Tuesday, June 30, 2015

අපේ ගොවිකම

පැරණි ගැමි සංස්කෘතිය වැවයි, දාගැබයි-ගමයි, පන්සලයි යන සංකල්පය මත ගොඩනැගුණකි. ගැමි ජීවිතයේ පදනම වූයේ කෘෂිකර්මාන්තය යි. එනිසාම ලාංකීය සමාජය කෘෂි සංස්කෘතියක් මත ගොඩනැගුණක් සේ සැලකේ.
අතීත සිංහලයා දිවි පෙවෙත සරුසාර කොට ගත්තේ කුඹුරත් ,කමතත් ඇසුරිනි. ගොඩ ගොවිතැන හේන් ගොවිතැන වූ අතර මඩ ගොවිතැන වූයේ වී ගොවිතැනයි. ඒ අනුව ප‍්‍රධාන කෘෂිකර්මාන්තය වශයෙන් සැලකූෙවි වී ගොවිතැනයි. එනිසාම අටුකොටු සරු වූ ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය ලෙස සලකනු ලැබීය. එහිදී සොබාදහම හා අදෘශ්‍යමාන බලෙවිග වල බැල්ම ,ආශිර්වාදය ඉතාමත් දැඩි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කරන ලදි.
එම කෘෂි සංස්කෘතියටම ආවේණික වූ වචන මාලාවක් මෙන්ම චාරිත‍්‍ර වාරිත‍්‍රයන් ද පැවතිණි. කෘෂිකර්මාන්තය තුළ භාවිත කළ භාෂාව තුළින් තත්කාලීන සමාජයේ භාෂාත්මක ලක්ෂණ සහ සංස්කෘතිය ද මනාව නිරූපණය ෙවි.
කෘෂිකර්මාන්තය ගත්කළ මුලිකවම ,
වී ගොවිතැන (කුඹුරු ගොවිතැන*
හේන් ගොවිතැන (ගොඩ ගොවිතැන*
ගෙවතු වගාව
             යන තුන් ආකාරයටම ඉටු කරනු ලැබීය.
නියමිත ස්ථානයක ස්ථීර ලෙසට ක‍්‍රමානුකූලව හා නිශ්චිත කාලයක් තුළ කරනු ලැබුවේ වී ගොවිතැනයි. හේන් ගොවිතැන ඊට වඩා මදක් වෙනස් ය. හේන් ගොවිතැනේදී කුරහන් ,මුං ,මෙනේරි, තල වැනි ධාන්‍ය වර්ග මෙන්ම බටු, මිරිස් ,වට්ටක්කා වැනි භෝග වර්ග ද වගා කළහ. ගොවියන් ඒ වැඩ කටයුතු කරද්දී ගෙවිලියෝද තම ගෙවත්තේ විවිධ භෝග වවන්නට වූ අතර ඉන් නිවසේ එදිනෙදා පරිභෝජනය සරිකර ගන්නා ලදි.



සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය.

පැරණි ලාංකීය ජන සමාජයේ පැවති කෘෂි ආර්ථික රටාව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයයි.  එහිදී භාවිත කරන ලද්දේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද වූ බැවින් එලෙෂ ව්‍යවහාර කරන්නට ඇත. පැරණි ලාංකීය සමාජ ජීවිතය මුළුමනින්ම පාහේ කෘෂිකර්මාන්තය ආශ‍්‍රිතව ගොඩනැගී තිබුණු නිසාම එකල ගැමි සංස්කෘතිය කෘෂි සංස්කෘතියක් බවට පත්ව තිබුණි. අතීත සමාජ රටාව ඒ ඔස්සේ ව්‍යුත්පන්න වූයෙන්  සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයට ඉතා විශාල වැදගත්කමක් හිමිව තිෙබි. ඔවුනටම අවැසි බස් වහර නිපන් වූයේ ද කෘෂිකර්මාන්තය ඔස්සේම ය. විශේෂයෙන් ම සාම්ප‍්‍රදායික සන්නිවේදනාත්මක හරය ද මෙම උප සංස්කෘතිය තුළ සමාජ සබධතා තහවුරු කළ ප‍්‍රධාන මෙවලමක් වූ බව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය හා බැදි සාම්ප‍්‍රදායික සන්නිවේදනයන් තුළින් හදුනා ගත හැක.
සාම්ප‍්‍රදායික ගොවිතැනේදී ගොවියා සොබා දහම හා ඉතාමත් ළෙන්ගතු සබධතාවක් පවත්වනු ලැබීය. ඔවුහු ගොවිතැන ඇරඹූවේ කල්යල් බලා උචිත නැකැත් වේලාවකට අනුවය. එලෙස කිරීමෙන් නිසි කලට වැසි වැස වැපිරූ භෝග පැලවීම සහතික විය.
සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය ගත් කළ මුලිකත්වයක් හිමි ව තිබුනේ මඩ ගොවිතැන හෙවත් වී වගාවටයි. ඒ අනුව වී වැපිරීමේ සිට අස්වනු නෙලා ගෙට ගැනීම දක්වා අතර වූ විශාල කි‍්‍රයාවලියක් පැවතිණි. ඒවා සම්බන්ධව අභිචාර ක‍්‍රම, චාරිත‍්‍ර වාරිත‍්‍රයන් ද දක්නට ලැබුණු නිසාවෙන් ම සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය යනු මෙම සමස්ත ක‍්‍රියාවලියම බැව් ප‍්‍රකාශ කිරීමට පුළුවන. ඒ තුළ කමතට ඉතාමත් වැදගත් අවස්ථාවක් හිමිව තිබූ අතර එයට ආවේණික වෙනම ම භාෂාවක් හා ක‍්‍රියාකාරකම් පෙළක් පවතී. මෙහිදී පළමුව කුඹුරක සිදුවන කි‍්‍රයාවලිය සංක්ෂිප්තව හෝ විමසා බැලීම එහි භාවිත අධ්‍යයනය කිරීමෙහි ලා පිටුවහලක් ෙවි.
කුඹුරේ කෙරෙන කටයුතු මුලිකවම ,
x වී ඉසීමට පෙර අවස්ථාව
x වී ඉසීමේ සිට අස්වනු කමතට ගෙන යාම දක්වා අවස්ථාව
                              වශයෙන් දෙයාකාරයකින් යුක්ත වූහ.

මුල් අවස්ථාව යටතේ සිදු වන්නේ සී සෑමයි. පැරණි ගැමියන්
පුරං හීය (බින්නැගුම*
දෙහිය
මඩ හීය
               යන ප‍්‍රධාන අවස්ථා තුන මත කුඹුර හානු ලැෙබි. ඔවුනට ඊට අවශ්‍ය දැනුම පාරම්පරිකව හිමි වූ අතර සිරිතක් ලෙස ලියද්දක් හාන්නේ එහි පාවුල සිටය. ඉන් අපේක්ෂා කළේ එහි රැුදී ඇති ජලය එක්වරම සිදී යාම වළක්වාලීමයි.
වී ඉසීමට පෙර කුඹුර මනාව මට්ටම් කිරීම එදා හැදින්වූයේ මඩ මේවර කිරීම ලෙසිනි. ඉන්පසුව එළඹෙන වැදගත් අවස්ථාව වන්නේ වී ඉසීමයි. උදේ වරුවේ දී සිදුකෙරෙන මෙය ගැමියන් ව්‍යවහාර කළේ ගෙවඩනවා යන නමිනි. මේ අවස්ථාවේ දී පැළමල හිටවීම නැමති චාරිත‍්‍රය ඉටු කරන අතර පුවක් මලක් හෝ පෙල් මලක් ,කිරි ගසක අත්තක් ,හබරල අත්තක් ගෙන වපුරනු ලබන කුඹුරේ මේ සියල්ල සිටුවා ඊට වී අහුරක් ඉසියි. එ් වී අහුර එම අතුවල වැදී නැවත ලියද්දටම වැටේ. එසේ කිරීමෙන් අස්වැන්න වැඩිවේ යැයි ගැමියන් අතර විශ්වාසයක් පවතී.
වී ඉසීමේ කාරියට පළපුරුදු පුද්ගලයා වී කපුවා , වී ගොයියා යන නම් වලින් හදුන්වනු ලැබීය. වෙනත් ගොවිතැන් කටයුතු වලට සම්බන්ධ නොවන මොහු ලියද්දක වපසරිය පළපුරුද්දෙන් දැන අහුරෙන් අහුර වී ඉසීම සිදු කරයි.
ඉන්පසු දෙවන අදියර ආරම්භ වේ. ගොයම වැඩිමෙන් පසු වැදගත්ම අවස්ථාව වනුයේ සුභ නැකතක් බලා ගොයම් කැපීමයි. එලෙස මුලින්ම කැපෙන ගොයම කමත් කොළේ ලෙස හදුන්වයි. එතැන් පසු කටයුතු සිදු කෙරෙනුයේ කමතේ වන අතර ඒ ආශ‍්‍රිත වෙනම ක‍්‍රියාවලියක් මෙන්ම අභිචාර රැුසක් කෘෂි සංස්කෘතිය තුළ මනාව හදුනා ගත හැක.
” ඉහළ වෙලේ තියෙන බැතා
 පහළ වෙලේ තියෙන බැතා
 අටු කොටු වල තියෙන බැතා
 ඇද පුරවන් මේ   කමතා ”
     
වැනි ඒවාටම විශේෂිත වූ කෘෂි සාහිත්‍යයකට ද අප උරුමකම් කියා ඇත්තෙමු.
 මෙහිදී,
කොළ මැඩවීම
බැත පෑගීම
බැත මැනීම


මුලිකවම කමත තුළ සිදුකෙරේ. කමත ශුද්ධ භූමියක් වනබැවින් ඒ තුළ අභිචාර ක‍්‍රම රැුසක් සේම ක‍්‍රමවේද රැුසක් අනුගමනය කරනු ලබයි.

”කොළ මැඩවීම” යනු හරකුන් ලවා කොළපාගවා වී ඇට වෙන් කිරීමයි. එහිදී වට කැඞීම සිදු කෙරේ. කොළ මදක් මැඩවුණු පසු කොළ ගොඩෙන් හතරෙන් එකක් ගෙන උකුණු දැත්තෙන් සොලවා යලිත් කොළ ගොඩට දැමීම වට කැඞීම නමි.(ජේ.බී දිසානායක – උඩරට සිංහලය කෘතිය* පසුව කොළ බිදීම සිදු කරන අතර එය ඇතැම් අය කොළේ සමන්නනවා ලෙසින් ද හදුන්වයි. ඉන්පසු මඩුවන් බෑම ඇරඹෙන අතර මුලින්ම ප‍්‍රධාන ගොවියා එම කටයුත්ත සිදුකරයි.
ඊළග අවස්ථාව ”බැත පෑගීම” යි. මෙහිදී මුලින්ම කෙරෙන්නේ බැතය කොක් ගෑමයි. එනම් බැතයට යට වූ පිදුරු කෑලි ,කාටු ආදිය ඉවත් කිරීමයි. නියම වශයෙන් බැත පෑගීමට පෙර ගොවියා කුල්ලක් ගෙන , බැත කන්දට වැද , තුන්පළකින් බැත ස්වල්පය බැගින්  කුල්ලට ගෙන , එය නැවතත් බැත කන්දටම හෙලීම කරයි. පසුව තෙවතාවක් කුල්ලෙන් බැත කන්දට පවන් ගසයි.
මීළග වැදගත්ම කටයුත්ත ”බැත මැනීම” යි. ඊට පෙර ඉටුකළයුතු චාරිත‍්‍ර කීපයක්ම පවතී. ලහ ඇදින්නීම , බැත ලාහු කිරීම හා බැත ඉදුල් කිරීම වැනි කටයුතු ඒ යටතේ දී කරනු ලැෙබි. බැත කන්දක තිබෙන බැත ප‍්‍රමාණය ගැන දළ අවබෝධයක් ගොවියාට තිබෙන නිසා ඔහු මුලින් කුඹුරු හිමියාට වෙන් කොට ඊට සමාන ප‍්‍රමාණයක් තමාටත් තබා ගනී. අනතුරුව අන්තිම ලාහ දක්වා පිළිවෙළකට සමසමව බැත බෙදීම කරයි.
මෙහිදී අතීතයේ පැවති වී ගොවිතැන හා සම්බන්ධ වදන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුය. මන් ද නූතන කෘෂිකර්මාන්තය තුළ ඒවා වෙනස් වී ඇති අන්දම අධ්‍යයනය කිරීමේදී එය පිටිවහලක් වන බැවිණි.

