Thursday, June 25, 2015

එදා ඒ වැස්ස

උදේ ඉදන් රෑ වෙනකම් 
මහ පොළවත් එක්ක හරි හරියට ඔට්ටු වෙන්නේ 
අපෙ අප්පච්චි.......
ඒ තමන්ගේ දරුවන්ගෙ බඩගින්න නිවන්න
වෙනදා වගේම මෙදා මාස් කන්නෙත් 
ගොවිතැන් බත් කරලා 
එදා රෑ ගෙට ගොඩ වුනේ
පහුවදා මුළු කුරහන් හේනම 
කපන්න හිතාගෙන
උන්දැගෙ හිතේ තිබුණු බලාපොරොත්තු
ඒ මූණෙ තිබුණ අහිංසක හිනාවෙන් ම පෙනුනා
වෙනදා වගේ නෙවේ
අපි එක්ක කතාබහ කලෙත්
පුදුම ආඩම්බරේකින්
ඔය වෙලාවෙ කොහේදෝ ඉදල ආව
 ලොකු හුළගත් එක්කම
මහ වැස්සක් වැටුනෙ
හිතුවෙ වත් නැති වෙලාවක 
අප්පච්චි කන්න ගත්ත බත් එක විසිකරලා 
මහ වැස්සෙම හේනට යන්න හදද්දි
අම්මා ඒකට ඉඩ දුන්නෙ නෑ
උදේ පාන්දරින් ම
අප්පච්චි කාටත් නොකියම 
හේනට ගිහින්
අම්මා මාවත් කිහිලි ගන්නගෙන 
හනි හනිකට හේන පැත්තට 
දිව්වා
ඊයේ මහ වැස්සට මුළු හේනම යටවෙලා
අප්පච්චි පේන තෙක් මානෙක නෑ
අම්මා ඔළුවට අත තියාගෙන
හැමතැනම අප්පච්චි හෙව්වා
හේන කෙළවර වැටිලා හිටිය 
අපෙ අප්පච්චි .........
ඔයාලා වැස්සට 
හරි ආස ඇති 
ඒත් මං ඒ වැස්සට තාම බයයි
මොකද එදා ඒ වැස්ස 
මගෙ අප්පච්චිවත් 
අරගෙනම ගිය නිසා

බුද්ධි

6 comments: