Monday, June 29, 2015

දන්නා චරිතයක නොදන්නා පැතිකඩක්

මෙරට දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන එස් ඩබිලිවි ආර් ඩී බංඩාරණායකයන්ගේ තතු බිදක් මෙසේ දිගහරින්නමි

බණ්ඩාරනායක මහතාගේ ළමා කාලයේ සිට දේශපාලනයට පිවිසීම තෙක්.
 වර්ෂ 1899 ජනවාරි මස අටවන දින සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාට හා එම ළමාතැනීට දාව එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායකයන් මෝදර එළී නිවසේ දී මෙළොව එළිය දුටුෙවිය. බණ්ඩාරනායක මහතාගේ මව් පියෝ ද තද ක‍්‍රිස්තු භක්තිකයන් වු අතර මොහු භෞතිස්ම කළේ ද අළුත්කෙඩි සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දීය.එවකට ලංකාණ්ඩුකාර ශී‍්‍රමත් වැස්ට් රිජ්ෙවි ආණ්ඩුකාරතුමා ඔහුගේ ආගමික පීතෘවරයා විය.එනිසා ම බණ්ඩාරනායක වීරයාගේ නමෙහි එස්.ඩබ්ලිව්.ආර්.ඩි අකුරු වලින් මුල තිබෙන එස්(*අකුර ස්වකීය පියාණන් වූ සොලමන්ගේ නාමය ද,දෙවන හා තෙවන ඩබ්ලිව්(*ආර්(*අකුරු වලින් වැස්ට් රිජ්ෙවි ආණ්ඩුකාරතුමාගේ නම ද කියැෙවි.
 සහෝදරයින් දෙදෙනෙකු සිටි පවුලේ එකම පුත‍්‍රයා වූ මෙතුමා 1919 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ටික දිනකින්ම එහි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට පත් වූ පළමුවැනි ආසියාතිකයා වීෙමි ගෞරවය ද ලැබීය. ඔක්ස්ෆර්ඞ් සරසවි දිවිය තුළ දක්ෂතා රැුසක් පෙන්වූ මොහු 1925 පෙබරවාරි 24 වන දින බි.ඒ උපාධිය ලබා නැවත ලංකාව බලා පිටත් විය.
 ලක්දිවට පැමිණීමෙන් පසු තම පියා සමඟ හොරගොල්ලේ පැරණි වලව්ෙවි ම පදිංචි වු බණ්ඩාරනායක මහතා අළුත්කෙඩි උසාවියේ නීතිඥයකු වශයෙන් කටයුතු කරන්නට විය.මේ කාලයේ සිටම එතුමාගේ චරිතය තුළ තම පියාට වඩා හාත්පසින් ම වෙනස් වූ දේශපාලන චින්තනයකින් හා දර්ශනයකින් සිත පෝෂණය වන්නට විය.
 ක‍්‍රම ක‍්‍රමයෙන් නීතිඥ වෘත්තියෙන් ඇති වූ පොදුජන ඇසුරත් සමඟම තරුණ බණ්ඩාරනායකයන්ගේ සිත දේශපාලනය කෙරේ යොමු විය.ෙමි අනුව නීතිඥයකු වශයෙන් සේවය කරද්දී ම දේශපාලඥයකු බවට පත් විය. 

එතුමාගේ දේශපාලන ජිවිතය සැකෙවින්.
 බණ්ඩාරනායක මහතා මුලින් ම දේශපාලනයට පිවිසෙන්නේ වර්ෂ 1926 දී කොළඹ නාගරික මැතිවරණයේ දී මරදාන කොට්ඨාසය වෙනුවෙන්ය.එතුමාගේ ප‍්‍රතිවාදී තරඟකරු වූයේ නාගරික දේශපාලනයේ පළපුරුදු කරුවෙකු හා උසස් පරිචයකින් යුක්ත වූ ඒ.ඊ ගුණසිංහ මහතා ය.
 ෙමි කාලයේ දී සර්වජන ජන්ද බලය පැවතිණි.මරදාන ජන්ද කොට්ඨාසයේ පටු වීදි හා මුඩුක්කු ඔස්සේ ගොස් පැල්පත් වලට රිංගා ජන්දය ඉල්ලීමට තරම් මෙතුමා ඉතාමත් උපක‍්‍රමශීලී වූයේ ය.කෙසේ හෝ වැඞ් ජන්ද 615 කින් ඒ.ඊ ගුණසිංහ මහතා පරදවා එස්.ඩබ්ලිව්.ආර්.ඞ් බණ්ඩාරනායක මහතා කොළඹ නගර සභාෙවි මරදානේ කොට්ඨාසය සඳහා තේරී පත් විය.
 බණ්ඩාරනායක දේශීය සංස්කෘතියට,ආහාරපාන,ඇඳුම් පැළඳුම් වලට ගරුකළ අතර තම රෙටි තමාගේ අය වියන රෙදි වලට ප‍්‍රිය කරමින් ජාතික ඇඳුම් අඳින්නට පටන්ගත් අතර ක‍්‍රමයෙන් බුදු දහම ද වැළද ගත්තේ ය.
 ලංකා ජාතික සංගමය තුළ ද කටයුතු කළ බණ්ඩාරනායක තරුණයා 1925 දෙසැම්බර් 16 වන දින කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ දි ආරම්භ වූ සමස්ත ලංකා ගම්සභා මණ්ඩලයේ සභාපති වීම ද මෙහිලා කැපී පෙනේ.මෙතුමාගේ මූලිකත්වයෙන් ග‍්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය හා උන්නතිය සඳහා විශාල සේවයක් මෙම සම්ෙමිලනය මඟින් ඉටු කරන ලදි.
 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ සර්වජන ජන්ද බලය ලැබීමත් සමඟ බණ්ඩාරනායක මහතා ෙවියන්ගොඩ ආසනය වෙනුවෙන් නිතරඟයෙන් පත් විය.1936 දී දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට මන්ත‍්‍රීන් තේරීමේ දී බණ්ඩාරනායක මහතා නැවත වරක් ෙවියන්ගොඩ මන්තී‍්‍රවරයා වශයෙන් ද නිතරඟයෙන් පන් වී පලාත් පාලන ඇමතිවරයා වශයෙන් ද තේරී පත් වූයේ ය.
 වර්ෂ 1934 දී සිංහල මහා සභාව නමින් දේශපාලන පක්ෂයක් බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවන ලදි.ස්වතන්ත‍්‍ර පාලනයක් සඳහා සටන් කිරීම මෙහි පරමාර්ථය විය.සිංහලයාගෙන් අහිමි වී ගිය උරුමයන් සඳහාත් පිරීහී ගිය ජාතික සමගිය සඳහාත් සටන් කිරීමට බණ්ඩාරනායක මහතා පිහිට කොට ගත්තේ ද සිංහල මහා සභායවයි.
 1947 දී මහ මැතිවරණයේ දී බණ්ඩාරනායක මහතා ලංකා ජාතික සංගමය සමඟ එක් වී එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ගන්නා ලදී.එහිදී මොහු පලාත් පාලන හා සෞඛ්‍ය ඇමතිවරයා විය.කෙසේ හෝ ටික කලකදී එතුළ ඇති වූ විවිධ භේද භින්නතා හේතුවෙන් මොහු ටික කලකින් විරුද්ධ පක්‍ෂයට එකතු වීම ද කැපී පෙනෙන්නකි.
       1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්‍ෂයක් ආරම්භ කරන ලදී.මෙය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයකි.සඟ,වෙද,ගුරු,ගොවි ,කම්කරු යන පංච මහා බලවේගය ම මොහු වටා ඉතා ඉක්මණින් එක්රොක් වන්නට විය.1952 දී ලබා ගත් ජන්ද අනුව විරුද්ධ පක්‍ෂයේ නායකයා වීමට මෙතුමාට අවස්ථාව හිමිවිය.
       ඉතාමත් දැඩි තරඟකාරිත්වයකින් අනතුරුව 1956 අපේ‍්‍රල් 12 දී මෙරටේ ප‍්‍රථම ජනතා අගමැතිවරයා වශයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඞ් බණ්ඩාරණායක මහතා පත්විය.


සටහන- බුද්ධිකා බංඩාර 

1 comment: