Wednesday, June 3, 2015

අපේ කාලේ ගෝතමී.......





අපේ කාලේ ගෝතමී.......

දැකුම්කලූ නැතුවාට
සුකුමාල නැතුවාට
අතකාසි නැතුවාට 
යශෝධරාට කැමතියි .......මම

ගලා යන ගඟක මෙන් 
නිසල බව නොමැත මට,
බොර වුනත් මේ දියේ 
හැඟුම් පොදි ගැහිලාය......

ආදරෙන් තුරුලූ වී
පෙම්වතුන් සුව විදී,
ඒ අයට වගේමයි 
මටත් ඇත්තේ සිතක්.....

සමාජෙන් පෙළන්නට
කුමක් මා කළ වරද?
ආරී වූවත් එදා මෙද මා...
ගෝතමී,
අහෝ....තාමත් අනේ 
ඒත් මා පිළිකුල්ය........

buddhi......

1 comment: