාව ජීව භාෂාවක් වන නිසා එය පවත්නා සමාජ ක‍්‍රමයට අනුරූපව නව දෑ එක් වෙමින් ,යම් යම් දෑ ඉවත් වෙමින් , පවත්නා සංස්කෘතියෙන් පෝෂණය වෙමින් මානව සමාජය සමග ඉදිරියට ඇදේ. මෙම ගතානුගතික බව මානව භාෂාෙවි සුවිශේෂී ලක්ෂණයකි.
 පැරණි ලාංකීය සමාජය තුළ පැවතියේ කෘෂි සංස්කෘතියකි. ඒ අනුව එතුළ පැවතියේ එයටම ආවේණික භාෂා පද්ධතියකි. එය පවත්නා පොදු සංස්කෘතිය තුළින් ම නිපන් උප සංස්කෘතියක් වන අතර පැරණි සංස්කෘතියේ ප‍්‍රකාශන මාධ්‍යය වූයේ මෙම එම භාෂාවයි.
 1960 ගණන් වලදී සිදුවූ තාක්ෂණික, දේශපාලන හා සමාජමය විර්යාසයට ලංකාව නතු වීමත් සමගම එතෙක් පැවති සාම්ප‍්‍රදායික කෘෂි සංස්කෘතිය පැහැදිලි වෙනසකට ලක්විය. උක්ත දක්වා ඇති හරිත විප්ලවය එයට බලපෑ මූලිකම හේතුව වූහ. ඒත් සමගම මෙරට පැවති සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය තුළ පැවති භාෂාව වෙනසකට ලක් වෙමින් වෙනත් භාෂාවක් නිර්මාණය වී තිෙබි.
 හරිත විප්ලවයේ ප‍්‍රතිඵල වශයෙන් මෙරටට නව කෘෂිකාර්මික මෙවලම් රැුසක් හදුන්වා දීමත් සමග එතෙක් පැවති ප‍්‍රාථමික මෙවලම් හා පුද්ගල ශ‍්‍රමය මත පදනම් වූ කෘෂිකර්මාන්තය වෙනුවට තාක්ෂණික යන්ත‍්‍ර මත පදනම් වූ නූතන කෘෂි සංස්කෘතියක් බිහිව ඇත.
 වගාවට හානි කරන සතුන් මර්ධනයට සාම්ප‍්‍රදායික කෙම් ක‍්‍රම භාවිත කළ  අතර නූතනයේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම.
 සාම්ප‍්‍රදායික මෙවලම් වෙනුවට නූතන මෙවලම් භාවිත කිරීම.
 සාම්ප‍්‍රදායික වචන මාලාව වෙනුවට නව වචන භාවිත කිරීම.
                 යන අවස්ථාවන් හදුනා ගැනීමට පුළුවන.
 විිශේෂයෙන් ම වී වගාව ගත් කළ සාම්ප‍්‍රදායික වචන වෙනුවට නූතනයේ භාවිත කරන වචන හදුනා ගැනීම වැදගත් ෙවි.
මූලිකවම ,
අස්වද්දනවා - ගොවිතැන් කරනවා/ වගා කරනවා
බිම් සැකසීම - ට‍්‍රැක්ටරයෙන් සී සෑම.
බිම් නඟනවා - මෙය නූතනයේ මූලිකවම අවස්ථා
  2ක් යටතේ සිදු කෙරේ.
පළමු බිම් නැඟීම - ඩිස් කිරීම.
දෙවන බිම් නැඟීම - රොටරි කිරීම.
වල් නෙලීම - වල් ගැලවීම.
නියර කෙටීම - නියර සකස් කිරීම.
කාටු   - රොඩ.ු
මඩවනවා - ගොයම් පෑගීම.
වී යාල්ලනවා - වී මනිනවා.
උහන් බානවා - ගොයම් කපනවා.

 ආදී වචන හදුනාගත හැක.
 තවද සාම්ප‍්‍රදායික මෙවලම් වෙනුවට භාවිත කරන නූතන මෙවලම් හදුන්වන වචන ද පහත පරිදි දැක්වීමට පුළුවන.
  •  දෑකැත්තෙන් ගොයම් කැපීම- සුනාමිය/ භූතයා වැනි අත්
  •                                          යන්ත‍්‍ර, ට‍්‍රැක්ටර් භාවිත කිරීම.
  •  කමත -                        ටෙන්ට් එක භාවිත කිරීම.
  •  හරකුන් ගෙන් සීසෑම-     ට‍්‍රැක්ටර් භාවිත කිරීම.
  •  බුසල් ක‍්‍රමය -         වී මිටි හෙවත් වී බෑග් යොදා  ගැනීම.
  •  සේරුව, ලාහ වැනි මිනුම් -     කිලෝ වලින් මැනීම.
  •  කෙම් ක‍්‍රම මගින් සතුන් මර්ධනය-කෘමිනාශක භාවිත කිරීම.
  •  අතින් පොහොර දැමීම -      කෘමිනාශක ඉසින යන්ත‍්‍ර
  •                                       භාවිත කිරීම.
  •  දිය ඩොගරය -              බට මගින් වතුර පොම්ප
  •                                        කිරීම.
  •  කරත්ත වල අස්වනු ගෙන යාම - ලොරි හා ට‍්‍රැක්ටර් වල පටවා 
  •                                                  ගෙන යාම.
  •  ගබඩාව - වී එක් රැුස් කර තබන
  •                    ස්ථානය

නූතනයේ දී එක් වී තිබෙන වචන ද පවතී. ඒවායින් කීපයක් පහත පරිදි දැක්වීමට පුළුවන.

 රොටරි කරනවා
 ඩිස් කරනවා
 පටවනවා
 සුනාමි ගහනවා
 භූතයා අල්ලනවා

         යනාදිය යි.

සටහන -බුද්ධිකා බංඩාර

Tuesday, June 30, 2015

අපේ ගොවිකම

පැරණි ගැමි සංස්කෘතිය වැවයි, දාගැබයි-ගමයි, පන්සලයි යන සංකල්පය මත ගොඩනැගුණකි. ගැමි ජීවිතයේ පදනම වූයේ කෘෂිකර්මාන්තය යි. එනිසාම ලාංකීය සමාජය කෘෂි සංස්කෘතියක් මත ගොඩනැගුණක් සේ සැලකේ.
අතීත සිංහලයා දිවි පෙවෙත සරුසාර කොට ගත්තේ කුඹුරත් ,කමතත් ඇසුරිනි. ගොඩ ගොවිතැන හේන් ගොවිතැන වූ අතර මඩ ගොවිතැන වූයේ වී ගොවිතැනයි. ඒ අනුව ප‍්‍රධාන කෘෂිකර්මාන්තය වශයෙන් සැලකූෙවි වී ගොවිතැනයි. එනිසාම අටුකොටු සරු වූ ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය ලෙස සලකනු ලැබීය. එහිදී සොබාදහම හා අදෘශ්‍යමාන බලෙවිග වල බැල්ම ,ආශිර්වාදය ඉතාමත් දැඩි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කරන ලදි.
එම කෘෂි සංස්කෘතියටම ආවේණික වූ වචන මාලාවක් මෙන්ම චාරිත‍්‍ර වාරිත‍්‍රයන් ද පැවතිණි. කෘෂිකර්මාන්තය තුළ භාවිත කළ භාෂාව තුළින් තත්කාලීන සමාජයේ භාෂාත්මක ලක්ෂණ සහ සංස්කෘතිය ද මනාව නිරූපණය ෙවි.
කෘෂිකර්මාන්තය ගත්කළ මුලිකවම ,
වී ගොවිතැන (කුඹුරු ගොවිතැන*
හේන් ගොවිතැන (ගොඩ ගොවිතැන*
ගෙවතු වගාව
             යන තුන් ආකාරයටම ඉටු කරනු ලැබීය.
නියමිත ස්ථානයක ස්ථීර ලෙසට ක‍්‍රමානුකූලව හා නිශ්චිත කාලයක් තුළ කරනු ලැබුවේ වී ගොවිතැනයි. හේන් ගොවිතැන ඊට වඩා මදක් වෙනස් ය. හේන් ගොවිතැනේදී කුරහන් ,මුං ,මෙනේරි, තල වැනි ධාන්‍ය වර්ග මෙන්ම බටු, මිරිස් ,වට්ටක්කා වැනි භෝග වර්ග ද වගා කළහ. ගොවියන් ඒ වැඩ කටයුතු කරද්දී ගෙවිලියෝද තම ගෙවත්තේ විවිධ භෝග වවන්නට වූ අතර ඉන් නිවසේ එදිනෙදා පරිභෝජනය සරිකර ගන්නා ලදි.



සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය.

පැරණි ලාංකීය ජන සමාජයේ පැවති කෘෂි ආර්ථික රටාව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයයි.  එහිදී භාවිත කරන ලද්දේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද වූ බැවින් එලෙෂ ව්‍යවහාර කරන්නට ඇත. පැරණි ලාංකීය සමාජ ජීවිතය මුළුමනින්ම පාහේ කෘෂිකර්මාන්තය ආශ‍්‍රිතව ගොඩනැගී තිබුණු නිසාම එකල ගැමි සංස්කෘතිය කෘෂි සංස්කෘතියක් බවට පත්ව තිබුණි. අතීත සමාජ රටාව ඒ ඔස්සේ ව්‍යුත්පන්න වූයෙන්  සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයට ඉතා විශාල වැදගත්කමක් හිමිව තිෙබි. ඔවුනටම අවැසි බස් වහර නිපන් වූයේ ද කෘෂිකර්මාන්තය ඔස්සේම ය. විශේෂයෙන් ම සාම්ප‍්‍රදායික සන්නිවේදනාත්මක හරය ද මෙම උප සංස්කෘතිය තුළ සමාජ සබධතා තහවුරු කළ ප‍්‍රධාන මෙවලමක් වූ බව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය හා බැදි සාම්ප‍්‍රදායික සන්නිවේදනයන් තුළින් හදුනා ගත හැක.
සාම්ප‍්‍රදායික ගොවිතැනේදී ගොවියා සොබා දහම හා ඉතාමත් ළෙන්ගතු සබධතාවක් පවත්වනු ලැබීය. ඔවුහු ගොවිතැන ඇරඹූවේ කල්යල් බලා උචිත නැකැත් වේලාවකට අනුවය. එලෙස කිරීමෙන් නිසි කලට වැසි වැස වැපිරූ භෝග පැලවීම සහතික විය.
සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය ගත් කළ මුලිකත්වයක් හිමි ව තිබුනේ මඩ ගොවිතැන හෙවත් වී වගාවටයි. ඒ අනුව වී වැපිරීමේ සිට අස්වනු නෙලා ගෙට ගැනීම දක්වා අතර වූ විශාල කි‍්‍රයාවලියක් පැවතිණි. ඒවා සම්බන්ධව අභිචාර ක‍්‍රම, චාරිත‍්‍ර වාරිත‍්‍රයන් ද දක්නට ලැබුණු නිසාවෙන් ම සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය යනු මෙම සමස්ත ක‍්‍රියාවලියම බැව් ප‍්‍රකාශ කිරීමට පුළුවන. ඒ තුළ කමතට ඉතාමත් වැදගත් අවස්ථාවක් හිමිව තිබූ අතර එයට ආවේණික වෙනම ම භාෂාවක් හා ක‍්‍රියාකාරකම් පෙළක් පවතී. මෙහිදී පළමුව කුඹුරක සිදුවන කි‍්‍රයාවලිය සංක්ෂිප්තව හෝ විමසා බැලීම එහි භාවිත අධ්‍යයනය කිරීමෙහි ලා පිටුවහලක් ෙවි.
කුඹුරේ කෙරෙන කටයුතු මුලිකවම ,
x වී ඉසීමට පෙර අවස්ථාව
x වී ඉසීමේ සිට අස්වනු කමතට ගෙන යාම දක්වා අවස්ථාව
                              වශයෙන් දෙයාකාරයකින් යුක්ත වූහ.

මුල් අවස්ථාව යටතේ සිදු වන්නේ සී සෑමයි. පැරණි ගැමියන්
පුරං හීය (බින්නැගුම*
දෙහිය
මඩ හීය
               යන ප‍්‍රධාන අවස්ථා තුන මත කුඹුර හානු ලැෙබි. ඔවුනට ඊට අවශ්‍ය දැනුම පාරම්පරිකව හිමි වූ අතර සිරිතක් ලෙස ලියද්දක් හාන්නේ එහි පාවුල සිටය. ඉන් අපේක්ෂා කළේ එහි රැුදී ඇති ජලය එක්වරම සිදී යාම වළක්වාලීමයි.
වී ඉසීමට පෙර කුඹුර මනාව මට්ටම් කිරීම එදා හැදින්වූයේ මඩ මේවර කිරීම ලෙසිනි. ඉන්පසුව එළඹෙන වැදගත් අවස්ථාව වන්නේ වී ඉසීමයි. උදේ වරුවේ දී සිදුකෙරෙන මෙය ගැමියන් ව්‍යවහාර කළේ ගෙවඩනවා යන නමිනි. මේ අවස්ථාවේ දී පැළමල හිටවීම නැමති චාරිත‍්‍රය ඉටු කරන අතර පුවක් මලක් හෝ පෙල් මලක් ,කිරි ගසක අත්තක් ,හබරල අත්තක් ගෙන වපුරනු ලබන කුඹුරේ මේ සියල්ල සිටුවා ඊට වී අහුරක් ඉසියි. එ් වී අහුර එම අතුවල වැදී නැවත ලියද්දටම වැටේ. එසේ කිරීමෙන් අස්වැන්න වැඩිවේ යැයි ගැමියන් අතර විශ්වාසයක් පවතී.
වී ඉසීමේ කාරියට පළපුරුදු පුද්ගලයා වී කපුවා , වී ගොයියා යන නම් වලින් හදුන්වනු ලැබීය. වෙනත් ගොවිතැන් කටයුතු වලට සම්බන්ධ නොවන මොහු ලියද්දක වපසරිය පළපුරුද්දෙන් දැන අහුරෙන් අහුර වී ඉසීම සිදු කරයි.
ඉන්පසු දෙවන අදියර ආරම්භ වේ. ගොයම වැඩිමෙන් පසු වැදගත්ම අවස්ථාව වනුයේ සුභ නැකතක් බලා ගොයම් කැපීමයි. එලෙස මුලින්ම කැපෙන ගොයම කමත් කොළේ ලෙස හදුන්වයි. එතැන් පසු කටයුතු සිදු කෙරෙනුයේ කමතේ වන අතර ඒ ආශ‍්‍රිත වෙනම ක‍්‍රියාවලියක් මෙන්ම අභිචාර රැුසක් කෘෂි සංස්කෘතිය තුළ මනාව හදුනා ගත හැක.
” ඉහළ වෙලේ තියෙන බැතා
 පහළ වෙලේ තියෙන බැතා
 අටු කොටු වල තියෙන බැතා
 ඇද පුරවන් මේ   කමතා ”
     
වැනි ඒවාටම විශේෂිත වූ කෘෂි සාහිත්‍යයකට ද අප උරුමකම් කියා ඇත්තෙමු.
 මෙහිදී,
කොළ මැඩවීම
බැත පෑගීම
බැත මැනීම


මුලිකවම කමත තුළ සිදුකෙරේ. කමත ශුද්ධ භූමියක් වනබැවින් ඒ තුළ අභිචාර ක‍්‍රම රැුසක් සේම ක‍්‍රමවේද රැුසක් අනුගමනය කරනු ලබයි.

”කොළ මැඩවීම” යනු හරකුන් ලවා කොළපාගවා වී ඇට වෙන් කිරීමයි. එහිදී වට කැඞීම සිදු කෙරේ. කොළ මදක් මැඩවුණු පසු කොළ ගොඩෙන් හතරෙන් එකක් ගෙන උකුණු දැත්තෙන් සොලවා යලිත් කොළ ගොඩට දැමීම වට කැඞීම නමි.(ජේ.බී දිසානායක – උඩරට සිංහලය කෘතිය* පසුව කොළ බිදීම සිදු කරන අතර එය ඇතැම් අය කොළේ සමන්නනවා ලෙසින් ද හදුන්වයි. ඉන්පසු මඩුවන් බෑම ඇරඹෙන අතර මුලින්ම ප‍්‍රධාන ගොවියා එම කටයුත්ත සිදුකරයි.
ඊළග අවස්ථාව ”බැත පෑගීම” යි. මෙහිදී මුලින්ම කෙරෙන්නේ බැතය කොක් ගෑමයි. එනම් බැතයට යට වූ පිදුරු කෑලි ,කාටු ආදිය ඉවත් කිරීමයි. නියම වශයෙන් බැත පෑගීමට පෙර ගොවියා කුල්ලක් ගෙන , බැත කන්දට වැද , තුන්පළකින් බැත ස්වල්පය බැගින්  කුල්ලට ගෙන , එය නැවතත් බැත කන්දටම හෙලීම කරයි. පසුව තෙවතාවක් කුල්ලෙන් බැත කන්දට පවන් ගසයි.
මීළග වැදගත්ම කටයුත්ත ”බැත මැනීම” යි. ඊට පෙර ඉටුකළයුතු චාරිත‍්‍ර කීපයක්ම පවතී. ලහ ඇදින්නීම , බැත ලාහු කිරීම හා බැත ඉදුල් කිරීම වැනි කටයුතු ඒ යටතේ දී කරනු ලැෙබි. බැත කන්දක තිබෙන බැත ප‍්‍රමාණය ගැන දළ අවබෝධයක් ගොවියාට තිබෙන නිසා ඔහු මුලින් කුඹුරු හිමියාට වෙන් කොට ඊට සමාන ප‍්‍රමාණයක් තමාටත් තබා ගනී. අනතුරුව අන්තිම ලාහ දක්වා පිළිවෙළකට සමසමව බැත බෙදීම කරයි.
මෙහිදී අතීතයේ පැවති වී ගොවිතැන හා සම්බන්ධ වදන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුය. මන් ද නූතන කෘෂිකර්මාන්තය තුළ ඒවා වෙනස් වී ඇති අන්දම අධ්‍යයනය කිරීමේදී එය පිටිවහලක් වන බැවිණි.

කමත/කළවිට - ගොයම් පෑගීම සදහා කුඹුරේ සාදා
  ඇති විශේෂ ස්ථානය
ගොයම් කොළය/කොළ කැටිය - ගොයම් ගොඩගැසූ කන්ද
දැතිගොයියා - ගොයම් කොළ ඇවිස්සීමට
  ගන්නා දණ්ඩ
මාගල - වී වේලීමට ගන්නා මා
පැදුර
පාවර - එකවර පාගනු ලබන ගොයම්
ප‍්‍රමාණය
ඇවරිය - වී හුලං කිරීමට යොදා
ගන්නා ආධාරකය
වලහන් - ගොවිතැනට උදව් වෙන අයට
  දෙනු ලබන වී ප‍්‍රමාණය
මැඩුවන් - පිදුරු
අම්බරුවන් -       මී හරක්
මැල්ල - බොල් වී
ඇඹුල - උදේ කෑම
මුත්තා කණුව - ගොන් කණුව
බැත - වී
යතුර - කුල්ල
ලියන්නාව - දෑකැත්ත
මුත්තෙට්ටුව- ආහාර
බරු - වී සහිත ගොයම
යාල ගොයිය -       කුරුණිය
බාන් වැල - වැල් වලින් ඇඹරූ ලණුව
දැති බැදීම - නියරවල් බැදීම
මඩ මේවර කිරීම - කුඹුර මනාසේ මට්ටම් කිරීම

කුඹුර තුළ කමත ට හිමි වන්නේ ප‍්‍රධාන ස්ථානයකි. ගැමියා කමත දේවත්වයෙන් සලකන නිසාම ඒ ආශ‍්‍රිතව වෙනම අභිචාර හා බැදි කි‍්‍රයාවලියක් මෙන්ම ඊටම ආවේණික වචන මාලාවක් ද භාවිත කරනු ලබයි. පිරිමින් විසින් කමතේ වැඩ කටයුතු ඉටු කරනු ලබන අතර කාන්තාවන්ට කමතට ගොඩවැදීම අකැප යැයි සලකයි. කමතට තුළ භාවිත වන වචන කුඹුර තුළ භාවිත වන වචන වලින් වෙනස් වන අන්දම පහත පරිදි හදුනා ගත හැක.
කමත තුළ කමතින් පිටත
       අම්බරුවා                                   හරකා
ඉස්සර කරනවා                කනවා
කොටන්නාව                        උදැල්ල
කොළේ                                ගොයම් ගොඩ
ගගුලා කැද
ගොම්පස් ගොම
දැති ගොයියා උකුණු ගහ
පුබ්බරු බත්
පැගිරියා බුලත්
යාල්ලනවා බැත මදිනවා
රතඹලා ගින්දර
බාපල්ලා වරෙං
                             යනාදී ලෙස දැක්විය හැක.
සටහන බුද්ධිකා

