Tuesday, June 30, 2015

කඹරව

කටු පදුරු තැනිතලා
උස් බිමි ද
ගං ජලය සිඳී ගිය
මඩ වගුරු
මී හරකුන් ද
නිල්පාට ගහකොළට
හෙනහුරා වැඩලා ද


පඩු පාට පුන් සඳට
අතීසාරය හැදිලා ද
නැත තිබුනෙ තෙත් ගතිය
වියළිලා ගිහිල්ල ද


කලු පාට පරඩැල්ල
ඉරි ඇඳුනු මිනිස්සු ද
කෑම දිය සොයා යන
ඇට සැකිලි බලු නකුටන් ද
නටඹුන්ව අනුරපුෙ
නටඹුන් ද
භෞතිකව ගිය වස්තු
සිල්ලරට විකිණේ ද


මියුරු

මෙ නිවුන් නගර වල කතාවයි


නිවුන් නගර
ටෙක්සාස් විශ්ව විද්‍යාලය ලෝකයේ සෑම මිනිසුන් 1000කින් 32 ක් ම නිවුන් බව එනම් 1000න් 16ක් යුගල අය වන බවත් එය මුලූ ජනගහනයෙන් 3% ක් බව ටෙක්සාස් විශ්ව විද්‍යාලය මගින් තක්සේරු කර ඇත. ආගම ,ජාතිය හා ජනවර්ගය යන කරුණු මත මෙම සංඛ්‍යාව වෙනස් වන බව පෙනේ. සමහර ජනවාර්ගික කණ්ඩායම් සංඛ්‍යාවට වඩා වැඩි නිවුන් අයගේ බිහිවීමක් දැකිය හැකි අතර සමහරක නිවුන් අයගේ බිහිවීම අඩු මට්ටමක තිබේ.
පර්යේෂකයින්ගේ අදහස වන්නේ නිවුන් බව අහම්බයෙන් සිදුවන්නක් වුවත් එය පාරම්පරිකව එනම් ප‍්‍රෙවිණිගතව පැවත එන්නක් බවයි. එබේ පවුලේ එකකුස උපන් සහෝදර නිවුන් අයෙකු සිටීනම් ඔබ නිවුන් බිහි කිරීමක් කිරීමට ඉඩ ඇත. මව සහෝදර නිවුන් අයෙකු වූ විට ඇයගේ නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව හතර ගුණයකින් වැඩි වේ. මෙම සාධක සාමාන්‍යයෙන් පවුල තුළ මෙන ම පොදුවේ සමස්තයක් ලෙස ඇතැම් ජනවාර්ගික කණ්ඩායම් ක‍්‍රියාත්මක කිරීමට හේතු වී ඇත. සැබැවින් ම ජාතිය හ ා ජනවර්ගය මෙම නිවුන් යුගල තුළ ප‍්‍රධාන භූමිකා ඉටු කරයි. නිදසුනක් ලෙස එක්සත් ජනපදය තුළ නිවුන් හිස්පැනික් ලතින් ඇමරිකානුවන් (1000 න් 21.8* ද බොහෝ අප‍්‍රිකානු ඇමරිකානුවන් (1000 න් 36.8* අතර පොදු බවක් තිබේ.
මෙම නිරීක්ෂණයේ දී වැඩිම නිවුන් දරු උපත් අනුපාතය අග්නිදිග නයිජීරියාවේ යොරුබා ප‍්‍රජාව අතර සිදුවන බව සොයා ගෙන ඇත. ලොග්බෝරා නම් හුදකලා ගොවි නගරය කේන්\‍්‍ර කර ගනිමින් එය නිරීක්ෂණය කර ඇත. සෑම උපත් 1000කින් 45 - 50  නිවුන් යුගල උපත් වේ. එය ජනගහනයෙන් 10% පමණ වේ. අසාමාන්‍ය ලෙස විශාල නිවුන් දරු උපත් ප‍්‍රමාණයක් සි¥වී ඇති නිසා ම මේ නගරය ලෝකයේ ටිවින් කැපිටල් ලෙස විරුදාවලි ලබා ඇත. 
 කිසිවෙකුටත්  වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වූවත් මෙම බහු උපත් වලට  බලපා ඇත්තේ අදාළ කලාපයේ කාන්තාවන්ගේ ආහාර පුරුදු බව සමීක්ෂකයින් පෙන්වා දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ස්වභාවික විශේෂ ගුණ සහිත අධික රසායනික සංයුතියක් අඩංගු අල වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඩිම්බ කෝෂයෙන් එක් එක් පැත්තේ සිට ඩිම්බ නිදහස් කිරීමට ඒ හරහා උත්තේජනයක් ලැබෙන අතර මෙය ඒ සඳහා හේතු වන්නට ඇති බව යි. නමුත් පසුව උපන් විශාල නිවුන් පිරිසට ජාන වෙනස් වීම තුළ එම තත්වය ඇති විය හැකි බවයි.
 කෙසේ හෝ මෙය ග‍්‍රාමීය ප‍්‍රජාවට කිසිසේත් ම ගැටලූවක් වන්නේ නැත. ඔවුන් මෙලෙස බහු උපත් සිදු වීම සලකනුයේ ඔවුනට දෙවියන් විසින් ලද ආශිර්වාදයක් සේ ය. එනිසා ම එය සමරයි. ලොග්බෝරා හි බොහෝ ගැබිනි මව්වරුන් ආශාවෙන් බලාපොරොත්තු වන්නේ ද නිවුන් දරු උපත් වීම ද විශේෂත්වයකි.
 ලොග්බෝරා යනු නිවුන් උපත් අනුපාතිකය ඉහළ එකම නගරය නොවේ. එවන් නගරයක් බ‍්‍රසීලයෙන් ද හමු වේ. බ‍්‍රසීලයේ ආර්ජන්ටිනා දේශ සීමාව අසළ තිබෙන කැන්ඩිඩෝ ගොඩායී නගරය තුළ ඒහා සමාන නිවුන් උපත් සිදු වේ.
 කැන්ඩිඩෝ ගොඩායී නගරයෙහි නිවුන් දරු උපත් අනුපාතය 10% පමණ ඉහළ අගයක් රියෝ ග‍්‍රැන්ඬේ පුරාණ දළ උපත් අනුපාතිකය හා රාජ්‍යයේ ජාතික උපත් අනුපාතිකය 1.8% දක්වා සැලකිය යුතු තරම් ඉහළ අගයක් වේ. විසිවෙනි ශතවර්ෂයේ දී යටත් විජිත පළමු නිවුන් කට්ටල දාහත අතුලූව ක‍්‍රමයෙන් විවිධ පරම්පරා නිරීක්ෂණයට ලක් කර තිබේ. ජර්මනියේ ්‍යමබිරඤූුජන කලාපයේ ජනගහනය සාමාන්‍ය යුගළ අනුපාතයට වඩා වැඩි වී ඇති අතර එහි විශාල වශයෙන් පෝලන්ත හා ජර්මන් සම්භවයක් දැකගත හැකි ය.
 දශකයක පමණ කාලයක් තිස්සේ විවිධ පර්යේෂකයින් උත්සහ දැරුවා නිවුන් දරුවන් පිළිබඳ නිවරැුදි සාන්ද්‍රණයක් ඒකගතාවක් ඉදිරිපත් කිරීමට. ආර්ජන්ටිනාවේ ඉතිහාසඥ ජෝර්ජ් කැමරසා නොහොබිනා න්‍යායක්  2009 දී ඉදිරිපත් කර තිබේ.  ඵැබටැකැ විසින් දකුණු ඇමරිකාවේ මරණ ¥තයා යනුවෙන් කෘතියක් රචනා කර ඇත. සුප‍්‍රකට නාසි වෛද්‍යවරයකු වන ඔහු ජර්මනයේ අවුෂ්විට්ස් කඳවුරේ නිවුන් දරුවන් සම්බන්ධව බිහිසුණු පර්යේෂණ සිදු කරන ලදි. ඔහු නිවුන් දරු උපත් ඇති වීමේ රහස සෙවීම පිළිබඳ ඔහුගේ ස්වාමියා වූ ඇඩොල්ප් හිට්ලර්ගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදුකළ අතර එහීදී අපේක්ෂා කලේ ඔවුන්ගේ ආර්ය ජනගහනය වැඩි කිරීමට එය භාවිත කළ හැකි වීම ය. අවසානයේ දී මිත‍්‍රපාක්ෂිකයින් ජර්මනියේ පාලනය ගැනීමත් සමග ඔහු දකුණු ඇමරිකාවට පලා ගොස් තිබේ. පසුව ජෝර්ජ් කමරසාගේ අදහසට අනුව මෙන්ගීලී ඔහුගේ කාන්තාවන් සම්බන්ධ අත්හදා බැලීම් දිගටම සිදු කර ඇති බව පෙන්වා දෙයි. අනුමාන වශයෙන් නගරයේ ජනගණය වැඩි කිරීමට නිවුන් කේතය ප‍්‍රධාන කොට ගැනීමේ ආදර්ශයක් ඉදිරිපත් කල බවයි.
 ඔහුගේ අදහස දේශීය ඉතිහාසඥයින්ගේ මතභේදයට තුඩු දෙන්නක් වූයේ මෙන්ගීලී ඔහුගේ කාලයේ දී බ‍්‍රසීලයේ නිවුන් අධ්‍යයනය නොකලේ ය යන අදහස සහ ඔහු දකුණු ඇමරිකාවට පැමිණීමට පෙර නිවුන් දරු උපත් සංඛ්‍යාව ඉහළ ගිය බව යන කාරණාවන් ය. පර්යේෂකයින් ද ජාන ප‍්‍රතිබද්ධය නිසා නිවුන් උපත් ඉහළ ගිය බවට සරල පැහැදිලි කිරීමක් කරයි.
 මෙයාකාරම තවත් නිවුන් නගරයක් වන්නේ වයඔදිග බොස්නියවේ පිහිටි බූසීම් නගරය යි. මෙම නගරයේ නිවාස 20000 නිවාස 200 කට වැඩි ප‍්‍රමාණයක් නිවුන් කට්ටල සඳහා වෙන් වී ඇත. ලොග්බෝරා සහ කැන්ඩිඩෝ ගෝඩායී නගර මෙන් නොව පදිංචිව සිටින අසාමාන්‍ය යුගල කරවන් සංචාරක ආකර්ෂණයක් බවටත් පත් කිරීමේ අවශ්‍යතාවක් වී ඇත. 
 මෙම ආශචර්යමත් සිදුවීම ප‍්‍රථම වරට සොයා ගත්තේ දේශීය මාධ්‍යවේ දී භැා‘සඉ ඪමජැකව  විසින් සොයා ගන්නා ලදි. ඔහුගේ බිරිඳ 1992-95 සිවිල් යුධ සමයේ දී නිවුන් දරු උපතක් සිදු කළාය. එම කාලය තුළ නිවුන් උපත් 21 පමණ අසාමාන්‍ය  වූ බව දැනගන්නට ලැබී තිබේ. එනිසා ඔහු එම නිවුන් උපත් සෙවීමට ෆෙස්බුක් පිටුවක් ආරම්භ කලේ ය. ඒ ඔස්සේ ඔහුට අවම වශයෙන් නිවුන් කට්ටල 200 පමණ සොයා ගැනීමට හැකිව ඇත.
 බූසිම් යනු ජාන සමාභිජනනය නොකඩවා පවත්වා ගෙන යනු ලබන ප‍්‍රධාන පීතෘමූලික සමාජයකි.
 නැගෙනහිර ඉන්දියාවේ කේරල ඉන්දියවේ කේරල ප‍්‍රාන්තයේ ණදාසබයස  ගම්මානයේ ද මෙම නිවුන් සංසිද්ධිය දැකගත හැකි වේ. විශේෂයෙන් ම එහි ලියාපදිංචි නිවුන් කට්ටල ගණන 250ක් පමණය. මෙය පවුල් 2000ක් පමණ වෙසෙන්නාවූ ගමකි. 2008 දී පමණක් නිවුන් යුගල 15ක් ගම තුළ උපත ලැබූ අතර ගමින් පිටත නිවුන් උපත් 300 පමණ සිදු කර පෙරට වඩා සෞඛ්‍ය සම්පන්න උපත් අනුපාතය ඉහළ දමා ඇත. පසුගිය පස්වසර තුළ පමණක් එනම් 2009 ට පෙර නිවුන් යුගල 60ක් බිහිව ඇත. ඉන්දියානු උපමහදීවීපයේ අවම උපත් අනුපාතිකය සලකා බලන විට මෙම යුගළ අනුපාතය ඉතා විශිෂ්ට වීම සුවිශේෂී කරුනකි.

සටහන බුද්ධිකා බංඩාර
 

Monday, June 29, 2015

ජමිලා සහ සාමා

ජමිලා සහ සාමා
දුහුල් සලුපට උනා අහසට
දෙතන සැරසෙයි පියෑඹීමට
හැකිවිනම් ඇගෙ සුව විදින්නට
පුලුළුකුල මත හිස තබාගෙන

පයට පාවඩ හිසට මුතුකුඩ
රාජපිළි ආභරණ
උනා නුඹ සොයා ගිය පෙම
අයිලයේ තණ පඳුරු මත
සොයා ගත්තෙමි තිරිඟු පැහැයෙන්

ඈත විහිදෙන තිරිඟු කමතට
අයිස් මිදෙනා කුර්කුරේරු නදියට
බොඳව ගිය චිත‍්‍රයක් විලසට
පත්ව ඇත නුඹේ ආලය

බලන් සැමා දනියර්ගේ පේ‍්‍රමය
ඇය කෙරේ පාට ගැන්වූ හැටි
සොරෙකු ළඟ සිඟා යදින්නට
සිතුවෙ ඇයි මැටි ගෙපළෙ හිඳගෙන

යදිස්ස ඉසි බින්න නුඹ වෙත
පැමිණ සෙව්ෙවි ජමිලා සතු පෙම
නොහැක නුඹ හැඳිනගත්තේ
ඔවුන් සතු වූ උත්තරීතර බව

මියුරු ශ්‍යාමක

දන්නා චරිතයක නොදන්නා පැතිකඩක්

මෙරට දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන එස් ඩබිලිවි ආර් ඩී බංඩාරණායකයන්ගේ තතු බිදක් මෙසේ දිගහරින්නමි

බණ්ඩාරනායක මහතාගේ ළමා කාලයේ සිට දේශපාලනයට පිවිසීම තෙක්.
 වර්ෂ 1899 ජනවාරි මස අටවන දින සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාට හා එම ළමාතැනීට දාව එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායකයන් මෝදර එළී නිවසේ දී මෙළොව එළිය දුටුෙවිය. බණ්ඩාරනායක මහතාගේ මව් පියෝ ද තද ක‍්‍රිස්තු භක්තිකයන් වු අතර මොහු භෞතිස්ම කළේ ද අළුත්කෙඩි සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දීය.එවකට ලංකාණ්ඩුකාර ශී‍්‍රමත් වැස්ට් රිජ්ෙවි ආණ්ඩුකාරතුමා ඔහුගේ ආගමික පීතෘවරයා විය.එනිසා ම බණ්ඩාරනායක වීරයාගේ නමෙහි එස්.ඩබ්ලිව්.ආර්.ඩි අකුරු වලින් මුල තිබෙන එස්(*අකුර ස්වකීය පියාණන් වූ සොලමන්ගේ නාමය ද,දෙවන හා තෙවන ඩබ්ලිව්(*ආර්(*අකුරු වලින් වැස්ට් රිජ්ෙවි ආණ්ඩුකාරතුමාගේ නම ද කියැෙවි.
 සහෝදරයින් දෙදෙනෙකු සිටි පවුලේ එකම පුත‍්‍රයා වූ මෙතුමා 1919 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ටික දිනකින්ම එහි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට පත් වූ පළමුවැනි ආසියාතිකයා වීෙමි ගෞරවය ද ලැබීය. ඔක්ස්ෆර්ඞ් සරසවි දිවිය තුළ දක්ෂතා රැුසක් පෙන්වූ මොහු 1925 පෙබරවාරි 24 වන දින බි.ඒ උපාධිය ලබා නැවත ලංකාව බලා පිටත් විය.
 ලක්දිවට පැමිණීමෙන් පසු තම පියා සමඟ හොරගොල්ලේ පැරණි වලව්ෙවි ම පදිංචි වු බණ්ඩාරනායක මහතා අළුත්කෙඩි උසාවියේ නීතිඥයකු වශයෙන් කටයුතු කරන්නට විය.මේ කාලයේ සිටම එතුමාගේ චරිතය තුළ තම පියාට වඩා හාත්පසින් ම වෙනස් වූ දේශපාලන චින්තනයකින් හා දර්ශනයකින් සිත පෝෂණය වන්නට විය.
 ක‍්‍රම ක‍්‍රමයෙන් නීතිඥ වෘත්තියෙන් ඇති වූ පොදුජන ඇසුරත් සමඟම තරුණ බණ්ඩාරනායකයන්ගේ සිත දේශපාලනය කෙරේ යොමු විය.ෙමි අනුව නීතිඥයකු වශයෙන් සේවය කරද්දී ම දේශපාලඥයකු බවට පත් විය. 

එතුමාගේ දේශපාලන ජිවිතය සැකෙවින්.
 බණ්ඩාරනායක මහතා මුලින් ම දේශපාලනයට පිවිසෙන්නේ වර්ෂ 1926 දී කොළඹ නාගරික මැතිවරණයේ දී මරදාන කොට්ඨාසය වෙනුවෙන්ය.එතුමාගේ ප‍්‍රතිවාදී තරඟකරු වූයේ නාගරික දේශපාලනයේ පළපුරුදු කරුවෙකු හා උසස් පරිචයකින් යුක්ත වූ ඒ.ඊ ගුණසිංහ මහතා ය.
 ෙමි කාලයේ දී සර්වජන ජන්ද බලය පැවතිණි.මරදාන ජන්ද කොට්ඨාසයේ පටු වීදි හා මුඩුක්කු ඔස්සේ ගොස් පැල්පත් වලට රිංගා ජන්දය ඉල්ලීමට තරම් මෙතුමා ඉතාමත් උපක‍්‍රමශීලී වූයේ ය.කෙසේ හෝ වැඞ් ජන්ද 615 කින් ඒ.ඊ ගුණසිංහ මහතා පරදවා එස්.ඩබ්ලිව්.ආර්.ඞ් බණ්ඩාරනායක මහතා කොළඹ නගර සභාෙවි මරදානේ කොට්ඨාසය සඳහා තේරී පත් විය.
 බණ්ඩාරනායක දේශීය සංස්කෘතියට,ආහාරපාන,ඇඳුම් පැළඳුම් වලට ගරුකළ අතර තම රෙටි තමාගේ අය වියන රෙදි වලට ප‍්‍රිය කරමින් ජාතික ඇඳුම් අඳින්නට පටන්ගත් අතර ක‍්‍රමයෙන් බුදු දහම ද වැළද ගත්තේ ය.
 ලංකා ජාතික සංගමය තුළ ද කටයුතු කළ බණ්ඩාරනායක තරුණයා 1925 දෙසැම්බර් 16 වන දින කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ දි ආරම්භ වූ සමස්ත ලංකා ගම්සභා මණ්ඩලයේ සභාපති වීම ද මෙහිලා කැපී පෙනේ.මෙතුමාගේ මූලිකත්වයෙන් ග‍්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය හා උන්නතිය සඳහා විශාල සේවයක් මෙම සම්ෙමිලනය මඟින් ඉටු කරන ලදි.
 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ සර්වජන ජන්ද බලය ලැබීමත් සමඟ බණ්ඩාරනායක මහතා ෙවියන්ගොඩ ආසනය වෙනුවෙන් නිතරඟයෙන් පත් විය.1936 දී දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට මන්ත‍්‍රීන් තේරීමේ දී බණ්ඩාරනායක මහතා නැවත වරක් ෙවියන්ගොඩ මන්තී‍්‍රවරයා වශයෙන් ද නිතරඟයෙන් පන් වී පලාත් පාලන ඇමතිවරයා වශයෙන් ද තේරී පත් වූයේ ය.
 වර්ෂ 1934 දී සිංහල මහා සභාව නමින් දේශපාලන පක්ෂයක් බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවන ලදි.ස්වතන්ත‍්‍ර පාලනයක් සඳහා සටන් කිරීම මෙහි පරමාර්ථය විය.සිංහලයාගෙන් අහිමි වී ගිය උරුමයන් සඳහාත් පිරීහී ගිය ජාතික සමගිය සඳහාත් සටන් කිරීමට බණ්ඩාරනායක මහතා පිහිට කොට ගත්තේ ද සිංහල මහා සභායවයි.
 1947 දී මහ මැතිවරණයේ දී බණ්ඩාරනායක මහතා ලංකා ජාතික සංගමය සමඟ එක් වී එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ගන්නා ලදී.එහිදී මොහු පලාත් පාලන හා සෞඛ්‍ය ඇමතිවරයා විය.කෙසේ හෝ ටික කලකදී එතුළ ඇති වූ විවිධ භේද භින්නතා හේතුවෙන් මොහු ටික කලකින් විරුද්ධ පක්‍ෂයට එකතු වීම ද කැපී පෙනෙන්නකි.
       1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්‍ෂයක් ආරම්භ කරන ලදී.මෙය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයකි.සඟ,වෙද,ගුරු,ගොවි ,කම්කරු යන පංච මහා බලවේගය ම මොහු වටා ඉතා ඉක්මණින් එක්රොක් වන්නට විය.1952 දී ලබා ගත් ජන්ද අනුව විරුද්ධ පක්‍ෂයේ නායකයා වීමට මෙතුමාට අවස්ථාව හිමිවිය.
       ඉතාමත් දැඩි තරඟකාරිත්වයකින් අනතුරුව 1956 අපේ‍්‍රල් 12 දී මෙරටේ ප‍්‍රථම ජනතා අගමැතිවරයා වශයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඞ් බණ්ඩාරණායක මහතා පත්විය.


සටහන- බුද්ධිකා බංඩාර 

ආගමික උත්සව තුළින් නිරූපනය වන අන්තර් සංස්කෘතික ලක්ෂණ

සංස්කෘතිකාංග අතර ආගමට හිමිවන්නේ මූලික ස්ථානයකි. මානව සමාජය ශිෂ්ට සමාජයක් කිරීම උදෙසා එහි දායකත්වය ප‍්‍රබල වේ. කෙසේ හෝ ආගම යනු ජන කොටසක් පොදුවේ පිළිගත් වහ වහා කඩිනමින් වෙනස් නොවන සාපේක්ෂව ස්ථාවර බවක් පෙන්වන ඇදහිලි,විශ්වාස හා අභිචාරයන් වේ.
 ඒ ඒ සංස්කෘතීන්ට අනුව ආගම් ගොඩනැගී තිබෙන අතර සංස්කෘතික පෝෂණයෙහි ලා විශාල කාර්යභාරයක් ද එමගින් ඉටු කෙරේ. මෙහිලා ආගමික උත්සව කැපී පෙනෙන අංගයකි.
 ලංකාව තුළ මූලික වශයෙන් ,
 බෞද්ධ
 හිංදු
 කි‍්‍රස්ත‍්‍රියානි
 ඉස්ලාම්
     යන ආගම් ස්ථාපිතව පවතින අතර ඒ තුළ ජාතීන් යන පදනමකුත් පවතී. විශේෂයෙන් ම මේ එක් එක් අගම් වලට වෙන් වූ ආගමික උත්සවයන් ද පවතින අතර ඒවා තුළින් ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයන් ද මනාව නිරූපණය වේ.
 ආගමික උත්සව යන්න ගත් විට ඒ තුළ ඇදහිලි විශ්වාස මත ගොඩනැගුණු ඒවා මෙන් ම එක් එක් විශේෂිත සිදුවීම් අළලා ගොඩනැගුණු උත්සව ද වේ. ඒ අනුව ඒ ඒ ආගමට අදාළව දැකගත හැකි උත්සව පිළිබදව මූලිකව විමසා බලා පොදුවේ මේ ඒවා තුළ දැකගත හැකි අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනාගත යුතු වේ.

බෞද්ධ
 බෞද්ධ ආගමට විශේෂිතව මූලිකවම සමරනු ලබන උත්සවය වන්නේ වෙසක් උත්සවය ෙවි.ලොව පුරා බෞද්ධ ජනතාව බුදු තෙමගුල පදනම් කර ගනිමින් එය පැවැත්ෙවි.බුදුන් වහන්සේගේ ජිවිතය සම්බන්ධ උත්පත්තිය,බුද්ධත්වයට පත් වීම හා පරිනිර්වාණය සිහි කරමින් ඉතාමත් භක්තියෙන් සමරනු ලබයි.
   

දන්සල් පැවැත්වීම,බෝධි පූජා,පහන් පූජා,අභය දාන පූජා,ශ‍්‍රමදාන පැවැත්වීම,පහන් කූඩු ,තොරණ් , සල්පිල් ආදිය මෙහිලා සිදු කෙරේ.විශේෂයෙන් ම මෙම උත්සවය පැරණි භාරතයෙන් කි‍්‍රව 2 සියවසේ දී පමණ මෙරටට ලැබුණ බව පාහියන් හිමිගේ දේශාටන වාර්තාවේ දක්වා තිෙබි.ලංකාවට වරින් වර එල්ල වූ විදේශ ආක‍්‍රමණ හේතුවෙන් මෙම උත්සවය තුළ වෙනත් සංස්කෘතික ලක්ෂණයන් ද ගැබ්ව තිෙබි.
 විනෝද සල්පිල් පැවැත්වීම යන්න යුරෝපීය සමාජ තුළ දැකගත හැකි මූලික ලක්ෂණයක් විය ලංකාවට වරින් වර සිදු වූ විදේශ ආක‍්‍රමණයන්ගේ බලපෑමත් එයට බලපාන ලදි ඒ අනුව මාරක ළිද,අනෙකුත් විනෝද ක‍්‍රීඩා නිදසුන් වේ.
 පහන් පූජාව බෞද්ධයන් සිදු කරන අතර එය ඉන්දියානු ආගමික විධි වලින් පැමිණ ඇත, ඒ අනුව මෙහිදී ආලෝකය වන්දනාමාන කිරීම යන කාරණාව සෑම ආගමික උත්සවයකම පාහේ හදුනාගත හැක.
 ඒ අනුව අද වන විට මෙම වෙසක් උත්සවය තුළ අන්තර් සංස්කෘතිකමය ලක්ෂණ දැකගත හැක.

හිංදු
දීපාවලී
ඔක්තෝම්බර් මාසයේ අගභාගයේ හෝ නොවැම්බර් මුල දින 4ක් පුරා මේ උත්සවය පැවැත්ෙවි. ඉන්දියාවේ හා මැලේසියාවේ හින්දුන් පමණක් නොව පංචාලවාසී ශික්වරු ද සමරති. මෙය ඔවුන්ගේ අලූත් අවුරුද්ද සේ සලකන අතර ආලෝක පූජාවට මුල් තැනක් හිමි ෙවි. සිංහල අලූත් අවුරුද්ද සේම සමාන වූ චාරිත‍්‍ර වාරිත‍්‍ර මොවුන් ද ඉටු කෙරේ. විශේෂයෙන් ගණුදෙණු කිරීම අලත් අවුරුද්දට පෙර ස්නානය රස කැවිලි සාදා අසල්වාසීන් අතර බෙදාහදා ගැනීම ආදිය සිදු කරයි.



 මෙය සිංහල අවුරුද්ද හා සමීප සබධතා දක්වන අතර රාම සීතා යුගයේ සිට පැවත එන බව ඔවුන් විශ්වාස කරයි. මෙවන් සමාන උත්සවයක් වගු රටේ මළවුන්ගේ අවුරුදු දිනය සැමරීම වශයෙන් සිදු කරයි.
තෛපොංගල්
සුර්ය වන්දනාව මුල් කොට ගෙන ද්‍රවිඩ ජනතාව පවත්වන උත්සවයක් වන මෙය හිරු මකර රාශියට ප‍්‍රවිශ්ට වීම මුල්කොට ගෙනදෙසැම්බර් මාසයේ දී පැවැත්වේ. මෙහිදී සිංහල අලූත් අවුරුද්දේ මෙන්ම පලාපල විස්තර ද කියනු ලබයි. මේ දිනවලදී හින්¥න් අලූයම භජන් ගී ගායනා කරමින් පෙරහරුක් ගමන් කරයි. කෘෂිකර්මාන්තය හා බැදුණු මෙම උත්සවයේ දී අලත් සහල් දෙවියන්ට පූජා කරය.ි එමෙන්ම නිවෙස් වල මිදුලේ කෝලම් රටා ඇදීමත් කැපී පෙනෙන ලක්ෂණයකි. තවද පසු දින ගවයින් නාවා පිරිසිදු කර කෘතගුණ සලකන වස් පට්ටිප් පොංගල් සමරති. එහිදී හිරු දෙවියන් හා ඊශ්වර දෙවියන් පිදීම සිදු කරත .ි

ඉස්ලාම්
රාමසාන්
ඉස්ලාමිකයන්ට වැදගත් ම මාසය රාමලාන් මාසය යි. සිංහල දෙමළ ක‍්‍රමයට මෙන් ම ඔවුන්ටද මොහර්මේ සෆර් ආදී වශයෙන් මාස පවතින අතර එහිලා රාමලාන් මාසය ඉතා වැදගත් වේ. මෙය හජ්ජි උත්සවය ලෙසත් හදුන්වන අතර අල්ලාහ් දෙවියන් ඉස්ලාම් ධර්මය සහිත අල්කුරානය නබි නායක තුමන්ට ලබාදීම නිමිති කොටගෙන මෙය සැමරේ. එහිදී හජ්ජි උපවාසය ද වැදගත් ය මේ මාසයේ විශේෂ දිනයක් ලෙස ලයිලක්කුල් කදීර් දිනයේ දී එම ධර්මය දේශනා කර ඇති බව සැලකේ .




 ඒ අනුව ඉස්ලාම් භක්තිකයින් මෙම මාසය තුළ යම් වෘතයකට ඔවුන්ව යොමු කෙරේ.
කි‍්‍රස්ති‍්‍රයානි
ප‍්‍රධාන ම උත්සවය වන්නේ නත්තල යි. මෙය යේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උපත සසමරීම මුලික කොටගෙන පවත්වන උත්සවයකි. එහීදීත් වෙසක් උත්සවය සේම උන්මහන්සේගේ උපත ද මෙහි දී තොරණ් ආදියෙන් නිරූපණය කරය


 ලෝකයේ යුරෝපියානු රටවල සෑම වසරකම දෙසැම්බර් 24 වන දින නත්තල උත්සවශ‍්‍රීයෙන් සමරන අතර සාමයේ පණිවිඩය බෙදා හැරීම යන්න ද ඒ තුළ අර්ථවත් කර ඇත .
 මෙම මුලික ආගමික උත්සව වලට අමතරව
  •  අලූත් සහල් මංගල්‍යය
  •  කාර්තික මංගල්‍යය
  •  පෙරහැරවල් පැවත්වීම
 
                   වැනි උත්සව කෙරේ ද මෙහිලා අවධානය යොමු කළ හැක.

අලූත් සහල් මංලග්‍යය
     විශේෂයෙන්ම අලූත් සහල් මංලග්‍යය යන්න ගත් විට එය සෑම ආගමක ම යම් යම් වෙනස්කම් සහිතව වුව ද දැකගත හැක.
බෞද්ධයින් සේ ම හින්දු භක්තිකයින් ද මෙම උත්සවය සමරනු ලබයි අප අලූත් සහල් මංගල්‍යය ලෙස හදුුන්වන අතර ඔවුන් තෛපොංගල් ලෙස එය හදුන්වයි.
 බෞද්ධයින් බුදුන් හා දෙවියන් පිදීමක් මෙහිදී සිදු කරන අතර හින්¥න් දෙවියන් පිදීම හා මීට සමගාමීව ගවයින් ට කෘතගුණ සැලකීමකුත් කරයි.
 මෙහිදී පළමු අස්වැන්න ගෙන ඉතාමත් පිරිසිදුව කිරි උතුරවා සකසන කිරිබත් බුදුන්ට හා දෙවියන්ට පිදීම සිදු කරයි.
 මෙය සිංහල සංස්කෘතියට පැමිණ ඇත්තේ මිහිදු හිමියන් ලක්දිවට පැමිණීමෙන් ඇති වූ පුනර්ජීවනය හේතුකොටගෙනයි. ඒ අනුව පැරණි භාරතීය ගොවි සංස්කෘතියෙන් උරුම වූවකි.
 එය තහවුුරු වනුයේ හින්දුන් හා බෞද්ධයින් මෙහිදී කරනු ලබන වතාවත් සහ භාවිත කරන දේවල් මෙන් ම අවසාන අපේක්ෂාව සශ‍්‍රීකත්වය නැමති කාරණාව ෙවි.

හින්¥න්  පූජා කරනු ලබන දේවල්
මෙවැනි ම පූජා භාණ්ඩ හා පිළිවෙත් බෞද්ධයින් ද භාවිත කෙරේ. සෑම ආගමක ම දෙවියන් පිදීම හා සශ‍්‍රීකත්වය වැනි කාරණා මින් අපේක්ෂා කෙරේ. පරාර්ථකාමීත්වය,සංවරභාවය,කෘතගුණ සැලකීම,පරිත්‍යාගශීලිත්වය වැනි මානව විද්‍යාත්මක වටිනාකම් ද මෙයින් අර්ථවත් ෙවි.

කාර්තික මංගල්‍යය
 මෙය ඉල්මස පුන් පොහෝ දින පැවැත්වෙන පහන් පූජාවක් ලෙස මෙය හැදින්ෙවි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් ගේ ආගමික උත්සවයක් වශයෙන් ආරම්භ වූ මෙය බෞද්ධයින්ට උරුම වී ඇති අතර ආලෝක පූජාව මූලිකාංගය ෙවි. බ‍්‍රහ්ම, විෂ්ණු,, ශිවාදී දෙවිවරුන් වෙනුවෙන් මෙය සිදු කරනු ලැෙබි.
පෙරහැරවල්
ඒ ඒ ආගම් වල පෙරහැරවල් පැවැත්වීමත් දැකගත හැක. ඒවායින් මූලිකව ම දෙවියන් හා බුදුන් වන්දනාමාන කිරීමක් සිදු කෙරේ. මෙතුළ පැහැදිලිව ම අන්තර් සංස්කෘතික ලක්ෂණ හදුනා ගත හැකි ය. විශේෂයෙන් ම සෑම බෞද්ධ සිද්ධස්ථානයක ම දේවාලයක් පවතින අතර පෙරහැවලදී ද මේ මිශ‍්‍රවීම දැකිය හැකිය.
  •  දළදා පෙරහැර
  •  කතරගම පෙරහැර
  •  තේරු
  •  කොවිල් මුල්කරගත් පෙරහැරවල්
  •  මඩු මංගල්‍යය පෙරහැර
               ආදී ලෙස සෑම ආගමකම පෙරහැරවල් පැවැත්වීම දැකගත හැක. මේ සෑම එකක් තුළම සමාන ලක්ෂණ මෙන් ම අන්තර් සංස්කෘතික ලක්ෂණ ද දැකගත හැකිය.
පොදුවේ ගත්කල මේ ආගමික උත්සව වල අන්තර් සංස්කෘතික ලක්ෂණ පහත පරිදි ගොනුකර ගත හැක. එනම්
 විශේෂයෙන් ම වෙසක් උත්සවය, නත්තල , දීපවාලී, හජ්ජි යනාදී උත්සව වල පහන් පත්තු කිරීම දන්සල් පැවැත්වීම දාන ශ‍්‍රමදාන පැවැත්වීම දැකගත හැකිය.
 තොරණ් ප‍්‍රදර්ශනය ඉන්දියානු ආභාෂයෙන් මෙරට ආගමික උත්සව වලට පැමිණ ඇති අතර වෙසක් ,පොසොන් උත්සව වලදී මෙන් ම නත්තල තුළදීත් දැකගත හැක.
 දන්සල් පැවැත්වීම ද සෑම ආගමක ම උත්සව වලට සමගාමීව සිදු කරන්නකි.
 සෑම උත්සවයක් ම ආලෝකය වන්දනාමාකන කිරීමක් මූලික කොටගෙන ගොඩනැගී තිබෙන අතර එය මේ සංස්කෘතීන් ට එක් වී තිබෙනුයේ ඉන්දීය ආභාෂයෙනි.
 අලූත් සහල් මංගල්‍යයේ දී බෞද්ධයින් කිරිබත් ලෙසත් හින්¥න් පොංගල් බත ලෙසත් ඒවා හදුන්වයි.
              පොදුවේ ගත්කල ලංකාව තුළ පවතින ආගමික උත්සව වලට දකුණු ඉන්දීය හා යුරෝපීය ආභාෂයක් ලැබී තිබෙන බවක් දැකගත හැක.එයට හේතුව වනුයේ
  •  මහින්දාගමනය
  •  දුමින්දාගමනය
  •  වරින් වර සිදු වූ සංක‍්‍රමණ හා ආක‍්‍රමණ
  •  ආවාහ විවාහ
       ආදියේ බලපෑම බව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී හදුනා ගත හැක.

සටහන-  බුද්ධිකා

Thursday, June 25, 2015

එදා ඒ වැස්ස

උදේ ඉදන් රෑ වෙනකම් 
මහ පොළවත් එක්ක හරි හරියට ඔට්ටු වෙන්නේ 
අපෙ අප්පච්චි.......
ඒ තමන්ගේ දරුවන්ගෙ බඩගින්න නිවන්න
වෙනදා වගේම මෙදා මාස් කන්නෙත් 
ගොවිතැන් බත් කරලා 
එදා රෑ ගෙට ගොඩ වුනේ
පහුවදා මුළු කුරහන් හේනම 
කපන්න හිතාගෙන
උන්දැගෙ හිතේ තිබුණු බලාපොරොත්තු
ඒ මූණෙ තිබුණ අහිංසක හිනාවෙන් ම පෙනුනා
වෙනදා වගේ නෙවේ
අපි එක්ක කතාබහ කලෙත්
පුදුම ආඩම්බරේකින්
ඔය වෙලාවෙ කොහේදෝ ඉදල ආව
 ලොකු හුළගත් එක්කම
මහ වැස්සක් වැටුනෙ
හිතුවෙ වත් නැති වෙලාවක 
අප්පච්චි කන්න ගත්ත බත් එක විසිකරලා 
මහ වැස්සෙම හේනට යන්න හදද්දි
අම්මා ඒකට ඉඩ දුන්නෙ නෑ
උදේ පාන්දරින් ම
අප්පච්චි කාටත් නොකියම 
හේනට ගිහින්
අම්මා මාවත් කිහිලි ගන්නගෙන 
හනි හනිකට හේන පැත්තට 
දිව්වා
ඊයේ මහ වැස්සට මුළු හේනම යටවෙලා
අප්පච්චි පේන තෙක් මානෙක නෑ
අම්මා ඔළුවට අත තියාගෙන
හැමතැනම අප්පච්චි හෙව්වා
හේන කෙළවර වැටිලා හිටිය 
අපෙ අප්පච්චි .........
ඔයාලා වැස්සට 
හරි ආස ඇති 
ඒත් මං ඒ වැස්සට තාම බයයි
මොකද එදා ඒ වැස්ස 
මගෙ අප්පච්චිවත් 
අරගෙනම ගිය නිසා

