Showing posts with label for your knoweledge. Show all posts
Showing posts with label for your knoweledge. Show all posts

Sunday, June 21, 2015

කින්නර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ

ශ‍්‍රී ලංකාෙවි පැරණි සමාජ ක‍්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ”කින්නර ” ජන කණ්ඩායමට ද ප‍්‍රමුඛතාවක් හිමි ෙවි.මොවුන් ක‍්‍රමයෙන් වෙනස් වෙමින් මහා සමාජයට අවතීර්ණ වෙමින් පවතින්නා වූ සමාජ කණ්ඩායමකි.පැරණි ලාංකීය ජන සමාජය තුළ පැවති කුල ධූරාවලිය යටතේ පහත් කුලයක් ලෙස කින්නර ප‍්‍රජාව සලකනු ලැබීය.කින්නරයන්ට පුරාණ සිංහල සමාජය සමඟ විවාහ ආදී සම්බන්ධතා පැවැත්වීම තහනම්ය.ඔවුන් අතර සමාජ හා සංස්කෘතික වශයෙන් සිංහල ජනතාව වඩා යම් යම් වෙනස්කම් පවතී.
ලංකාව තුළ මොවුන්ගේ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බැලීමේදී මධ්‍යම පළාතේ මහනුවර මැණික්හින්නේ හේනාවල,මාතලේ යටවත්තේ මල්හෑව(ආලෝකගම* ගම්වල හා වයඹ පළාතේ දික්වැහැර,ඉරිදෙණිය ප‍්‍රදේශවලත් බස්නාහිර පළාතේ මීරිගම බෝතලේ ප‍්‍රදේශයෙහිත් කින්නර ජනතාව ජීවත් ෙවි.පැදුරු විවීම හා හණ කර්මාන්තය මොවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය ෙවි.

සෑම සංස්කෘතියකට ම අනන්‍ය වූ ඇදහිලි-විශ්වාස,සිරිත්-විරිත්,ජනශ‍්‍රැති,ආර්ථිකමය ලක්ෂණ හදුනා ගතහැකි අතර ඵ්වා සංස්කෘතික අංග හෙවත් ලක්ෂණයන්ට අයත් ෙවි.ඒ අනුව සමාජය තුළ අදාළ ජන කණ්ඩායම නියෝජනය වන්නේ ද කැපී පෙනෙන්නේ ද ඔවුන්ගේ සංස්කෘතික අංග වලිනි.
වැඩිවිය පැමිණීම
වැඩිවිය පැමිණීම සෑම සමාජයකම වැඩි අවධානයක් යොමු වන සංස්කෘතිකමය අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන.එය පුද්ගල ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකේ.මෙය කාන්තාවක් පුනර් සමාජානුයෝජනයට ලක්කරන අවස්ථාවක්  ද ෙවි.කින්නර ජන සමාජයත් එය ප‍්‍රධාන ද්වාර කර්ම අවස්ථාවක් ලෙස සලකා චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වයි.ඔවුන් එම චාරිත‍්‍ර පවත්වන්නේ ගැහැණුන් උදෙසා පමණි.දැරියක්  වැඩිවිය පත් වූ වහාම ඇය අදුරු කාමරයක නවත්වයි.මේ ආරංචිය ගෙදරින් පිට කෙනෙකු වශයෙන් මුලින්ම දන්වන්නේ ඇවැස්ස නැන්දාටයි.ඇවැස්ස නැන්දා සමිලතම කෙනෙකි.මෙම ජනයා අතර ඇති ඇවැස්ස ඥාතීන් අතර ඇති භාවාත්මක බැඳීම ඉන් විශද ෙවි.
චාරිත‍්‍ර පැවැත්වීමේ නැකැත් සාදවා ගැනීමට සිංහල නැකැත්කරුවෙකු හමු වීම තහනම් වූ නිසා තමාගේ කුලයේ කවුරුන් හෝ එය ඉටුකර දේ.එසෙත් නැතිනම් දින හතකින් හෝ ඉන් මෙපිට සුභ දිනයක හිමිදිරියේ චාරිත‍්‍ර පවත්වයි.දැරිය නිවසින් පිටතට ගෙන නැහැවීම පිළි ඇරීම ලෙස හැදින්ෙවි.සාමාන්‍ය සිංහල ගැමි සමාජයේ මෙන් රෙදි නැන්දා හා හේන මාමාගේ සේවය ලබා ගැනීමට කින්නර ජනතාවට අවස්ථාවක් සමාජය තුළින් හිමිකර දී නැත.සියලූ චාරිත‍්‍ර කර දෙන්නේ ඇවැස්ස නැන්දා විසිනි.නෑවීමෙන් පසු පිරිසිදු රෙදි අන්දවා ගෙය තුළට රැුගෙන යන අතර සුදු මල් දැමූ වතුර කොරහක් බැලීමට සලස්සවයි.පසුව ඇය පොල් ගෙඩියක් බිදින අතර එහි පලූ දෙක උඩ අතට හැරී තිබීම අනාරැුතය යහපත් වීමක් බව කින්නර ජනයාගේ විශ්වාසය යි.ඉන් එක් පලූවක් ගෙන දැරිය ජීවත් වන නිවසේ ඉදිරියෙන් පිටුපසට වැටෙන සේ විසි කරයි.
ඔවුන්ගේ චාරිත‍්‍ර අතර කොටහළුගොඩ වෙත කැදවාගෙන යාමත් වැදගත් අවස්ථාවකි.හත්මාලූ සමඟ බත්,කිරිබත් හා කැවිලි වර්ග මෙයට අයත්වන අතර අලූත වැඩිවිය පත් දැරියන් හය දෙනෙකු සමඟ කෑමට සලස්වයි.මෙය තවත් ප‍්‍රදේශයක කිරි අම්මාවරු හත් දෙනෙකු සමඟ කෑම ගැනීමට සැලැස්වීමත් දැකගත හැකිය.ඉන් දැරිය වැඩිහිටි සමාජයට සමාජානුයෝජනය කිරීම හා දැරියට ආරක්ෂාව සැලසීම මෙමඟින් ඔවුන් අපේක්ෂා කර ඇත.කොටහලූ මඟුල නිමවීමත් සමඟ ඇය භාවිතා කළ සියලූ දෑ වළලා දමයි.දැරියට මාස තුනක් යනතුරු නිවසින් පිටවීම තහංචියකි.කොටහලූ කිල්ල මාස තුනක් පමණ පවතින බවට ඔවුන් අතර විශ්වාසයක් පවතී.මෙතැන් සිට  ඕනෑම අවස්ථාවක ඇවැස්ස මස්සිනාට ඇයව තම නිවසට කැදවා ගෙන යා හැකි වීම ද කින්නර සමාජයේ ලක්ෂණයකි.
විවාහය
විවාහය එක් එක් සමාජ හා සංස්කෘතීන්ට අනුව වෙනස් වන්නකි. විවාහය  අදාළ සමාජය හා සංස්කෘතිය නිරූපණය කරනුලබයි.කින්නර ජනතාවගේ විවාහ චාරිත‍්‍ර ඔවුන්ගේ සමාජ ධර්මතා අගනාකම් ඇතුලත් සමස්ත සංස්කෘතියම නිරූපණය කරයි.මොවුන්ගේ විවාහය ප‍්‍රධාන වශයෙන්ම ඇවැස්ස ඥාති විවාහය, දීග විවාහය හා බින්න විවාහය මඟින් තීරණය කෙරේ.සිංහල සමාජයේ තිබෙන කුළ  බෙදීම නිසා තම කුලෙන් පිටත අය සමඟ විවාහ වීම තහනම්ය.
එකම ගමක මනාලයා හා මනාලිය සිටින අවස්ථාවක දී ඒ සදහා විශේෂ සුදානම් වීමක් දැකගත නොහැක.එවන් අවස්ථාවක තරුණයා රැුගෙන එන රෙද්ද හා හැට්ටය තරුණියට අදින්නට දෙන අතර එතැන් සිට ඔවුහු අඹු සැමියන් ලෙස එකතු වෙති.දෑවැද්ද බලාපොරොත්තු වීමක් දැකිය නොහැකිය.දෙපාර්ශවයම තමන්් කැමති දෙයක් විවාහක යුවළට දෙති.බොහෝ අවස්ථාවල දී කළාල පැදුරු ආදිය එලෙස ලබා දෙයි.කෙසේ හෝ මෙහිදී පොදුෙවි හදුනා ගත හැකි විවාහ චාරිත‍්‍ර-වාරිත‍්‍ර සම්බන්ධව සලකා බැලිය යුතුය.