මේ තෙත් බිමේ කතාවයි (ලෝක තෙත්බිම් දිනය බෙරවාරි 02*

ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන පාරිසරික විවිධත්වය තුළ තෙත් බ්ම් වලට හිමි වනුයේ මුලික ස්ථානයකි. සෑම රටකම සමතුලිත පාරිසරික තත්වයක් රැුකදීමෙහි ලා මෙමගින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාම සෑම වසරකම පෙබරවාරි 02 වන දින ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර තිබේ. එසේ  නම් වූ ලෝක තෙත් බිම් දිනයේ කතාවයි මේ.
1960 ගණන් වන විට යුරෝපය තුළ තෙත් බිම් සීඝ‍්‍රයෙන් අඩුවීම හා ජලාශ‍්‍රිත පක්ෂීන් විශාල ලෙස වද වීම යාම මූලික කොට ගනිමින් තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැුම්සාර් නුවරදී පවත්වන ලදි. එහිදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැුම්සාර් සම්මුතිය නමින් හැදින්වේ. 1971 අත්සන් තබා සම්මත කර ගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක වී ඇත. මෙම සම්මුතිය ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය හා යහපාලනය සඳහා ක‍්‍රියාත්මක වන අතර දැනට රටවල් 160 කට වැඩි ප‍්‍රමාණයක් මෙයට අත්සන් තබා තිබේ. මෙම සම්මුතියෙහි පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ,
”ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අනතර්ජාතික සහයෝගිතා මගින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීම ”
යන්නයි. මීට අමතරව මෙමගින් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පරිසර පද්ධති කෙරෙහි හිතකර කිරීම සඳහා ”නැණවත් භාවිතාව” නමින් චින්තනයක් ද ක‍්‍රියාත්මක කෙරේ.  මෙම සම්මුතිය දැනට ලෝකයේ ක‍්‍රියාත්මක වන්නාවූ පැරණිතම නූතන අන්තර්ජාතික එකගතාව වශයෙන් ද සැලකේ. මේ වන විට මෙයට සම්බන්ධ වන තෙත්බිම් සංඛ්‍යාව දහසට වැඩි ය.
රැුම්සා සම්මුතියට අනුව තෙත් බිමක් වශයෙන් සලකනු ලබන්නේ, ස්වභාවික හෝ කෘත‍්‍රීම වූද ස්ථීර හෝ තාවකාලික හා කරදිය හා කිවුල්දිය සහිත බාදිය මට්ටමේ සිට මිටර් 06 ට වඩා අඩු සාගර ජලය ඇති ප‍්‍රදේශ ඇතුලත් වගුරු බිමි ගොහොරු බිම් සහ ජල ප‍්‍රදේශ වේ. ශ‍්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තබමින් සාමාජිකත්වය ලබා ගන්නේ 1987 වුවත් එය බලාත්මකව ඇත්තේ 1991 වර්ෂයේ ඔක්තෝම්බර් 15 වන දින  සිටයි. ශ‍්‍රී ලංකාව ගත්කළ තෙත්බ්ම් බහුල වශයෙන් හඳුනාගත හැකි රටකි. කරදිය , මිරිදිය මෙන් ම කෘත‍්‍රීම තෙත්බිම් ද ඒ අතර වේ. කලපු ,කඩොලාන , කොරල්පර ,මුහුදු තෘණබිම් හා මෝය කරදිය තෙත්බිම් ය. මිරිදිය වගුරු, ගංගා, ඇල-දොල, ඔයවල් මිරිදිය තෙත්බිම් වලට අයත් වේ. කුඹුරු, වැව් හා ජලාශ වලින් යුත් කෘත‍්‍රීම තෙත්බිම් වලින් ද ලංකාවේ තෙත්බිම් පද්ධතිය ගොඩනැගී තිබේ. එනිසාම ලෝක තෙත් බිම් ප‍්‍රමාණයෙන් විල් හැරුණු විට අනිකුත් සියලූ අංගයන්ගෙන් සමන්විත අපූරු සොභා සෞන්දර්යකින් යුතු රටක් ලෙස ලෝකයේ ම පිළිගැනීමට ලක්ව තිබීම අප කාගේත් සිත් වලට නිරහංකාර ආඩම්බරයක් ද එක් කරයි. කෙසේ හෝ මේ වන විට රැුම්සා සම්මුතියෙන් සංරක්ෂණය වන රැුම්සාර් තෙත්බිම් 5ක් ලංකාවෙන් හදුනාගත හැක. එනම්,
බූන්දල ජාතික වන උද්‍යානය
වයඹ පළාතේ ආනවිලූන්දාව අභය භූමිය
දකුණු පළාතේ මාඳුගඟ අභය භූමිය
මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය
අම්පාර දිස්ත‍්‍රික්කයේ කුමන අභය භූමිය
                                        යන ඒවායි.
දකූණු පළාතේ බුන්දල ජාතික වන උද්‍යානය මෙරට ප‍්‍රථම රැුම්සාර් තෙත්බිම වශයෙන් 1990 ජූනි 15 වන දින නම් කර ඇත. මීට අමතරව මුතුරාජවෙල අභය භුමිය, කලමැටිය, හික්කඩුව, රූමස්සල වැනි අභය භූමි 42ක් පමණ ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුලත් කර තිබීමත් විශේෂත්වයකි. මේ නිසාම තෙත් බිම් පාරිසරික සම්පත් උපරිම වශයෙන් ඇති රටක් ලෙස අප රට සැලකීම සාවද්‍ය නොවේ. අතීතයේ සිට ම කෘෂිකාර්මික රටක් වන ලංකාවට කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය, වැව් මගින් වැසි ජගය ගබඩා කර ගැනීම, ලූණු කර්මාන්තය මෙන්ම ජල විදුලිය නිපදවීම වැනි කර්මාන්ත රැුසකට මේවා මගින් විශාල දායකත්වයක් ලබා දෙයි. තවත් අතකට කඩොලාන ශාක ප‍්‍රජාව මගින් වෙරළ ඛාදනය වැලක්වීම, ස්වභාවික විපත් පාලනය කිරීම ආදී සේවා රැුසක් ද ඉටු කෙරේ.
පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට සෘජු දායකත්වයක් ඉටු කෙරෙන මෙම තෙත්බ්ම් වල පැවැත්ම සම්බන්ධව වර්තමානය වන විට ගැටලූ රැුසක් උද්ගතව තිබේ. ඒ සඳහා මුලිකවම බලපෑ ඇත්තේ අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම් ය. ඒ අතර තෙත්බිම් ආශ‍්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම, මිනිස් කටයුතු සඳහා තෙත්බිම් ගොඩ කිරීම, තෙත්බිම් වල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හා තෙත්බිම් වල පවත්නා ජෛව විවිධත්වයට හානිකර වන ආකාරයට කටයුතු කිරීම කැපී පෙනෙන ගැටලූ බවට පත්ව තිබේ. මෙම තෙත්බිම් ආශ‍්‍රිත හානි අවම කර ගැනීම සඳහා යම් ආකාරයක මෙහෙයක් 1937 අංක 02 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ඉටු කෙරේ. එය 1970,1992 හා නැවත 2009 වසර වල සංශෝධනය වෙමින් තෙත්බිම් ආරක්ෂා කිරීමේ යම් ආකාරයක වගකීමක් ඉටු කරනු ලබයි. කෙතරම් විධි විධාන යෙදුව ද මිනිසුන් අවිධිමත් ලෙස සිදු කරනු ලබන මාලූ ඇල්ලීම් හා කඩොලාන ශාක කපා ඉවත් කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතී. ඊට විකල්පයක් ලෙස මෑතකාලීනව පරිසර අධකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂක ඒකකයේ මුලිකත්වයෙන් කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියන් ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. රටට අවශ්‍ය පාරිසරික සමතුලිතතාව මෙන් ම තවත් අතකට මිනිසාගේ එදිනෙදා පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන මෙම පරිසර ප‍්‍රජාව තවත් අතකට මෙරට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ද ප‍්‍රබල දායකත්වයක් දරනු ලැබේ.
විනාශවීමේ තර්ජනයට මුහුණ දී සිටින මෙම තෙත්බිම් රැුක ගැනීම සඳහා විවිධ සම්මන්ත‍්‍රණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, අත් පත‍්‍රිකා බෙදා දීම්, වාර්තා වැඩසටහන් ආදිය සිදු කිරීමට වගකිවයුතු ආයතන ඉක්මනින් ක‍්‍රියාත්මක වීම තුළ අනාගතයේ ඇති විය හැකි විශාල පාරිසරික හානියක් වලක්වා ගත හැකි වනු ඇත. එබැවින් සෑම වසරක ම පෙබරවාරි 02 වන දිනට යෙදෙන තෙත්බ්ම් දිනයේ දී පමණක් නොව හැකි සෑම විමට සෑම දෙනාම තමාට හැකි පමණින් තෙත්බිම් වලට සිදුවන හානිය අවමකර ගැනීමට වගබලා ගැනීම තම පරම යුතුකමක් බව සිහිතලාගෙන කටයුතු කල යුතව  ඇත.
සටහන- බුද්ධි

මාර්තු මාසයේ වැදගත් දිනයන් හා සිදුවීම්.


මාර්තු මාසය යනු
වසරේ තුන්වන මාසය වන මාර්තු මාසය සිංහල ක‍්‍රමයට අනුව හැදින්වෙන්නේ මැදින් මස ලෙසයි. සිංහල සමාජ ක‍්‍රමය තුළ යල හා මහ කන්න වලට අමතරව මැද කන්න යනුවෙන් ද කෘෂිකාර්මික වශයෙන් බෙදීමක් ඇත. ඒ අනුව මැද කන්න යන්නේ අරුත වනුයේ හේන් ගොවිතැන් ආරම්භ කරන මාසය නිසාවෙනි.
මෙම මාසය ඵ්ඍක්‍්‍ය හෙවත් මාර්තු නමින් හැදින්වෙන්නේ රෝම ක‍්‍රමයට අනුව ”මාර්ස් ” නැමති දෙවියා වෙනුවෙන් වෙන් කර ඇති මාසය බැවිනි. මාර්ස් දෙවියා පැරණි රෝම විශ්වාසයන්ට අනුව කෘෂිකර්මාන්තයට අධිපති දෙවියා යි. කෙසේ හෝ මාර්තු මාසය කෘෂීකාර්මික කටයුතු වලට අවශ්‍ය පාරිසරික තත්වයන්ගෙන් ද යුතුවන නිසා ඉතා වැදගත් මාසයකි.
මාර්තු 02
 සිංහල භාෂා දිනය - සිංහල භාෂාවට විශාල සේවාවක් කළ ගත්කතුවරයකු වූ කුමාරතුංග මුනිදාස මහතා 1944 මාර්තු 02 වන දින මිය ගිය අතර එතුමා විසින් සිංහල බසට කළ විශාල සේවය ඇගයීමට සෑම වසරකම මාර්තු 02 වන දා සිංහල භාෂා දිනය සමරනු ලැබේ. නිදහස පිළිබඳ ජාතික ප‍්‍රපෝධයක් ඇති කිරීමට විශාල දායකත්වයක් දැක්වූ කුමාරතුංගයන් සිංහල භාෂාවට ආණ්ඩුව - රජය,පාර්ලිමේන්තුව- මැතිසබය, විශ්වවිද්‍යාලය- සරසවිය ආදී වශයෙන් වචන රැුසක් ද හදුන්වා දෙන ලදි. කෙසේ හෝ සෑම වසරකම මාර්තු 02 වන දින සිංහල භාෂා දිනයට සමගාමීව සිංහල භාෂායේ සුරක්ෂිතතාව හා ඉදිර් පැවැත්ම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ.

 පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය - බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වී නිදහස ලබා ගත් යටත්විජිත රටවල් වල එකතුවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය 1887 මාර්තු මස 02 වන දින ආරම්භ වූ අතර සෑම වසරකම මාර්තු 02 එම දිනය සැමරේ.

 උඩරට ගිවිසුම අත්සන් කිරීම - 1815 දී උඩරට රජතුමා හා රදළයින් ඉංග‍්‍රීසීන් අතර අත්සන් තැබුනු උඩරට ගිවිසුම අත්සන් කලේ එම වසරේ මාර්තු 02 වනදා ය. ඒත් සමගම සම්පූර්ණයෙන් ම ශී‍්‍ර ලංකාව යටත් කර ගැනීමට ඉංග‍්‍රීසීන් සමත් විය.
මාර්තු 03
 හිනා-මත්සුරි දිනය - ජපානයේ ගැහැණු ළමුන්ගේ දිනය හිනා මත්සුරි දිනය නමින් හැදින්වේ. සෑම වසරකම මාර්තු 03 වන දා හිනා මත්සුරි දිනය ඉතා උත්කර්ෂවත් අන්දම්න් සෑමරේ. ජපන් සංස්කෘතිය තුළ ගැහැණු ළමයාට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබෙන නිසාම මෙය සංස්කෘතිකමය උත්සවයක් ද වේ. එදිනට ගැහැණු ළමුන් තමාගේ බෝනික්කන් ප‍්‍රදර්ශනයට තබා එය නැරඹීමට එන්නන් හට ප‍්‍රනීත ආහාරපාන වලින් සංග‍්‍රහ කරනු ලබයි. එදින උඣීසනම තම මවගෙන් බෝනික්කෙකු තෑග්ගක් ලෙස හිමි වීමත් සමග මෙම උත්සවය ඇරඹේ.
 බල්ගේරියානු ජාතික දිනය - 1878 මාර්තු 03 වන දා බල්ගේරියාව තුර්කි අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් අතර බල්ගේරියානු ජාතික දිනය ලෙස නම් කෙරුනේ මාර්තු 03 වන දාය.

 මොරොක්කෝ ජාතික දිනය - ප‍්‍රංශ යටත්විජිතයක්ව පැවති මෙරොක්කෝව ඉන් නිදහස ලබා ගන්නේ 1956 මාර්තු 03 වනදා ය. අප‍්‍රිකානු මහද්වීපයට අයත් රටත් ලෙස මොරොක්කෝව සැලකේ.
මාර්තු 05
 ජපානයේ පිරිමි ළමුන්ගේ දිනය - සෑම වසරකම මාර්තු 05 වන දා ජපානයේ පිරිමි ළමුන්ගේ දිනය අති උත්කර්ෂවත් අන්දමින් සැමරේ. පවුලේ පිරිමි දරුවන්ට ආශිර්වාදය හා ශක්තිය පතා දෙමාබියන් විසින් විවිධ ආගමික කටයුතු සිදු කරනු ලැබේ. ගැහැණු ළමයින්ගේ දිනයේ සේම මෙහිදී ද බෝනික්කන් තෑගි වශයෙන් පිරිමි ළමුන්ට හිමි වේ.
මාර්තු 08
 ජාත්‍යන්තර කාන්තා දිනය - සෑම වසරකම මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබේ. 1857 මාර්තු 08 වන දින නිව්යෝක් නුවර ඇගලූම් කම්හලක කාන්තාවන් විසින් විශාල උද්ඝෝෂනයක් සිදු කරමින් තම අයිතීන් වෙනුවෙන් නැගී සිටිය අතර එම ජයග‍්‍රහණය සනිටුහන් කිරීමට මුලදී මේ දිනය යොදා ගන්නා ලදි. 1911 සිට මෙම දිනය සැමරීම අරඹා ඇත. අද වන විට ලෝකයේ කාන්තාවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් මේ හරහා ඉටු කරන අතර ලංකාව තුළත් ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කොටගෙන විවිධ වැඩසටහන් සෑම වසරකම මාර්තු 08 වන දා සිදු කෙරේ.
මාර්තු 10
 ජාතික ප‍්‍රවාහන දිනය - සෑම වසරකම මාර්තු 10 වන දින ජාතික ප‍්‍රවාහන දිනය සැමරේ.
මාර්තු 14
 ජගත් දුම්රිය දිනය - මාර්තු 14 වන දා ජගත් දුම්රිය දිනය යි.
මාර්තු 15
 ජගත් පාරිභෝගික දිනය - 1983 මාර්තු 15 වන දිනය ජගත් පාරිභෝගික දිනය වශයෙන් නම් කර ඇත. ඒ අනුව සෑම රටකම මෙම දිනය සමරන අතර එදිනට පාරිභෝගිකයින් වෙත සුවිශේෂ වරප‍්‍රසාදයන් ද හිමි වේ.
මාර්තු 20
 ජාතික පාපැදි දිනය - මෙම ජාතික පාපැදි දිනයට සමගාමීව විවිධ පාපැදි තරග මෙන්ම පා පැදි ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ.
මාර්තු 21
 ශ‍්‍රී ලංකා පොලිස් අනුස්මරණ දිනය - රාජකාරියෙහි යෙදී සිටි පොලිස් සැරයන්වරයකු තම රාජකාරිය වෙනුවෙන් ප‍්‍රථම වරට දිවි පුද කිරීම සිහි කිරීම පිණිස මෙම දිනය සැමරේ.
මාර්තු 22
 ලෝක ජල දිනය - මෙලොව ජීවි පැවැත්ම පවත්වා ගෙන යාමෙහි ලා ජලය මගින් කරනු ලබන කාර්යය අති විශාල වේ. ඒ අනුව අත්‍යවශ්‍ය සම්පතක් ලෙස සැලකෙන පිරිසිදු ජලය පිළිබඳ අර්බුද හටගෙන තිබේ. ඒ අනුව ජලය සුරුකීම පිළිබඳ ජනතාව දැනුවත් කරමින් විවිධ වැඩසටහන් ලෝකය පුරා මෙම දිනයට සමගාමීව සිදු කෙරේ. 1993 වසරේ සිට මෙම දිනය සැමරේ.
මාර්තු 23
 ලෝක කාලගුණවිද්‍යා දිනය -  1951 මාර්තු 23 වන දින එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වශයෙන් ලෝක කාලගුණ විද්‍යා සංගමය පිහිටුවන ලදි. එතැන් සිට සෑම වසරකම මාර්තු 23 වන දින ලෝක කාලගුණ විද්‍යා දිනය ලෙස නම් කර තිබේ.  
මාර්තු 24
 ලෝක කෂය රෝග දිනය - 1882 මාර්තු 24 වනදා ක්ෂුද්‍ර ජීව වෛද්‍යවරයකු වූ ජර්මන් ජාතික රොබට් කොක් විසින්  ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සොයා ගන්නා ලදි. ඒ අනුව සෑම වසරකම මෙම ක්ෂය රෝග දිනයේ දී එය වලක්වා ගනිමින් තුරන් කර ගැනීම සඳහා දැනුවත් කිරීමි හා සායන ආදී විවිධ වැඩසටහන් ඊට සමගාමීව කි‍්‍රයාත්මක කරනු ලබයි. 
මාර්තු 27
 ලෝක නාට්‍ය දිනය - යුනෙස්කෝව මගින් මාර්තු 27 වන දා ලෝක නාට්‍ය දිනය වශයෙන් නම් කර තිබේ.
අපේ‍්‍රල් මාසයේ වැදගත් දිනයන් හා සිදුවීම්.
 ්ඡුඍෂඛ හෙවත් අපේ‍්‍රල් මාසය ලෙස මෙම මාසය හැදින්වෙන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් ඇප්‍රෙසිටෙ දෙවගනට උපහාර වශයෙන් ය. නමුත් සිංහල ක‍්‍රමයට අනුව බක් මස යනුවෙන් හැදින්වෙන්නේ වසන්ත කාලය හගවනු පිණිස යි. විශේෂයෙන් ම සිංහල දෙමළ අලුත් අවුරුද්ද, අලූත් සහල් මංගල්‍යය ප‍්‍රමුඛ සශ‍්‍රීක බවින් යුක්ත මාසයක් වශයෙන් අපේ‍්‍රල් මාසය හැදින්වීමට පුලූවන.
අපේ‍්‍රල් 01
ලොවපුරා ජනතාව විනෝද වීමේ දිනය වශයෙන් හදුන්වනු ලබන්නේ අපේ‍්‍රල් පළමුවන දාය. මෙය මෝඩයින්ගේ දිනය වශයෙන් සලකනු ලබන්නේ ද මෙම දිනය යි.
අපේ‍්‍රල් 02
ලෝක ළමා පොත් දිනය - අපේ‍්‍රල් 02 වන දා යෙදී ඇත්තේ ලොක් ළමා පොත් දිනය යි. ළමා සාහිත්‍ය වෙනුවෙන් අමිල සේවාවක් ඉටු කළ හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ උපන් දිනය මෙදිනට යෙදී ඇති අතර එතුමාට උපහාර වශයෙන් මෙදින ලෝක ළමා පොත්දිනය ලෙස නම් කර තිබේ.
අපේ‍්‍රල් 07
 ලෝක සෞඛ්‍ය දිනය - එක්සත් ජාතීන්ගේ සමුලූවේ දී නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය 1947 අපේ‍්‍රල් 07 වන දා ආරම්භ කරන ලදි. මේ නිසා සෑම වසරකම අපේ‍්‍රල් 07 වන දින ලෝක සෞඛ්‍ය දිනය වශයෙන් නම් කර ඇත. සෑම වසරකම මේ දිනයට සමගාමීව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සමගාමීව විවිධ තේමාවන් මූලික කොට ගනිමින් වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරේ.
අපේ‍්‍රල් 12
අජටකාශගාමීන්ගේ දිනය - 1961 අපේ‍්‍රල් 12 වන දා යූරී ගගාරින් ඪධීඔධණ 01 යානයෙන් අශ්‍යවකාශගත වූ අතර එය සිහි කිරීම සදහා මෙම දිනය නම් කර ඇත.
අපේ‍්‍රල් 22
ලෝක මිහිතල දිනය - 1970 අපේ‍්‍රල් 22 වන දින ලෝක මිහිතල දිනය වශයෙන් ඇමරිකාවේ දී නම් කරන ලදි. විශේෂයෙන් ම මේ දිනයේ දී පරිසරය ආරක්ෂා කර ගැනීම හා අද වන විට මිහිතලය හමුවේ ඇති අභියෝග පිළිබදව දැනුවත් කිරීම් සිදු කෙරේ.
අපේ‍්‍රල් 26
ජාත්‍යන්තර වර්නෝබල් දිනය - ලෝකයේ දරුණූතම න්‍යෂ්ටික අනතුර වශයෙන් සැලකෙන රුසියාවේ වර්නෝබල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම 1968 අපේ‍්‍රල් 26 වන දා සිදු විය. එය සිහිපත් කිරීම මෙමගින් සිදු කෙරේ.
අපේ‍්‍රල් 29
විශ්ව නර්තන දිනය - මෙම දිනය නම් කර ඇත්තේ 18 වන සියවසේ ප‍්‍රවීණ නර්තන ශිල්පියෙකු වූ ෂාන් ජෝර්ජ් නොවෙරි සිහි කිරීම පිණීස යි. 1968 සිට සෑම වසරකම අපේ‍්‍රල් 29 වන දින මෙම දිනය සැමරේ.

සටහන -බුද්ධි

 

කඹරව

කටු පදුරු තැනිතලා
උස් බිමි ද
ගං ජලය සිඳී ගිය
මඩ වගුරු
මී හරකුන් ද
නිල්පාට ගහකොළට
හෙනහුරා වැඩලා ද


පඩු පාට පුන් සඳට
අතීසාරය හැදිලා ද
නැත තිබුනෙ තෙත් ගතිය
වියළිලා ගිහිල්ල ද


කලු පාට පරඩැල්ල
ඉරි ඇඳුනු මිනිස්සු ද
කෑම දිය සොයා යන
ඇට සැකිලි බලු නකුටන් ද
නටඹුන්ව අනුරපුෙ
නටඹුන් ද
භෞතිකව ගිය වස්තු
සිල්ලරට විකිණේ ද


මියුරු

මෙ නිවුන් නගර වල කතාවයි


නිවුන් නගර
ටෙක්සාස් විශ්ව විද්‍යාලය ලෝකයේ සෑම මිනිසුන් 1000කින් 32 ක් ම නිවුන් බව එනම් 1000න් 16ක් යුගල අය වන බවත් එය මුලූ ජනගහනයෙන් 3% ක් බව ටෙක්සාස් විශ්ව විද්‍යාලය මගින් තක්සේරු කර ඇත. ආගම ,ජාතිය හා ජනවර්ගය යන කරුණු මත මෙම සංඛ්‍යාව වෙනස් වන බව පෙනේ. සමහර ජනවාර්ගික කණ්ඩායම් සංඛ්‍යාවට වඩා වැඩි නිවුන් අයගේ බිහිවීමක් දැකිය හැකි අතර සමහරක නිවුන් අයගේ බිහිවීම අඩු මට්ටමක තිබේ.
පර්යේෂකයින්ගේ අදහස වන්නේ නිවුන් බව අහම්බයෙන් සිදුවන්නක් වුවත් එය පාරම්පරිකව එනම් ප‍්‍රෙවිණිගතව පැවත එන්නක් බවයි. එබේ පවුලේ එකකුස උපන් සහෝදර නිවුන් අයෙකු සිටීනම් ඔබ නිවුන් බිහි කිරීමක් කිරීමට ඉඩ ඇත. මව සහෝදර නිවුන් අයෙකු වූ විට ඇයගේ නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව හතර ගුණයකින් වැඩි වේ. මෙම සාධක සාමාන්‍යයෙන් පවුල තුළ මෙන ම පොදුවේ සමස්තයක් ලෙස ඇතැම් ජනවාර්ගික කණ්ඩායම් ක‍්‍රියාත්මක කිරීමට හේතු වී ඇත. සැබැවින් ම ජාතිය හ ා ජනවර්ගය මෙම නිවුන් යුගල තුළ ප‍්‍රධාන භූමිකා ඉටු කරයි. නිදසුනක් ලෙස එක්සත් ජනපදය තුළ නිවුන් හිස්පැනික් ලතින් ඇමරිකානුවන් (1000 න් 21.8* ද බොහෝ අප‍්‍රිකානු ඇමරිකානුවන් (1000 න් 36.8* අතර පොදු බවක් තිබේ.
මෙම නිරීක්ෂණයේ දී වැඩිම නිවුන් දරු උපත් අනුපාතය අග්නිදිග නයිජීරියාවේ යොරුබා ප‍්‍රජාව අතර සිදුවන බව සොයා ගෙන ඇත. ලොග්බෝරා නම් හුදකලා ගොවි නගරය කේන්\‍්‍ර කර ගනිමින් එය නිරීක්ෂණය කර ඇත. සෑම උපත් 1000කින් 45 - 50  නිවුන් යුගල උපත් වේ. එය ජනගහනයෙන් 10% පමණ වේ. අසාමාන්‍ය ලෙස විශාල නිවුන් දරු උපත් ප‍්‍රමාණයක් සි¥වී ඇති නිසා ම මේ නගරය ලෝකයේ ටිවින් කැපිටල් ලෙස විරුදාවලි ලබා ඇත. 
 කිසිවෙකුටත්  වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වූවත් මෙම බහු උපත් වලට  බලපා ඇත්තේ අදාළ කලාපයේ කාන්තාවන්ගේ ආහාර පුරුදු බව සමීක්ෂකයින් පෙන්වා දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ස්වභාවික විශේෂ ගුණ සහිත අධික රසායනික සංයුතියක් අඩංගු අල වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඩිම්බ කෝෂයෙන් එක් එක් පැත්තේ සිට ඩිම්බ නිදහස් කිරීමට ඒ හරහා උත්තේජනයක් ලැබෙන අතර මෙය ඒ සඳහා හේතු වන්නට ඇති බව යි. නමුත් පසුව උපන් විශාල නිවුන් පිරිසට ජාන වෙනස් වීම තුළ එම තත්වය ඇති විය හැකි බවයි.
 කෙසේ හෝ මෙය ග‍්‍රාමීය ප‍්‍රජාවට කිසිසේත් ම ගැටලූවක් වන්නේ නැත. ඔවුන් මෙලෙස බහු උපත් සිදු වීම සලකනුයේ ඔවුනට දෙවියන් විසින් ලද ආශිර්වාදයක් සේ ය. එනිසා ම එය සමරයි. ලොග්බෝරා හි බොහෝ ගැබිනි මව්වරුන් ආශාවෙන් බලාපොරොත්තු වන්නේ ද නිවුන් දරු උපත් වීම ද විශේෂත්වයකි.
 ලොග්බෝරා යනු නිවුන් උපත් අනුපාතිකය ඉහළ එකම නගරය නොවේ. එවන් නගරයක් බ‍්‍රසීලයෙන් ද හමු වේ. බ‍්‍රසීලයේ ආර්ජන්ටිනා දේශ සීමාව අසළ තිබෙන කැන්ඩිඩෝ ගොඩායී නගරය තුළ ඒහා සමාන නිවුන් උපත් සිදු වේ.