කමත/කළවිට - ගොයම් පෑගීම සදහා කුඹුරේ සාදා
  ඇති විශේෂ ස්ථානය
ගොයම් කොළය/කොළ කැටිය - ගොයම් ගොඩගැසූ කන්ද
දැතිගොයියා - ගොයම් කොළ ඇවිස්සීමට
  ගන්නා දණ්ඩ
මාගල - වී වේලීමට ගන්නා මා
පැදුර
පාවර - එකවර පාගනු ලබන ගොයම්
ප‍්‍රමාණය
ඇවරිය - වී හුලං කිරීමට යොදා
ගන්නා ආධාරකය
වලහන් - ගොවිතැනට උදව් වෙන අයට
  දෙනු ලබන වී ප‍්‍රමාණය
මැඩුවන් - පිදුරු
අම්බරුවන් -       මී හරක්
මැල්ල - බොල් වී
ඇඹුල - උදේ කෑම
මුත්තා කණුව - ගොන් කණුව
බැත - වී
යතුර - කුල්ල
ලියන්නාව - දෑකැත්ත
මුත්තෙට්ටුව- ආහාර
බරු - වී සහිත ගොයම
යාල ගොයිය -       කුරුණිය
බාන් වැල - වැල් වලින් ඇඹරූ ලණුව
දැති බැදීම - නියරවල් බැදීම
මඩ මේවර කිරීම - කුඹුර මනාසේ මට්ටම් කිරීම

කුඹුර තුළ කමත ට හිමි වන්නේ ප‍්‍රධාන ස්ථානයකි. ගැමියා කමත දේවත්වයෙන් සලකන නිසාම ඒ ආශ‍්‍රිතව වෙනම අභිචාර හා බැදි කි‍්‍රයාවලියක් මෙන්ම ඊටම ආවේණික වචන මාලාවක් ද භාවිත කරනු ලබයි. පිරිමින් විසින් කමතේ වැඩ කටයුතු ඉටු කරනු ලබන අතර කාන්තාවන්ට කමතට ගොඩවැදීම අකැප යැයි සලකයි. කමතට තුළ භාවිත වන වචන කුඹුර තුළ භාවිත වන වචන වලින් වෙනස් වන අන්දම පහත පරිදි හදුනා ගත හැක.
කමත තුළ කමතින් පිටත
       අම්බරුවා                                   හරකා
ඉස්සර කරනවා                කනවා
කොටන්නාව                        උදැල්ල
කොළේ                                ගොයම් ගොඩ
ගගුලා කැද
ගොම්පස් ගොම
දැති ගොයියා උකුණු ගහ
පුබ්බරු බත්
පැගිරියා බුලත්
යාල්ලනවා බැත මදිනවා
රතඹලා ගින්දර
බාපල්ලා වරෙං
                             යනාදී ලෙස දැක්විය හැක.
සටහන බුද්ධිකා

මේ තෙත් බිමේ කතාවයි (ලෝක තෙත්බිම් දිනය බෙරවාරි 02*

ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන පාරිසරික විවිධත්වය තුළ තෙත් බ්ම් වලට හිමි වනුයේ මුලික ස්ථානයකි. සෑම රටකම සමතුලිත පාරිසරික තත්වයක් රැුකදීමෙහි ලා මෙමගින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාම සෑම වසරකම පෙබරවාරි 02 වන දින ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර තිබේ. එසේ  නම් වූ ලෝක තෙත් බිම් දිනයේ කතාවයි මේ.
1960 ගණන් වන විට යුරෝපය තුළ තෙත් බිම් සීඝ‍්‍රයෙන් අඩුවීම හා ජලාශ‍්‍රිත පක්ෂීන් විශාල ලෙස වද වීම යාම මූලික කොට ගනිමින් තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැුම්සාර් නුවරදී පවත්වන ලදි. එහිදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැුම්සාර් සම්මුතිය නමින් හැදින්වේ. 1971 අත්සන් තබා සම්මත කර ගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක වී ඇත. මෙම සම්මුතිය ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය හා යහපාලනය සඳහා ක‍්‍රියාත්මක වන අතර දැනට රටවල් 160 කට වැඩි ප‍්‍රමාණයක් මෙයට අත්සන් තබා තිබේ. මෙම සම්මුතියෙහි පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ,
”ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අනතර්ජාතික සහයෝගිතා මගින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීම ”
යන්නයි. මීට අමතරව මෙමගින් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පරිසර පද්ධති කෙරෙහි හිතකර කිරීම සඳහා ”නැණවත් භාවිතාව” නමින් චින්තනයක් ද ක‍්‍රියාත්මක කෙරේ.  මෙම සම්මුතිය දැනට ලෝකයේ ක‍්‍රියාත්මක වන්නාවූ පැරණිතම නූතන අන්තර්ජාතික එකගතාව වශයෙන් ද සැලකේ. මේ වන විට මෙයට සම්බන්ධ වන තෙත්බිම් සංඛ්‍යාව දහසට වැඩි ය.
රැුම්සා සම්මුතියට අනුව තෙත් බිමක් වශයෙන් සලකනු ලබන්නේ, ස්වභාවික හෝ කෘත‍්‍රීම වූද ස්ථීර හෝ තාවකාලික හා කරදිය හා කිවුල්දිය සහිත බාදිය මට්ටමේ සිට මිටර් 06 ට වඩා අඩු සාගර ජලය ඇති ප‍්‍රදේශ ඇතුලත් වගුරු බිමි ගොහොරු බිම් සහ ජල ප‍්‍රදේශ වේ. ශ‍්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තබමින් සාමාජිකත්වය ලබා ගන්නේ 1987 වුවත් එය බලාත්මකව ඇත්තේ 1991 වර්ෂයේ ඔක්තෝම්බර් 15 වන දින  සිටයි. ශ‍්‍රී ලංකාව ගත්කළ තෙත්බ්ම් බහුල වශයෙන් හඳුනාගත හැකි රටකි. කරදිය , මිරිදිය මෙන් ම කෘත‍්‍රීම තෙත්බිම් ද ඒ අතර වේ. කලපු ,කඩොලාන , කොරල්පර ,මුහුදු තෘණබිම් හා මෝය කරදිය තෙත්බිම් ය. මිරිදිය වගුරු, ගංගා, ඇල-දොල, ඔයවල් මිරිදිය තෙත්බිම් වලට අයත් වේ. කුඹුරු, වැව් හා ජලාශ වලින් යුත් කෘත‍්‍රීම තෙත්බිම් වලින් ද ලංකාවේ තෙත්බිම් පද්ධතිය ගොඩනැගී තිබේ. එනිසාම ලෝක තෙත් බිම් ප‍්‍රමාණයෙන් විල් හැරුණු විට අනිකුත් සියලූ අංගයන්ගෙන් සමන්විත අපූරු සොභා සෞන්දර්යකින් යුතු රටක් ලෙස ලෝකයේ ම පිළිගැනීමට ලක්ව තිබීම අප කාගේත් සිත් වලට නිරහංකාර ආඩම්බරයක් ද එක් කරයි. කෙසේ හෝ මේ වන විට රැුම්සා සම්මුතියෙන් සංරක්ෂණය වන රැුම්සාර් තෙත්බිම් 5ක් ලංකාවෙන් හදුනාගත හැක. එනම්,
බූන්දල ජාතික වන උද්‍යානය
වයඹ පළාතේ ආනවිලූන්දාව අභය භූමිය
දකුණු පළාතේ මාඳුගඟ අභය භූමිය
මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය
අම්පාර දිස්ත‍්‍රික්කයේ කුමන අභය භූමිය
                                        යන ඒවායි.
දකූණු පළාතේ බුන්දල ජාතික වන උද්‍යානය මෙරට ප‍්‍රථම රැුම්සාර් තෙත්බිම වශයෙන් 1990 ජූනි 15 වන දින නම් කර ඇත. මීට අමතරව මුතුරාජවෙල අභය භුමිය, කලමැටිය, හික්කඩුව, රූමස්සල වැනි අභය භූමි 42ක් පමණ ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුලත් කර තිබීමත් විශේෂත්වයකි. මේ නිසාම තෙත් බිම් පාරිසරික සම්පත් උපරිම වශයෙන් ඇති රටක් ලෙස අප රට සැලකීම සාවද්‍ය නොවේ. අතීතයේ සිට ම කෘෂිකාර්මික රටක් වන ලංකාවට කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය, වැව් මගින් වැසි ජගය ගබඩා කර ගැනීම, ලූණු කර්මාන්තය මෙන්ම ජල විදුලිය නිපදවීම වැනි කර්මාන්ත රැුසකට මේවා මගින් විශාල දායකත්වයක් ලබා දෙයි. තවත් අතකට කඩොලාන ශාක ප‍්‍රජාව මගින් වෙරළ ඛාදනය වැලක්වීම, ස්වභාවික විපත් පාලනය කිරීම ආදී සේවා රැුසක් ද ඉටු කෙරේ.
පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට සෘජු දායකත්වයක් ඉටු කෙරෙන මෙම තෙත්බ්ම් වල පැවැත්ම සම්බන්ධව වර්තමානය වන විට ගැටලූ රැුසක් උද්ගතව තිබේ. ඒ සඳහා මුලිකවම බලපෑ ඇත්තේ අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම් ය. ඒ අතර තෙත්බිම් ආශ‍්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම, මිනිස් කටයුතු සඳහා තෙත්බිම් ගොඩ කිරීම, තෙත්බිම් වල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හා තෙත්බිම් වල පවත්නා ජෛව විවිධත්වයට හානිකර වන ආකාරයට කටයුතු කිරීම කැපී පෙනෙන ගැටලූ බවට පත්ව තිබේ. මෙම තෙත්බිම් ආශ‍්‍රිත හානි අවම කර ගැනීම සඳහා යම් ආකාරයක මෙහෙයක් 1937 අංක 02 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ඉටු කෙරේ. එය 1970,1992 හා නැවත 2009 වසර වල සංශෝධනය වෙමින් තෙත්බිම් ආරක්ෂා කිරීමේ යම් ආකාරයක වගකීමක් ඉටු කරනු ලබයි. කෙතරම් විධි විධාන යෙදුව ද මිනිසුන් අවිධිමත් ලෙස සිදු කරනු ලබන මාලූ ඇල්ලීම් හා කඩොලාන ශාක කපා ඉවත් කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතී. ඊට විකල්පයක් ලෙස මෑතකාලීනව පරිසර අධකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂක ඒකකයේ මුලිකත්වයෙන් කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියන් ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. රටට අවශ්‍ය පාරිසරික සමතුලිතතාව මෙන් ම තවත් අතකට මිනිසාගේ එදිනෙදා පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන මෙම පරිසර ප‍්‍රජාව තවත් අතකට මෙරට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ද ප‍්‍රබල දායකත්වයක් දරනු ලැබේ.
විනාශවීමේ තර්ජනයට මුහුණ දී සිටින මෙම තෙත්බිම් රැුක ගැනීම සඳහා විවිධ සම්මන්ත‍්‍රණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, අත් පත‍්‍රිකා බෙදා දීම්, වාර්තා වැඩසටහන් ආදිය සිදු කිරීමට වගකිවයුතු ආයතන ඉක්මනින් ක‍්‍රියාත්මක වීම තුළ අනාගතයේ ඇති විය හැකි විශාල පාරිසරික හානියක් වලක්වා ගත හැකි වනු ඇත. එබැවින් සෑම වසරක ම පෙබරවාරි 02 වන දිනට යෙදෙන තෙත්බ්ම් දිනයේ දී පමණක් නොව හැකි සෑම විමට සෑම දෙනාම තමාට හැකි පමණින් තෙත්බිම් වලට සිදුවන හානිය අවමකර ගැනීමට වගබලා ගැනීම තම පරම යුතුකමක් බව සිහිතලාගෙන කටයුතු කල යුතව  ඇත.
සටහන- බුද්ධි

මාර්තු මාසයේ වැදගත් දිනයන් හා සිදුවීම්.


මාර්තු මාසය යනු
වසරේ තුන්වන මාසය වන මාර්තු මාසය සිංහල ක‍්‍රමයට අනුව හැදින්වෙන්නේ මැදින් මස ලෙසයි. සිංහල සමාජ ක‍්‍රමය තුළ යල හා මහ කන්න වලට අමතරව මැද කන්න යනුවෙන් ද කෘෂිකාර්මික වශයෙන් බෙදීමක් ඇත. ඒ අනුව මැද කන්න යන්නේ අරුත වනුයේ හේන් ගොවිතැන් ආරම්භ කරන මාසය නිසාවෙනි.
මෙම මාසය ඵ්ඍක්‍්‍ය හෙවත් මාර්තු නමින් හැදින්වෙන්නේ රෝම ක‍්‍රමයට අනුව ”මාර්ස් ” නැමති දෙවියා වෙනුවෙන් වෙන් කර ඇති මාසය බැවිනි. මාර්ස් දෙවියා පැරණි රෝම විශ්වාසයන්ට අනුව කෘෂිකර්මාන්තයට අධිපති දෙවියා යි. කෙසේ හෝ මාර්තු මාසය කෘෂීකාර්මික කටයුතු වලට අවශ්‍ය පාරිසරික තත්වයන්ගෙන් ද යුතුවන නිසා ඉතා වැදගත් මාසයකි.
මාර්තු 02
 සිංහල භාෂා දිනය - සිංහල භාෂාවට විශාල සේවාවක් කළ ගත්කතුවරයකු වූ කුමාරතුංග මුනිදාස මහතා 1944 මාර්තු 02 වන දින මිය ගිය අතර එතුමා විසින් සිංහල බසට කළ විශාල සේවය ඇගයීමට සෑම වසරකම මාර්තු 02 වන දා සිංහල භාෂා දිනය සමරනු ලැබේ. නිදහස පිළිබඳ ජාතික ප‍්‍රපෝධයක් ඇති කිරීමට විශාල දායකත්වයක් දැක්වූ කුමාරතුංගයන් සිංහල භාෂාවට ආණ්ඩුව - රජය,පාර්ලිමේන්තුව- මැතිසබය, විශ්වවිද්‍යාලය- සරසවිය ආදී වශයෙන් වචන රැුසක් ද හදුන්වා දෙන ලදි. කෙසේ හෝ සෑම වසරකම මාර්තු 02 වන දින සිංහල භාෂා දිනයට සමගාමීව සිංහල භාෂායේ සුරක්ෂිතතාව හා ඉදිර් පැවැත්ම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ.

 පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය - බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වී නිදහස ලබා ගත් යටත්විජිත රටවල් වල එකතුවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය 1887 මාර්තු මස 02 වන දින ආරම්භ වූ අතර සෑම වසරකම මාර්තු 02 එම දිනය සැමරේ.

 උඩරට ගිවිසුම අත්සන් කිරීම - 1815 දී උඩරට රජතුමා හා රදළයින් ඉංග‍්‍රීසීන් අතර අත්සන් තැබුනු උඩරට ගිවිසුම අත්සන් කලේ එම වසරේ මාර්තු 02 වනදා ය. ඒත් සමගම සම්පූර්ණයෙන් ම ශී‍්‍ර ලංකාව යටත් කර ගැනීමට ඉංග‍්‍රීසීන් සමත් විය.
මාර්තු 03
 හිනා-මත්සුරි දිනය - ජපානයේ ගැහැණු ළමුන්ගේ දිනය හිනා මත්සුරි දිනය නමින් හැදින්වේ. සෑම වසරකම මාර්තු 03 වන දා හිනා මත්සුරි දිනය ඉතා උත්කර්ෂවත් අන්දම්න් සෑමරේ. ජපන් සංස්කෘතිය තුළ ගැහැණු ළමයාට සුවිශේෂී ස්ථානයක් ලබා දී තිබෙන නිසාම මෙය සංස්කෘතිකමය උත්සවයක් ද වේ. එදිනට ගැහැණු ළමුන් තමාගේ බෝනික්කන් ප‍්‍රදර්ශනයට තබා එය නැරඹීමට එන්නන් හට ප‍්‍රනීත ආහාරපාන වලින් සංග‍්‍රහ කරනු ලබයි. එදින උඣීසනම තම මවගෙන් බෝනික්කෙකු තෑග්ගක් ලෙස හිමි වීමත් සමග මෙම උත්සවය ඇරඹේ.
 බල්ගේරියානු ජාතික දිනය - 1878 මාර්තු 03 වන දා බල්ගේරියාව තුර්කි අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් අතර බල්ගේරියානු ජාතික දිනය ලෙස නම් කෙරුනේ මාර්තු 03 වන දාය.

 මොරොක්කෝ ජාතික දිනය - ප‍්‍රංශ යටත්විජිතයක්ව පැවති මෙරොක්කෝව ඉන් නිදහස ලබා ගන්නේ 1956 මාර්තු 03 වනදා ය. අප‍්‍රිකානු මහද්වීපයට අයත් රටත් ලෙස මොරොක්කෝව සැලකේ.
මාර්තු 05
 ජපානයේ පිරිමි ළමුන්ගේ දිනය - සෑම වසරකම මාර්තු 05 වන දා ජපානයේ පිරිමි ළමුන්ගේ දිනය අති උත්කර්ෂවත් අන්දමින් සැමරේ. පවුලේ පිරිමි දරුවන්ට ආශිර්වාදය හා ශක්තිය පතා දෙමාබියන් විසින් විවිධ ආගමික කටයුතු සිදු කරනු ලැබේ. ගැහැණු ළමයින්ගේ දිනයේ සේම මෙහිදී ද බෝනික්කන් තෑගි වශයෙන් පිරිමි ළමුන්ට හිමි වේ.
මාර්තු 08
 ජාත්‍යන්තර කාන්තා දිනය - සෑම වසරකම මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබේ. 1857 මාර්තු 08 වන දින නිව්යෝක් නුවර ඇගලූම් කම්හලක කාන්තාවන් විසින් විශාල උද්ඝෝෂනයක් සිදු කරමින් තම අයිතීන් වෙනුවෙන් නැගී සිටිය අතර එම ජයග‍්‍රහණය සනිටුහන් කිරීමට මුලදී මේ දිනය යොදා ගන්නා ලදි. 1911 සිට මෙම දිනය සැමරීම අරඹා ඇත. අද වන විට ලෝකයේ කාන්තාවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් මේ හරහා ඉටු කරන අතර ලංකාව තුළත් ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කොටගෙන විවිධ වැඩසටහන් සෑම වසරකම මාර්තු 08 වන දා සිදු කෙරේ.
මාර්තු 10
 ජාතික ප‍්‍රවාහන දිනය - සෑම වසරකම මාර්තු 10 වන දින ජාතික ප‍්‍රවාහන දිනය සැමරේ.
මාර්තු 14
 ජගත් දුම්රිය දිනය - මාර්තු 14 වන දා ජගත් දුම්රිය දිනය යි.
මාර්තු 15
 ජගත් පාරිභෝගික දිනය - 1983 මාර්තු 15 වන දිනය ජගත් පාරිභෝගික දිනය වශයෙන් නම් කර ඇත. ඒ අනුව සෑම රටකම මෙම දිනය සමරන අතර එදිනට පාරිභෝගිකයින් වෙත සුවිශේෂ වරප‍්‍රසාදයන් ද හිමි වේ.
මාර්තු 20
 ජාතික පාපැදි දිනය - මෙම ජාතික පාපැදි දිනයට සමගාමීව විවිධ පාපැදි තරග මෙන්ම පා පැදි ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ.
මාර්තු 21
 ශ‍්‍රී ලංකා පොලිස් අනුස්මරණ දිනය - රාජකාරියෙහි යෙදී සිටි පොලිස් සැරයන්වරයකු තම රාජකාරිය වෙනුවෙන් ප‍්‍රථම වරට දිවි පුද කිරීම සිහි කිරීම පිණිස මෙම දිනය සැමරේ.
මාර්තු 22
 ලෝක ජල දිනය - මෙලොව ජීවි පැවැත්ම පවත්වා ගෙන යාමෙහි ලා ජලය මගින් කරනු ලබන කාර්යය අති විශාල වේ. ඒ අනුව අත්‍යවශ්‍ය සම්පතක් ලෙස සැලකෙන පිරිසිදු ජලය පිළිබඳ අර්බුද හටගෙන තිබේ. ඒ අනුව ජලය සුරුකීම පිළිබඳ ජනතාව දැනුවත් කරමින් විවිධ වැඩසටහන් ලෝකය පුරා මෙම දිනයට සමගාමීව සිදු කෙරේ. 1993 වසරේ සිට මෙම දිනය සැමරේ.
මාර්තු 23
 ලෝක කාලගුණවිද්‍යා දිනය -  1951 මාර්තු 23 වන දින එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වශයෙන් ලෝක කාලගුණ විද්‍යා සංගමය පිහිටුවන ලදි. එතැන් සිට සෑම වසරකම මාර්තු 23 වන දින ලෝක කාලගුණ විද්‍යා දිනය ලෙස නම් කර තිබේ.  
මාර්තු 24
 ලෝක කෂය රෝග දිනය - 1882 මාර්තු 24 වනදා ක්ෂුද්‍ර ජීව වෛද්‍යවරයකු වූ ජර්මන් ජාතික රොබට් කොක් විසින්  ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සොයා ගන්නා ලදි. ඒ අනුව සෑම වසරකම මෙම ක්ෂය රෝග දිනයේ දී එය වලක්වා ගනිමින් තුරන් කර ගැනීම සඳහා දැනුවත් කිරීමි හා සායන ආදී විවිධ වැඩසටහන් ඊට සමගාමීව කි‍්‍රයාත්මක කරනු ලබයි. 
මාර්තු 27
 ලෝක නාට්‍ය දිනය - යුනෙස්කෝව මගින් මාර්තු 27 වන දා ලෝක නාට්‍ය දිනය වශයෙන් නම් කර තිබේ.
අපේ‍්‍රල් මාසයේ වැදගත් දිනයන් හා සිදුවීම්.
 ්ඡුඍෂඛ හෙවත් අපේ‍්‍රල් මාසය ලෙස මෙම මාසය හැදින්වෙන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් ඇප්‍රෙසිටෙ දෙවගනට උපහාර වශයෙන් ය. නමුත් සිංහල ක‍්‍රමයට අනුව බක් මස යනුවෙන් හැදින්වෙන්නේ වසන්ත කාලය හගවනු පිණිස යි. විශේෂයෙන් ම සිංහල දෙමළ අලුත් අවුරුද්ද, අලූත් සහල් මංගල්‍යය ප‍්‍රමුඛ සශ‍්‍රීක බවින් යුක්ත මාසයක් වශයෙන් අපේ‍්‍රල් මාසය හැදින්වීමට පුලූවන.
අපේ‍්‍රල් 01
ලොවපුරා ජනතාව විනෝද වීමේ දිනය වශයෙන් හදුන්වනු ලබන්නේ අපේ‍්‍රල් පළමුවන දාය. මෙය මෝඩයින්ගේ දිනය වශයෙන් සලකනු ලබන්නේ ද මෙම දිනය යි.
අපේ‍්‍රල් 02
ලෝක ළමා පොත් දිනය - අපේ‍්‍රල් 02 වන දා යෙදී ඇත්තේ ලොක් ළමා පොත් දිනය යි. ළමා සාහිත්‍ය වෙනුවෙන් අමිල සේවාවක් ඉටු කළ හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ උපන් දිනය මෙදිනට යෙදී ඇති අතර එතුමාට උපහාර වශයෙන් මෙදින ලෝක ළමා පොත්දිනය ලෙස නම් කර තිබේ.
අපේ‍්‍රල් 07
 ලෝක සෞඛ්‍ය දිනය - එක්සත් ජාතීන්ගේ සමුලූවේ දී නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය 1947 අපේ‍්‍රල් 07 වන දා ආරම්භ කරන ලදි. මේ නිසා සෑම වසරකම අපේ‍්‍රල් 07 වන දින ලෝක සෞඛ්‍ය දිනය වශයෙන් නම් කර ඇත. සෑම වසරකම මේ දිනයට සමගාමීව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සමගාමීව විවිධ තේමාවන් මූලික කොට ගනිමින් වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරේ.
අපේ‍්‍රල් 12
අජටකාශගාමීන්ගේ දිනය - 1961 අපේ‍්‍රල් 12 වන දා යූරී ගගාරින් ඪධීඔධණ 01 යානයෙන් අශ්‍යවකාශගත වූ අතර එය සිහි කිරීම සදහා මෙම දිනය නම් කර ඇත.
අපේ‍්‍රල් 22
ලෝක මිහිතල දිනය - 1970 අපේ‍්‍රල් 22 වන දින ලෝක මිහිතල දිනය වශයෙන් ඇමරිකාවේ දී නම් කරන ලදි. විශේෂයෙන් ම මේ දිනයේ දී පරිසරය ආරක්ෂා කර ගැනීම හා අද වන විට මිහිතලය හමුවේ ඇති අභියෝග පිළිබදව දැනුවත් කිරීම් සිදු කෙරේ.
අපේ‍්‍රල් 26
ජාත්‍යන්තර වර්නෝබල් දිනය - ලෝකයේ දරුණූතම න්‍යෂ්ටික අනතුර වශයෙන් සැලකෙන රුසියාවේ වර්නෝබල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම 1968 අපේ‍්‍රල් 26 වන දා සිදු විය. එය සිහිපත් කිරීම මෙමගින් සිදු කෙරේ.
අපේ‍්‍රල් 29
විශ්ව නර්තන දිනය - මෙම දිනය නම් කර ඇත්තේ 18 වන සියවසේ ප‍්‍රවීණ නර්තන ශිල්පියෙකු වූ ෂාන් ජෝර්ජ් නොවෙරි සිහි කිරීම පිණීස යි. 1968 සිට සෑම වසරකම අපේ‍්‍රල් 29 වන දින මෙම දිනය සැමරේ.