ඇහුම් බැලූම් කිරීම
මනාලයාගේ පාර්ශවය මනාලිය ගැන පළමුවෙන් ම විමසීම ඇහුම් බැලූම් කිරීමයි.කින්නර ප‍්‍රජාව අතර පවතින්නේ අන්තර්ජන්‍ය විවාහය යි.මේ නිසා ඥාතීත්වයන් අදාළ කුළයට ම සීමාවි ඇත.මෙය පවුලේ වැඩිහිටි ඥාතීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.තමාගේම ගෙමි හෝ තම කුළයේ ම අය සිටින වෙනත් ගමකින් ඇහුම් බැලූම් කිරිම් සිදු කෙරේ.
මනාලියගේ පවිත‍්‍රතාව
කින්නර ජන සමාජය තුළත් විවාහය නැමති කාර්යේ දී කාන්තාවගේ පවිත‍්‍රතාව තදින් ම අපේක්ෂා කරන ලදි.මනාලියට ඵය ඔප්පු කරගත නොහැකි වුවහොත් ඇයව පසුදාම නැවත මව්පියන්ට භාරදෙනු ලැෙබි.මේ නිසා කාන්තාව නිරන්තරයෙන් තම ආත්මගරුත්වය ආරක්ෂා කර ගැනීමට වගබලා ගන්නා අතර වැඩිහිටි කාන්තාවනගෙන් දැනමුතුකම් ලබාගෙන ඒ අනුව ජීවත් ෙවි.
කැට පෝරුව
මංගල දිනයේ දී මනාලියගේ පාර්ශවයෙන් මනාලයාගේ පාර්ශවයට කැටපෝරුව ලබාදෙන අතර එමඟින් හපන්කම් මැන බැලීමක් සිදු කෙරේ.කැට එහා මෙහා කළහැකි ලී පුවරුවක ඉහළින්ම ඇති කැටය නිදහස් කර ගැනීම කැටපෝරුව විසදීමයි.

අවුල් මුද්ද
මෙය රිදියෙන් කළ අලංකාර මුද්දකි.එය ඇඟිල්ලෙන් ගැලවූවාට පසු එකිනෙකට අසම්බන්ධ මුදු 4ක් බවට පත් ෙවි.මනාලයාගේ පාර්ශවයේ කෙනෙකු විසින් මනාලියගේ පාර්ශවයෙන් ලැබෙන අවුල් මුද්ද යථාපරිදි සකසා එය එක් මුද්දක් බවට පත්කළ යුතුය.මෙවන් පොදු විවාහ චාරිත‍්‍ර කීපයක් හදුනා ගත හැකිය.
මුල් කාලයේ දී කඩුළු තහංචි,මඟුල් ෙමිස තහංචි පැනවීමක් තිබුණි.පිරිස එනවිට කඩුල්ල වසා තැබෙන අතර කඩුල්ල අරින්නේ මනාලියගේ පාර්ශවයේ කෙනෙකු ඉදිරිපත් කරන තේරවිලි කවි වලට පිළිතුරු ලැබුන විටදීය.මඟුල් ෙමිසයේ අමුතු ව්‍යංජනයක් තබන අතර එහි නම නිවරැුදිව කියන තෙක් ගෑම ගැනීම සිදු නොකෙරේ.මෙම අභියෝග ජයගත නොහැකි වුවහොත් මනාල පාර්ශවට ලැජ්ජාවට පත් ෙවි.
  තරුණ යුවලක් විවාහයෙන් පසුව දෙපාර්ශවයෙන් එකක තම දෙමව්පියන්ගේ නිවස අසලින් කුඩා නිවසක් තනාගෙන පදිංචි වීම සිරිත ෙවි.කින්නර ගම්වල සෑම පවුලක්ම එකිනෙකට ඉතා කිට්ටුවෙන් ඥාතිත්වයක් පවත්වන අතර මොවුන් අවට ගම්වැසියන් සමඟ සමීප සම්බන්ධතා නොපවත්වයි.ඥාතිත්ව සම්බන්ධතා සමස්ත කින්නර සමාජය පුරාම විහිදී පවතින නිසාම සබධතා දැලක් ලෙස ක‍්‍රියාත්මක වෙමින් අන්තර්ජන්‍ය ඥාති සම්බන්ධතා වශයෙන් පවති.

බුද්ධි

Friday, June 19, 2015

ලංකාවේ ගුවන් විදුලි නාට්‍යය කලාවේ ඉතිහාසය.


 රේඩියෝ නාට්‍ය ලොව බිහිවූ අටවන කලාව ලෙස සැලකේ. ශබ්දය ආගමනයෙන් පසු ගුවන් විදුලි නාට්‍යය යනු අත්හැර දැමූ පතලක් වශයෙන් ඔර්සන් වෙල්ස් ප‍්‍රකාශ කර ඇත. රේඩියෝ නාට්‍යය ගත් කළ එතුළ සාහිත්‍යමය බවක් ලොඩනැගී පවතී. ඒ අනුව රේඩියෝ නාට්‍යය යනු කෙටි කතාව, නව කතාවෙන් ඔබ්බට සාහිත්‍යයන් හි ඇති වූ නව මාධ්‍යයමය දිගුවකි. මේවා රේඩියෝ ප්ලේ, රේඩියෝ ඩ‍්‍රාමා, ඕඞ්යෝ තියටර්, ඉන් විසිබල් ප්ලේ ආදී වචන වලින් ද හදුන්වන ලදි. රේඩියෝව මගින් ජනතාවට තොරතුරු දැන ගැනීම මෙන් ම ඊට සමගාමීව එහි විකාශය වූ ප‍්‍රධාන කලාංගයක් වශයෙන් ගුවන් විදුලි නාට්‍ය පෙන්වා දිය හැකි අතර එය ජනතාව ආස්වාදනය කලේ ඒ වටා බණ අසන්නාක් සේ ඒකරාශී වීමෙන් බව එවකට ගුවන් වුදුලිය සම්බන්ධව කටයුතු කළ අයගේ අදහස වන්නේ ය. විශේෂයෙන් ම 1987 කාල වකවානුවේ දී රූපවාහිනී ටෙලි නාට්‍ය වලට වඩා ඉහළ ශ‍්‍රාවක ජනප‍්‍රියත්වයක් මේ ගුවන් විදුලි නාට්‍ය වලට හිමි වීමෙන් ම එය පැහැදිලි කර ගත හැකි ය. 
එසේ වුවත් ලංකාවේ ගුවන් විදුලි නාට්‍යයේ ආරම්භය පිළිබදව නිශ්චිත දිනයක් නම් කිරීම අපහසු වේ. නමුත් 1927 මුල් යුගයේ දී බි‍්‍රතාන්‍ය ගුවන් විදුලි ප‍්‍රචාරක ස්ථානයෙන් කෙටි නාට්‍ය ලබා ගෙන ඒවා මෙරට ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කරන ලදි. ජේ.එස්.එම් පැටර්සන්ගේ මෙහෙයවීමෙන් කොළඹ ආධුනික නාට්‍ය සංගමය මගින් ප‍්‍රථම වරට මෙරට ගුවන් විදුලි නාට්‍යයක් එසේ නිෂ්පාදනය කළ බවට මතයක් ඇති අතර එය  ”වයර්ලස් ඩ‍්‍රාමා” නමින් හැදින්වීය. 
එම ගුවන් විදුලි නාට්‍ය සදහා දොස්තර ජෝර්ෂප් පියර්සන්, දොස්තර එල්.නිකල්සන්, සර් රොනල්ඞ් රෝස් හා එෆ්. ඕ බ‍්‍රයන් එලියන් යන අය මේ සදහා හඩ දායකත්වය ලබා දී ඇත. එවකට ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති අතර සියල්ල ඉංග‍්‍රීසී මාධ්‍යයෙන් සිදු වෙද්දී මෙම ගුවන් විදුලි නාට්‍යය ද ඉංග‍්‍රීසි බසින් ම ප‍්‍රචාරය වී තිබේ. 
මේ යුගය තුළ ගුවන් විදුලියේ නාට්‍ය වලට ප‍්‍රමුඛතාවක් හිමිව තිබූ බව 1932 වන විට පිහිට වූ ගුවන් විදුලි උපදේශක මණ්ඩලයට නාට්‍ය අංශය ද නියෝජනය කර තිබීමෙන් ය. 
1939 මාර්තු 29 වන දින ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලියන ලද ”සමාජ සේවකයා” ගුවන් විදුලි නාට්‍යය සජීවි ලෙස ප‍්‍රචාරය විය. මෙය මුදලිදු ඊ.ඒ අබේසේකර මහතා විසින් නිෂ්පාදනය කර ඇත. තව ද ජේ.ආර් ජයවර්ධන, එලීනා ජයවර්ධන මෙහි ප‍්‍රධාන චරිත ලෙස දායකත්වය ලබා දී තිබේ.

1948 නිදහස ලැබීමත් සමගම ප‍්‍රචාරය කරන ලද විශේෂ වැඩසටහන් අතර ගුවන් විදුලි නාට්‍යයට ද මූලිකත්වයක් ලබා දී ඇත.නිදසුන් ලෙස,
පෙබරවාරි 12 රාත‍්‍රී 7.30ට-සී.ඞී.එස් කරුණාජීවගේ ”ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ”
පෙබරවාරි 13 රාත‍්‍රී 8.15ට සී.ඒ ෆොන්සේකාගේ ”විජය”
පෙබරවාරි 21 රාත‍්‍රී 7.30ට යූ.ඒ.එස් පෙරේරාගේ ”පෘතුගීසීන්ගේ පැමිණීම”
ආදිය දැක්වීමට පුළුවන. 
ලංකාව තුළ රේඩියෝ නාට්‍යය සංස්කෘතියක් හිමි වන්නේ 1925 තරම් ඈත අතීතයක සිටය. ආරම්භක යුගයේ නාට්‍ය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන් වූ අතර ඒවායෙහි රගපෑම කළේ විනෝදාස්වාදන මාර්ගයක් වශයෙනුයි. එනිසා ම ගුවන් විදුලිය මගින් නාට්‍යය සදහා ගෙවීම කළේ එහි රචකයාට පමණි. ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කළේ  ඊඊක්‍ ආයතනය නිෂ්පාදනය කළ ඉංග‍්‍රීසි නාට්‍ය වල සිංහල අනුවාදන වශයෙනි. උදාහරණ ලෙස,
නිෂ්පාදකයාගේ නම ඉංග‍්‍රීසි නාට්‍යයේ නම සිංහල අනුවාදන නාට්‍යයේ නම
ජෝර්ජ් බර්නාඞ් ෂෝ ඔයැ ෘදජඑැර ාසැකැප් වෙද හටන
ගී ද මෝපසාන් භැජනකැඑ දියමන්ති මාලය
ඇනටෝල් ෆ්‍රොන්ස් ඔයැ ඵ්බ අයද ප්රරසැා ාමපඉැ අසෙැ ගොළු බිරිද

දැක්විය හැකි ය.
ටික කලක් ගතවන විට 1940 දශකයේ ගුවන් විදුලි ලිපිකරුවෙකු වශයෙන් සේවය කළ ධර්ම ශ‍්‍රී මුණසිංහ එම නාට්‍ය විවේචනය කරමින් සිංහල තේමාවන් යටතේ නාට්‍යය කළ යුතු බවට තර්ක කරමින් ”ඇහැටුල්ලා” නම් නාට්‍යය කර තම නාට්‍ය දිවිය ආරම්භ කරනු ලැබීය. පසුකාලීනව මෙරට ඉතාමත් ජනප‍්‍රියත්වයට පත් වූ මුවන් පැලැස්ස, ගජමුතු, මොණර තැන්න, මේධා, ආදරණීය ජුලියස් හා මුදලි මංකඩ ආදී නාට්‍ය රැුසක් නිර්මාණය කරමින් මෙරට ගුවන් විදුලි නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කරනු ලැබීය.
එදිරිවීර සරච්චන්ද්‍ර, ඒ.වී ගුණරත්න, ටී.ද.එස් ලීලානන්ද, එස්.පියසේන, ආනන්ද සිරිසේන, සුනිල් විජේසිරිවර්ධන, ඇරුව්වල නන්දිමිත‍්‍ර, සුනන්ද්‍ර මහේන්ද්‍ර, දයාණන්ද ගුණවර්ධන ආදීන් මෙන් ම සුමිත‍්‍රා රාහුබද්ධ, කපිල කුමාර කාලිංග, ජයලාල් රෝහණ, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම් ආදී දෙවන පරපුරේ ආදීන් ද මෙම කලාවේ පෝෂණයට දක්වන ලද දායකත්වය අතිමහත් ය. 
ක‍්‍රම ක‍්‍රමයෙන් ගුවන් විදුලි නාට්‍යය කලාවත් සංකීර්ණ වන්නට විය. මුල් කාලයේ විනාඩි 15කට, පැය භාගයකට සීමා වූ මෙම නාට්‍යය වල ගුවන් කාලය සමහර අවස්ථාවලදී පැය දක්වා දික් විය. එමෙන් ම නාට්‍ය අතර වර්ගීකරණයක් ද ඇති විය. ඒ අනුව,
ඒකාංගික නාට්‍ය
මාලා නාට්‍ය
වශයෙන් වර්ග කරන ලදි. සිංහලෙන් සකසන ලද ප‍්‍රථම ගුවන් විදුලි මාලා නාටකය ඇන්ටන් චෙකොෆ්ගේ ඊැ්ර නම් කතාව ඇසුරින් සැකසූ ”වලහා” නැමති ගුවන් විදුලි මාලා නාටකය යි.
ලාංකීය ගුවන් විදුලියට ආධුනික යෞවනයන් සම්බන්ධ කර ගැනීමත් ගුවන් විදුලි නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයකි. නිදසුනක් ලෙස,
1950 දී සරත්චන්ද්‍ර විසින් අගෝස්තු මස අරඹන ලද යෞවන සමාජ
  දැක්වීමට පුළුවන.
ඒ අනුව සරත්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් පී.වැලිකල, ඒ.පී ගුණරත්න, වික්ටර් මිගෙල් වැනි ප‍්‍රකට ශිල්පීන් හා ශිල්පිනියන් රැුසක් ගුවන් විදුලියට හදුන්වා දීමේ ගෞරවය හිමි වේ. තව ද නාට්‍ය වලට ස්වභාවික දෙබස් භාවිතය හදුන්වා දුන්නේ ද සරත්චන්ද්‍ර මහතා ය. 
1950 ගණන් වන විට ගුවන් විදුලි නාට්‍ය සදහා එකම ශිල්පීන් කණ්ඩායමක් යොදා ගැනීම හා දක්ෂ බාහිර ශිල්පීන් සම්බන්ධ කර නොගැනීම මේ තුළ පවත්නා ප‍්‍රබල දුර්වලතාවයක් වශයෙන් 1953 වීරසූරිය කොමිසම මගින් පෙන්වා දෙන ලදි. පසුව එවන් දුර්වලතා ද මගහැර පොදු ශ‍්‍රාවකයා අතර තව තවත් මේ කලා අංගය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදි. 
මේ වකවානුව තුළ හදුනා ගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ, එවකට සමාජයේ ජනප‍්‍රියත්වයට පක්ව තිබූ සිංහල නවකතා රැුසක් ම ගුවන් විදුලි නාට්‍ය වශයෙන් නැවත ප‍්‍රති නිර්මාණය කිරීමයි. ඒ සදහා නිදසුන් පහත පරිදි දැක්විය හැකිය.
දිනය නව කතාව ඒ තුළින් බිහි වූ ගුවන් විදුලි නාට්‍යය
1951.02.18 මාර්ටින් වික‍්‍රමසිංහගේ රෝහිණී නව කතාව රෝහීණි නමින් ම කොටස් වශයෙන් විකාශනය විය.
1952.06.20 ලෙනාඞ් වුල්ෆ්ගේ ඩසකක්ටැ සබ එයැ න්‍මබටකැ බැද්දේගම ගුවන් විදුලි නාට්‍යය (කොටස් 10කින් සමන්විත විය*
1952.08.29 මාර්ටින් වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය ගම්පෙරළිය ගුවන් විදුලි නාට්‍යය (පී.දේවසිරි පෙරේරා විසින් සැකසූ මෙය 1952.10.10 දක්වා ප‍්‍රචාරය විය.* 
  
මෙසේ ජනප‍්‍රිය නව කතා ගුවන් විදුලි නාට්‍ය වශයෙන් ඉදිරිපත් ව්මත් සමගම මේවා කෙරේ තව තවත් ශ‍්‍රාවක පිරිස ඇදී එන්නට පටන් ගෙන තිබේ. 
50 දශකය තුළ සමාජ නාට්‍ය මෙන් ම ආගමික හා ඓතිහාසික නාට්‍යයත් ප‍්‍රචාරය විය. මීට අමතරව විකට නාට්‍ය වැඩසටහන් ද වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව ඇත. එසේ ප‍්‍රකට වූ විකට නාට්‍ය ශිල්පීන් අතර ඒ.ඞී පෙරේරා, එඞී ජයමාන්න, හැරියට් සුරවීර ආදින් කැපී පෙනේ. 
ලංකාවේ ගුවන් විදුලි නාට්‍යයේ වර්ධනීය අවස්ථාවක් වශයෙන් ”රේඩියෝ රගමඩල” හෙවත් ”ගුවන් විදුලි රගමඩල” ද කැපී පෙනෙන්නකි. සතිපතා විනාඩි 45ක් වූ වැඩසටහන් විනාඩි 30කට සීමා විය. 
මුල්කාලීනව ගුවන් විදුලි නාට්‍ය ශ‍්‍රාවකයින් පිළිබදව ගුවන් විදුලි සංස්ථාවේ ශ‍්‍රවණ පර්යේෂණ අංශය කළ ගුවන් විදුලි නාට්‍ය පිළිබද දීපව්‍යාප්ත සමීක්ෂණය ද මෙහිලා වැදගත් වේ. ඒ තුළ,
1 ස්ථානය –   සුගන්ධිකා
2 ස්ථානය    ගුවන් විදුලි රගමඩල
3 ස්ථානය    ගජමුතු
4 ස්ථානය    මුවන් පැලැස්ස
5 ස්ථානය    සේසතයි කුමරියයි
6 ස්ථානය    මේධා
7 ස්ථානය    ළමා රංග පීඨය
8 ස්ථානය    රක්ෂණ රංග
9 ස්ථානය    සදගලතැන්න
පිළිවෙලින් පාඨක රසිකත්වය ලබා ඇත.
මෙහිදී රූපවාහිනී නාට්‍ය වලට වඩා ගුවන් විදුලි නාට්‍ය ප‍්‍රිය කළ අය වැඩි වූ අතර ඔවුන් සමකාලීන නාට්‍ය රචකයින් උසස් නිර්මාණ බිහි කරන බවට 57% ක ප‍්‍රමාණයක් අදහස් ප‍්‍රකාශ කර ඇත. මින් එකල ජනතාව අතර ගුවන් විදුලි නාට්‍ය ජනප‍්‍රියව පැවති බවට සනාථ කර ගත හැකි සාධකයකි. 
එමෙන් ම ගුවන් විදුලි නාට්‍ය කලාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් වනුයේ 1953 අපේ‍්‍රල් මස ඇරඹුණු ”තරංගනී ” සගරාව හා ඊට පෙර සිට ප‍්‍රකාශයට පත් වෙමින් පැවති ගුවන් විදුලි සගරාවන් ය. මේවා හරහා ගුවන් විදුලියේ ප‍්‍රචාරය කෙරෙන නාට්‍ය වල පිටපත් පළකිරීම හා ඒ සම්බන්ධ ව්චාර හා ප‍්‍රතිචාර සම්භාවනාවට ලක් කිරීම ද දැක ගත හැක.
ගුවන් විදුලි නාට්‍ය කලාවේ විෂය ක්ෂෙත‍්‍රය ක‍්‍රමයෙන් පුළුල් වීමත් සමග මෙය සංවර්ධන තේමාව සදහාත් යොදා ගන්නට විය. එහිලා,
 දියනිල්ලේ රාල
 කිවුලේ කුඹුර
 වෙලේ ගෙදර
 කුඹුරේ ගම
 මුවන් පැලස්ස
 පහන්සිළුව
ආදී නාට්‍ය නිදසුන් වේ. ඒවා තුළින් මූලිකවම සංස්කෘතිය,සදාචාරය හා ආර්ථික සංවර්ධනය යනාදිය තේවා කොට ගෙන ඇති බව අධ්‍යයනයේ දී හදුනා ගත හැකි විය. 
       මෙහිලා ගුවන් විදුලි ළමා නාට්‍ය ප‍්‍රචාරය වීම ආරම්භ වීම ද කැපී පෙනෙන අවස්ථාවකි. ඒ අනුව 1951 අපේ‍්‍රල් 9 වන දින ”ළමා උයන ” නමින් ප‍්‍රථම ළමා ගුවන් විදුලි නාට්‍ය ඇරඹුණ අතර එය 1953 වන විට ”ළමා පිටිය” බවට පත් විය. මෙම ගුවන් විදුලි ළමා නාට්‍ය ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල පිරිසක් තම දායකත්වය දැරූ අතර 
ආනන්ද සරත් විමලවීර
අයලීන් සරත්වන්ද්‍ර
වික්ටර් මිගෙල්
ආනන්ද සිරිසේන
ඩබ්.ඒ සෝමදාස
ආදීන් කැපී පෙනේ. 
                                                                                                                             බුද්ධිකා