Sunday, June 14, 2015

දුමිරිය නැවතුමක හද නැවතුම




 ලොව උපදින සෑම කෙනෙක්ම ජාති,වර්ග,කුල හෝ තරාතිරම් නොසලකා අපි පොදුවේ මනුෂ්‍යයින් යැයි ආමන්ත‍්‍රණය කරමු. මනුෂ්‍යයෝ නම් මනුසත් බව පිරි ඇත්තෝ විය යුතුය. නමුදු මා මේ කියන්නට යන පුවතින් අපි කොයිකාටත් අපේ මනුෂත්වය පිළිබඳ නැවත සිතා බැලීමට ස්වයං විමසුමකට ලක් කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත. පුරුදු පරිදි සවස දුම්රය නැවතුම වෙත ලහි ලහියේ පැමිණෙන ජනකාය අතරේ මිහිරි බටනළා හඩ ඇසීම ද සුපුරුදු දෙයකි. කාර්යාල නිම වී ඔබ මොබ යන ජනයා අත රැුදි සිල්ලර කාසියක් ඔහු අත තබයි.මම ද කීප දිනක් ඔහු වෙත අනුකම්පාවෙන් මා අත රැුඳි කාසි තබයි .සමහර දිනෙක ඔහු තම දයාබර බිරිඳ හා සිගිති දියණිය ද කැටුව පැමිණේ. පුරුදු ලෙස කාඅත මුදල් යදිමින් සිටි මේ අහිංසක මවිපියන් හා දියණිය දුම්රිය නැවතුමේ සිටී. අහම්බෙන් වෙනදා යන දුම්රිය පමා වේ. අඳුර වැටීමටත් ආසන්න මොහොතක්. දුම්රිය නැවතුමේ තදබදය අතරේ මේ අපූරු පවුල කෙමෙන් තුන්වෙනි ෙවිදිකාව වෙතට සෙමෙන් ඇදෙන්නට විය. අල්ලා සල්ලාපයේ යෙදෙන උන් අතරේ අහම්බයකින් මොවුන් වෙත මා නෙත ගැටිනි. දැස් අද මේ යුවළේ සිගිති දියණියට සොබාදහමෙන් අපූරු දැසක් හිමිකර දී ඇත. මව හා පියා බෑග් මලූ දෙකක් එල්ලා ගෙන තම දැරිය ද මැදි කරගෙන දුමිරිය  නැවතුමේ පසෙකට වී හිදී. ඔවුන් දෙස මද වෙලාවක් බලා සිටි මා හට ඉතා සංෙවිදී දසුනක් නෙත ගැටුනි. බිරිඳ තම ආදරණීය සැමියා හට යෝගට් හැන්දක් කවයි.දෙදෙනාම සිනා සේ.ඇය හැන්දක් කයි.නැවත දෙදෙනා සිනා සේ.සිගිත්තිය දෙදෙනාටම විහිලූ කරයි. ටිපි ටිපි පැකට් එකක් බිරිඳ අතපත ගා ඇය විවෘත කළාය. ආදරණීය සැමියාට කවන්නට ගොස් සිදුවූයේ අකරතැබ්බයකි. සියල්ල බිම සී සීකඩ ඉහිරුනි. ඔහු තවමත් කට ආයාගෙන බිරිඳ ටිපිටිප් අහුරක් කඬේ දමන තෙක් නොඉවසිල්ලෙන් සිදුවූ දෙය තේරුම් ගත් දෙදෙනාගේම මුහුණේ මොහොතකට පෙර තිබූ ඒ අව්‍යාජ සිනහව ආදරණීය බව ක්ෂණයෙන් අතුරුදන් විය. දෙදෙනාගේම නෙතග කදුලූ බිදුය. සිගිත්තිය මේ කිසිවක් නොදනී. ඇය අවට ඔබ මොබ යන්නවුන් දෙස අපේක්ෂා සහගතව පලා සිටින්නීය. මව්පිය දෙපළ දුම්රියක් අපේක්ෂාවෙන් අසතුටු මුහුණින් කන් යොමි සිටි. මේ මොහොත දකින  ඕනෑම කෙනෙකුගේ නෙතග කදුලක් එනු වැලැක්විය නොහැක්කකි. මා මින් පසුතැවීමට පත් වුනෙම්. මා කෙරෙහි ම ප‍්‍රබල පශ්චත්තාපයක් ඇති විය. සෑම දිනකම අත ඇති කාසියක් ඔහු අත තබනවාට වඩා ඔවුනට ආදරණීය හෙටක් උදා කර දිය හැකිනම්.ප‍්‍රසිද්ධ දුම්රිය නැවතුමක් ඔබට දහස් වාරයක් මේ පවුල නෙත ගැටේවි. මා හට දැනුනු පශ්චාත්තාපය එදින ඔබ හදෙහි ද ඇතිවනු නොඅනුමානයි. හෘදයාංගම ඒ මිනිසුන් හට මනුෂ්‍යත්වයේ දැත දිගුකල යුතු නොවේද
           බුද්ධි 


8 comments: