ඈ දරුවා බිහි කිරීමට ආසන්නයේ විළිරුදාවෙන් පෙළෙන්නීය. අහල පහල කොයිකවුරුත් කෙමෙන් කෙමෙන් ගේ කිට්ටුවට ළංවිණි. මගෙ හිත ගිනිගොඩක්. ඇස් දෙ ඇරලා බලන්න මට පුදුම හදිස්සියක් තිබුනෙ. කවුරු කවුරුත් බලන් උන්නේ ”සරමක්” සරමක් යැයි කියන තෙක්. තිඹිරි ගෙයින් නික්මෙන ළපටි හඩ සවනත වැකෙද්දී කවුරු කවුරුත් ගේ පිළට ගොඩවුනේ හරි හදිස්සියෙන්. ඊට වඩා මට හදිස්සියි. කවුරුත් බලාපොරොත්තු වුනේ සරමක් ඒත් සරමක් නෙවේ ”චීත්තයක්” වින්නඹු අම්මගේ හඩ ඇහෙද්දි කොයි කවුරුත් සරමක් ලබන්න උඹට වාසනාවක් නැති වුනා නෙවැ කියා ඇස් දෙක ලොකු කරන් හරිම ළෙන්ගතුකමකින් මං දිහා බලන් උන්නු කෙනෙක්ට කීවා. මං හිතන්නෙ ඒ තමා මගෙ අප්පොච්චි. මං මොනතරම් ආසාවෙන්ද මේ ලෝකෙ බලන්න හිටියේ. ඒත් ඇයි කාගේවත් මූණේ හිනාවක් නැත්තේ. දැතින්ම මා වැළඳගෙන උන්නෙ මගේ අම්මා. එයාගෙ මූණෙ තියෙන සතුට දැක්කම මට අම්මට ගොඩක් ආදරෙයි කියන්න හිතුනා. මං මොනතරම් කතාකළත් එයාට මාව ඇහුනෙ නෑ.
බුද්ධි
marama lassani...keti kathawk liyanna...
ReplyDeleteha liyannm
ReplyDeleteExcellent
ReplyDelete