බුද්ධි

Sunday, June 21, 2015

කින්නර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ

ශ‍්‍රී ලංකාෙවි පැරණි සමාජ ක‍්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ”කින්නර ” ජන කණ්ඩායමට ද ප‍්‍රමුඛතාවක් හිමි ෙවි.මොවුන් ක‍්‍රමයෙන් වෙනස් වෙමින් මහා සමාජයට අවතීර්ණ වෙමින් පවතින්නා වූ සමාජ කණ්ඩායමකි.පැරණි ලාංකීය ජන සමාජය තුළ පැවති කුල ධූරාවලිය යටතේ පහත් කුලයක් ලෙස කින්නර ප‍්‍රජාව සලකනු ලැබීය.කින්නරයන්ට පුරාණ සිංහල සමාජය සමඟ විවාහ ආදී සම්බන්ධතා පැවැත්වීම තහනම්ය.ඔවුන් අතර සමාජ හා සංස්කෘතික වශයෙන් සිංහල ජනතාව වඩා යම් යම් වෙනස්කම් පවතී.
ලංකාව තුළ මොවුන්ගේ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බැලීමේදී මධ්‍යම පළාතේ මහනුවර මැණික්හින්නේ හේනාවල,මාතලේ යටවත්තේ මල්හෑව(ආලෝකගම* ගම්වල හා වයඹ පළාතේ දික්වැහැර,ඉරිදෙණිය ප‍්‍රදේශවලත් බස්නාහිර පළාතේ මීරිගම බෝතලේ ප‍්‍රදේශයෙහිත් කින්නර ජනතාව ජීවත් ෙවි.පැදුරු විවීම හා හණ කර්මාන්තය මොවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය ෙවි.

සෑම සංස්කෘතියකට ම අනන්‍ය වූ ඇදහිලි-විශ්වාස,සිරිත්-විරිත්,ජනශ‍්‍රැති,ආර්ථිකමය ලක්ෂණ හදුනා ගතහැකි අතර ඵ්වා සංස්කෘතික අංග හෙවත් ලක්ෂණයන්ට අයත් ෙවි.ඒ අනුව සමාජය තුළ අදාළ ජන කණ්ඩායම නියෝජනය වන්නේ ද කැපී පෙනෙන්නේ ද ඔවුන්ගේ සංස්කෘතික අංග වලිනි.
වැඩිවිය පැමිණීම
වැඩිවිය පැමිණීම සෑම සමාජයකම වැඩි අවධානයක් යොමු වන සංස්කෘතිකමය අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන.එය පුද්ගල ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකේ.මෙය කාන්තාවක් පුනර් සමාජානුයෝජනයට ලක්කරන අවස්ථාවක්  ද ෙවි.කින්නර ජන සමාජයත් එය ප‍්‍රධාන ද්වාර කර්ම අවස්ථාවක් ලෙස සලකා චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වයි.ඔවුන් එම චාරිත‍්‍ර පවත්වන්නේ ගැහැණුන් උදෙසා පමණි.දැරියක්  වැඩිවිය පත් වූ වහාම ඇය අදුරු කාමරයක නවත්වයි.මේ ආරංචිය ගෙදරින් පිට කෙනෙකු වශයෙන් මුලින්ම දන්වන්නේ ඇවැස්ස නැන්දාටයි.ඇවැස්ස නැන්දා සමිලතම කෙනෙකි.මෙම ජනයා අතර ඇති ඇවැස්ස ඥාතීන් අතර ඇති භාවාත්මක බැඳීම ඉන් විශද ෙවි.
චාරිත‍්‍ර පැවැත්වීමේ නැකැත් සාදවා ගැනීමට සිංහල නැකැත්කරුවෙකු හමු වීම තහනම් වූ නිසා තමාගේ කුලයේ කවුරුන් හෝ එය ඉටුකර දේ.එසෙත් නැතිනම් දින හතකින් හෝ ඉන් මෙපිට සුභ දිනයක හිමිදිරියේ චාරිත‍්‍ර පවත්වයි.දැරිය නිවසින් පිටතට ගෙන නැහැවීම පිළි ඇරීම ලෙස හැදින්ෙවි.සාමාන්‍ය සිංහල ගැමි සමාජයේ මෙන් රෙදි නැන්දා හා හේන මාමාගේ සේවය ලබා ගැනීමට කින්නර ජනතාවට අවස්ථාවක් සමාජය තුළින් හිමිකර දී නැත.සියලූ චාරිත‍්‍ර කර දෙන්නේ ඇවැස්ස නැන්දා විසිනි.නෑවීමෙන් පසු පිරිසිදු රෙදි අන්දවා ගෙය තුළට රැුගෙන යන අතර සුදු මල් දැමූ වතුර කොරහක් බැලීමට සලස්සවයි.පසුව ඇය පොල් ගෙඩියක් බිදින අතර එහි පලූ දෙක උඩ අතට හැරී තිබීම අනාරැුතය යහපත් වීමක් බව කින්නර ජනයාගේ විශ්වාසය යි.ඉන් එක් පලූවක් ගෙන දැරිය ජීවත් වන නිවසේ ඉදිරියෙන් පිටුපසට වැටෙන සේ විසි කරයි.
ඔවුන්ගේ චාරිත‍්‍ර අතර කොටහළුගොඩ වෙත කැදවාගෙන යාමත් වැදගත් අවස්ථාවකි.හත්මාලූ සමඟ බත්,කිරිබත් හා කැවිලි වර්ග මෙයට අයත්වන අතර අලූත වැඩිවිය පත් දැරියන් හය දෙනෙකු සමඟ කෑමට සලස්වයි.මෙය තවත් ප‍්‍රදේශයක කිරි අම්මාවරු හත් දෙනෙකු සමඟ කෑම ගැනීමට සැලැස්වීමත් දැකගත හැකිය.ඉන් දැරිය වැඩිහිටි සමාජයට සමාජානුයෝජනය කිරීම හා දැරියට ආරක්ෂාව සැලසීම මෙමඟින් ඔවුන් අපේක්ෂා කර ඇත.කොටහලූ මඟුල නිමවීමත් සමඟ ඇය භාවිතා කළ සියලූ දෑ වළලා දමයි.දැරියට මාස තුනක් යනතුරු නිවසින් පිටවීම තහංචියකි.කොටහලූ කිල්ල මාස තුනක් පමණ පවතින බවට ඔවුන් අතර විශ්වාසයක් පවතී.මෙතැන් සිට  ඕනෑම අවස්ථාවක ඇවැස්ස මස්සිනාට ඇයව තම නිවසට කැදවා ගෙන යා හැකි වීම ද කින්නර සමාජයේ ලක්ෂණයකි.
විවාහය
විවාහය එක් එක් සමාජ හා සංස්කෘතීන්ට අනුව වෙනස් වන්නකි. විවාහය  අදාළ සමාජය හා සංස්කෘතිය නිරූපණය කරනුලබයි.කින්නර ජනතාවගේ විවාහ චාරිත‍්‍ර ඔවුන්ගේ සමාජ ධර්මතා අගනාකම් ඇතුලත් සමස්ත සංස්කෘතියම නිරූපණය කරයි.මොවුන්ගේ විවාහය ප‍්‍රධාන වශයෙන්ම ඇවැස්ස ඥාති විවාහය, දීග විවාහය හා බින්න විවාහය මඟින් තීරණය කෙරේ.සිංහල සමාජයේ තිබෙන කුළ  බෙදීම නිසා තම කුලෙන් පිටත අය සමඟ විවාහ වීම තහනම්ය.
එකම ගමක මනාලයා හා මනාලිය සිටින අවස්ථාවක දී ඒ සදහා විශේෂ සුදානම් වීමක් දැකගත නොහැක.එවන් අවස්ථාවක තරුණයා රැුගෙන එන රෙද්ද හා හැට්ටය තරුණියට අදින්නට දෙන අතර එතැන් සිට ඔවුහු අඹු සැමියන් ලෙස එකතු වෙති.දෑවැද්ද බලාපොරොත්තු වීමක් දැකිය නොහැකිය.දෙපාර්ශවයම තමන්් කැමති දෙයක් විවාහක යුවළට දෙති.බොහෝ අවස්ථාවල දී කළාල පැදුරු ආදිය එලෙස ලබා දෙයි.කෙසේ හෝ මෙහිදී පොදුෙවි හදුනා ගත හැකි විවාහ චාරිත‍්‍ර-වාරිත‍්‍ර සම්බන්ධව සලකා බැලිය යුතුය.
ඇහුම් බැලූම් කිරීම
මනාලයාගේ පාර්ශවය මනාලිය ගැන පළමුවෙන් ම විමසීම ඇහුම් බැලූම් කිරීමයි.කින්නර ප‍්‍රජාව අතර පවතින්නේ අන්තර්ජන්‍ය විවාහය යි.මේ නිසා ඥාතීත්වයන් අදාළ කුළයට ම සීමාවි ඇත.මෙය පවුලේ වැඩිහිටි ඥාතීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.තමාගේම ගෙමි හෝ තම කුළයේ ම අය සිටින වෙනත් ගමකින් ඇහුම් බැලූම් කිරිම් සිදු කෙරේ.
මනාලියගේ පවිත‍්‍රතාව
කින්නර ජන සමාජය තුළත් විවාහය නැමති කාර්යේ දී කාන්තාවගේ පවිත‍්‍රතාව තදින් ම අපේක්ෂා කරන ලදි.මනාලියට ඵය ඔප්පු කරගත නොහැකි වුවහොත් ඇයව පසුදාම නැවත මව්පියන්ට භාරදෙනු ලැෙබි.මේ නිසා කාන්තාව නිරන්තරයෙන් තම ආත්මගරුත්වය ආරක්ෂා කර ගැනීමට වගබලා ගන්නා අතර වැඩිහිටි කාන්තාවනගෙන් දැනමුතුකම් ලබාගෙන ඒ අනුව ජීවත් ෙවි.
කැට පෝරුව
මංගල දිනයේ දී මනාලියගේ පාර්ශවයෙන් මනාලයාගේ පාර්ශවයට කැටපෝරුව ලබාදෙන අතර එමඟින් හපන්කම් මැන බැලීමක් සිදු කෙරේ.කැට එහා මෙහා කළහැකි ලී පුවරුවක ඉහළින්ම ඇති කැටය නිදහස් කර ගැනීම කැටපෝරුව විසදීමයි.

අවුල් මුද්ද
මෙය රිදියෙන් කළ අලංකාර මුද්දකි.එය ඇඟිල්ලෙන් ගැලවූවාට පසු එකිනෙකට අසම්බන්ධ මුදු 4ක් බවට පත් ෙවි.මනාලයාගේ පාර්ශවයේ කෙනෙකු විසින් මනාලියගේ පාර්ශවයෙන් ලැබෙන අවුල් මුද්ද යථාපරිදි සකසා එය එක් මුද්දක් බවට පත්කළ යුතුය.මෙවන් පොදු විවාහ චාරිත‍්‍ර කීපයක් හදුනා ගත හැකිය.
මුල් කාලයේ දී කඩුළු තහංචි,මඟුල් ෙමිස තහංචි පැනවීමක් තිබුණි.පිරිස එනවිට කඩුල්ල වසා තැබෙන අතර කඩුල්ල අරින්නේ මනාලියගේ පාර්ශවයේ කෙනෙකු ඉදිරිපත් කරන තේරවිලි කවි වලට පිළිතුරු ලැබුන විටදීය.මඟුල් ෙමිසයේ අමුතු ව්‍යංජනයක් තබන අතර එහි නම නිවරැුදිව කියන තෙක් ගෑම ගැනීම සිදු නොකෙරේ.මෙම අභියෝග ජයගත නොහැකි වුවහොත් මනාල පාර්ශවට ලැජ්ජාවට පත් ෙවි.
  තරුණ යුවලක් විවාහයෙන් පසුව දෙපාර්ශවයෙන් එකක තම දෙමව්පියන්ගේ නිවස අසලින් කුඩා නිවසක් තනාගෙන පදිංචි වීම සිරිත ෙවි.කින්නර ගම්වල සෑම පවුලක්ම එකිනෙකට ඉතා කිට්ටුවෙන් ඥාතිත්වයක් පවත්වන අතර මොවුන් අවට ගම්වැසියන් සමඟ සමීප සම්බන්ධතා නොපවත්වයි.ඥාතිත්ව සම්බන්ධතා සමස්ත කින්නර සමාජය පුරාම විහිදී පවතින නිසාම සබධතා දැලක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් අන්තර්ජන්‍ය ඥාති සම්බන්ධතා වශයෙන් පවති.

බුද්ධි