 කැන්ඩිඩෝ ගොඩායී නගරයෙහි නිවුන් දරු උපත් අනුපාතය 10% පමණ ඉහළ අගයක් රියෝ ග‍්‍රැන්ඬේ පුරාණ දළ උපත් අනුපාතිකය හා රාජ්‍යයේ ජාතික උපත් අනුපාතිකය 1.8% දක්වා සැලකිය යුතු තරම් ඉහළ අගයක් වේ. විසිවෙනි ශතවර්ෂයේ දී යටත් විජිත පළමු නිවුන් කට්ටල දාහත අතුලූව ක‍්‍රමයෙන් විවිධ පරම්පරා නිරීක්ෂණයට ලක් කර තිබේ. ජර්මනියේ ්‍යමබිරඤූුජන කලාපයේ ජනගහනය සාමාන්‍ය යුගළ අනුපාතයට වඩා වැඩි වී ඇති අතර එහි විශාල වශයෙන් පෝලන්ත හා ජර්මන් සම්භවයක් දැකගත හැකි ය.
 දශකයක පමණ කාලයක් තිස්සේ විවිධ පර්යේෂකයින් උත්සහ දැරුවා නිවුන් දරුවන් පිළිබඳ නිවරැුදි සාන්ද්‍රණයක් ඒකගතාවක් ඉදිරිපත් කිරීමට. ආර්ජන්ටිනාවේ ඉතිහාසඥ ජෝර්ජ් කැමරසා නොහොබිනා න්‍යායක්  2009 දී ඉදිරිපත් කර තිබේ.  ඵැබටැකැ විසින් දකුණු ඇමරිකාවේ මරණ ¥තයා යනුවෙන් කෘතියක් රචනා කර ඇත. සුප‍්‍රකට නාසි වෛද්‍යවරයකු වන ඔහු ජර්මනයේ අවුෂ්විට්ස් කඳවුරේ නිවුන් දරුවන් සම්බන්ධව බිහිසුණු පර්යේෂණ සිදු කරන ලදි. ඔහු නිවුන් දරු උපත් ඇති වීමේ රහස සෙවීම පිළිබඳ ඔහුගේ ස්වාමියා වූ ඇඩොල්ප් හිට්ලර්ගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදුකළ අතර එහීදී අපේක්ෂා කලේ ඔවුන්ගේ ආර්ය ජනගහනය වැඩි කිරීමට එය භාවිත කළ හැකි වීම ය. අවසානයේ දී මිත‍්‍රපාක්ෂිකයින් ජර්මනියේ පාලනය ගැනීමත් සමග ඔහු දකුණු ඇමරිකාවට පලා ගොස් තිබේ. පසුව ජෝර්ජ් කමරසාගේ අදහසට අනුව මෙන්ගීලී ඔහුගේ කාන්තාවන් සම්බන්ධ අත්හදා බැලීම් දිගටම සිදු කර ඇති බව පෙන්වා දෙයි. අනුමාන වශයෙන් නගරයේ ජනගණය වැඩි කිරීමට නිවුන් කේතය ප‍්‍රධාන කොට ගැනීමේ ආදර්ශයක් ඉදිරිපත් කල බවයි.
 ඔහුගේ අදහස දේශීය ඉතිහාසඥයින්ගේ මතභේදයට තුඩු දෙන්නක් වූයේ මෙන්ගීලී ඔහුගේ කාලයේ දී බ‍්‍රසීලයේ නිවුන් අධ්‍යයනය නොකලේ ය යන අදහස සහ ඔහු දකුණු ඇමරිකාවට පැමිණීමට පෙර නිවුන් දරු උපත් සංඛ්‍යාව ඉහළ ගිය බව යන කාරණාවන් ය. පර්යේෂකයින් ද ජාන ප‍්‍රතිබද්ධය නිසා නිවුන් උපත් ඉහළ ගිය බවට සරල පැහැදිලි කිරීමක් කරයි.
 මෙයාකාරම තවත් නිවුන් නගරයක් වන්නේ වයඔදිග බොස්නියවේ පිහිටි බූසීම් නගරය යි. මෙම නගරයේ නිවාස 20000 නිවාස 200 කට වැඩි ප‍්‍රමාණයක් නිවුන් කට්ටල සඳහා වෙන් වී ඇත. ලොග්බෝරා සහ කැන්ඩිඩෝ ගෝඩායී නගර මෙන් නොව පදිංචිව සිටින අසාමාන්‍ය යුගල කරවන් සංචාරක ආකර්ෂණයක් බවටත් පත් කිරීමේ අවශ්‍යතාවක් වී ඇත. 
 මෙම ආශචර්යමත් සිදුවීම ප‍්‍රථම වරට සොයා ගත්තේ දේශීය මාධ්‍යවේ දී භැා‘සඉ ඪමජැකව  විසින් සොයා ගන්නා ලදි. ඔහුගේ බිරිඳ 1992-95 සිවිල් යුධ සමයේ දී නිවුන් දරු උපතක් සිදු කළාය. එම කාලය තුළ නිවුන් උපත් 21 පමණ අසාමාන්‍ය  වූ බව දැනගන්නට ලැබී තිබේ. එනිසා ඔහු එම නිවුන් උපත් සෙවීමට ෆෙස්බුක් පිටුවක් ආරම්භ කලේ ය. ඒ ඔස්සේ ඔහුට අවම වශයෙන් නිවුන් කට්ටල 200 පමණ සොයා ගැනීමට හැකිව ඇත.
 බූසිම් යනු ජාන සමාභිජනනය නොකඩවා පවත්වා ගෙන යනු ලබන ප‍්‍රධාන පීතෘමූලික සමාජයකි.
 නැගෙනහිර ඉන්දියාවේ කේරල ඉන්දියවේ කේරල ප‍්‍රාන්තයේ ණදාසබයස  ගම්මානයේ ද මෙම නිවුන් සංසිද්ධිය දැකගත හැකි වේ. විශේෂයෙන් ම එහි ලියාපදිංචි නිවුන් කට්ටල ගණන 250ක් පමණය. මෙය පවුල් 2000ක් පමණ වෙසෙන්නාවූ ගමකි. 2008 දී පමණක් නිවුන් යුගල 15ක් ගම තුළ උපත ලැබූ අතර ගමින් පිටත නිවුන් උපත් 300 පමණ සිදු කර පෙරට වඩා සෞඛ්‍ය සම්පන්න උපත් අනුපාතය ඉහළ දමා ඇත. පසුගිය පස්වසර තුළ පමණක් එනම් 2009 ට පෙර නිවුන් යුගල 60ක් බිහිව ඇත. ඉන්දියානු උපමහදීවීපයේ අවම උපත් අනුපාතිකය සලකා බලන විට මෙම යුගළ අනුපාතය ඉතා විශිෂ්ට වීම සුවිශේෂී කරුනකි.

සටහන බුද්ධිකා බංඩාර