සටහන -බුද්ධි

 

කඹරව

කටු පදුරු තැනිතලා
උස් බිමි ද
ගං ජලය සිඳී ගිය
මඩ වගුරු
මී හරකුන් ද
නිල්පාට ගහකොළට
හෙනහුරා වැඩලා ද


පඩු පාට පුන් සඳට
අතීසාරය හැදිලා ද
නැත තිබුනෙ තෙත් ගතිය
වියළිලා ගිහිල්ල ද


කලු පාට පරඩැල්ල
ඉරි ඇඳුනු මිනිස්සු ද
කෑම දිය සොයා යන
ඇට සැකිලි බලු නකුටන් ද
නටඹුන්ව අනුරපුෙ
නටඹුන් ද
භෞතිකව ගිය වස්තු
සිල්ලරට විකිණේ ද


මියුරු

මෙ නිවුන් නගර වල කතාවයි


නිවුන් නගර
ටෙක්සාස් විශ්ව විද්‍යාලය ලෝකයේ සෑම මිනිසුන් 1000කින් 32 ක් ම නිවුන් බව එනම් 1000න් 16ක් යුගල අය වන බවත් එය මුලූ ජනගහනයෙන් 3% ක් බව ටෙක්සාස් විශ්ව විද්‍යාලය මගින් තක්සේරු කර ඇත. ආගම ,ජාතිය හා ජනවර්ගය යන කරුණු මත මෙම සංඛ්‍යාව වෙනස් වන බව පෙනේ. සමහර ජනවාර්ගික කණ්ඩායම් සංඛ්‍යාවට වඩා වැඩි නිවුන් අයගේ බිහිවීමක් දැකිය හැකි අතර සමහරක නිවුන් අයගේ බිහිවීම අඩු මට්ටමක තිබේ.
පර්යේෂකයින්ගේ අදහස වන්නේ නිවුන් බව අහම්බයෙන් සිදුවන්නක් වුවත් එය පාරම්පරිකව එනම් ප‍්‍රෙවිණිගතව පැවත එන්නක් බවයි. එබේ පවුලේ එකකුස උපන් සහෝදර නිවුන් අයෙකු සිටීනම් ඔබ නිවුන් බිහි කිරීමක් කිරීමට ඉඩ ඇත. මව සහෝදර නිවුන් අයෙකු වූ විට ඇයගේ නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව හතර ගුණයකින් වැඩි වේ. මෙම සාධක සාමාන්‍යයෙන් පවුල තුළ මෙන ම පොදුවේ සමස්තයක් ලෙස ඇතැම් ජනවාර්ගික කණ්ඩායම් ක‍්‍රියාත්මක කිරීමට හේතු වී ඇත. සැබැවින් ම ජාතිය හ ා ජනවර්ගය මෙම නිවුන් යුගල තුළ ප‍්‍රධාන භූමිකා ඉටු කරයි. නිදසුනක් ලෙස එක්සත් ජනපදය තුළ නිවුන් හිස්පැනික් ලතින් ඇමරිකානුවන් (1000 න් 21.8* ද බොහෝ අප‍්‍රිකානු ඇමරිකානුවන් (1000 න් 36.8* අතර පොදු බවක් තිබේ.
මෙම නිරීක්ෂණයේ දී වැඩිම නිවුන් දරු උපත් අනුපාතය අග්නිදිග නයිජීරියාවේ යොරුබා ප‍්‍රජාව අතර සිදුවන බව සොයා ගෙන ඇත. ලොග්බෝරා නම් හුදකලා ගොවි නගරය කේන්\‍්‍ර කර ගනිමින් එය නිරීක්ෂණය කර ඇත. සෑම උපත් 1000කින් 45 - 50  නිවුන් යුගල උපත් වේ. එය ජනගහනයෙන් 10% පමණ වේ. අසාමාන්‍ය ලෙස විශාල නිවුන් දරු උපත් ප‍්‍රමාණයක් සි¥වී ඇති නිසා ම මේ නගරය ලෝකයේ ටිවින් කැපිටල් ලෙස විරුදාවලි ලබා ඇත. 
 කිසිවෙකුටත්  වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වූවත් මෙම බහු උපත් වලට  බලපා ඇත්තේ අදාළ කලාපයේ කාන්තාවන්ගේ ආහාර පුරුදු බව සමීක්ෂකයින් පෙන්වා දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ස්වභාවික විශේෂ ගුණ සහිත අධික රසායනික සංයුතියක් අඩංගු අල වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඩිම්බ කෝෂයෙන් එක් එක් පැත්තේ සිට ඩිම්බ නිදහස් කිරීමට ඒ හරහා උත්තේජනයක් ලැබෙන අතර මෙය ඒ සඳහා හේතු වන්නට ඇති බව යි. නමුත් පසුව උපන් විශාල නිවුන් පිරිසට ජාන වෙනස් වීම තුළ එම තත්වය ඇති විය හැකි බවයි.
 කෙසේ හෝ මෙය ග‍්‍රාමීය ප‍්‍රජාවට කිසිසේත් ම ගැටලූවක් වන්නේ නැත. ඔවුන් මෙලෙස බහු උපත් සිදු වීම සලකනුයේ ඔවුනට දෙවියන් විසින් ලද ආශිර්වාදයක් සේ ය. එනිසා ම එය සමරයි. ලොග්බෝරා හි බොහෝ ගැබිනි මව්වරුන් ආශාවෙන් බලාපොරොත්තු වන්නේ ද නිවුන් දරු උපත් වීම ද විශේෂත්වයකි.
 ලොග්බෝරා යනු නිවුන් උපත් අනුපාතිකය ඉහළ එකම නගරය නොවේ. එවන් නගරයක් බ‍්‍රසීලයෙන් ද හමු වේ. බ‍්‍රසීලයේ ආර්ජන්ටිනා දේශ සීමාව අසළ තිබෙන කැන්ඩිඩෝ ගොඩායී නගරය තුළ ඒහා සමාන නිවුන් උපත් සිදු වේ.
 කැන්ඩිඩෝ ගොඩායී නගරයෙහි නිවුන් දරු උපත් අනුපාතය 10% පමණ ඉහළ අගයක් රියෝ ග‍්‍රැන්ඬේ පුරාණ දළ උපත් අනුපාතිකය හා රාජ්‍යයේ ජාතික උපත් අනුපාතිකය 1.8% දක්වා සැලකිය යුතු තරම් ඉහළ අගයක් වේ. විසිවෙනි ශතවර්ෂයේ දී යටත් විජිත පළමු නිවුන් කට්ටල දාහත අතුලූව ක‍්‍රමයෙන් විවිධ පරම්පරා නිරීක්ෂණයට ලක් කර තිබේ. ජර්මනියේ ්‍යමබිරඤූුජන කලාපයේ ජනගහනය සාමාන්‍ය යුගළ අනුපාතයට වඩා වැඩි වී ඇති අතර එහි විශාල වශයෙන් පෝලන්ත හා ජර්මන් සම්භවයක් දැකගත හැකි ය.
 දශකයක පමණ කාලයක් තිස්සේ විවිධ පර්යේෂකයින් උත්සහ දැරුවා නිවුන් දරුවන් පිළිබඳ නිවරැුදි සාන්ද්‍රණයක් ඒකගතාවක් ඉදිරිපත් කිරීමට. ආර්ජන්ටිනාවේ ඉතිහාසඥ ජෝර්ජ් කැමරසා නොහොබිනා න්‍යායක්  2009 දී ඉදිරිපත් කර තිබේ.  ඵැබටැකැ විසින් දකුණු ඇමරිකාවේ මරණ ¥තයා යනුවෙන් කෘතියක් රචනා කර ඇත. සුප‍්‍රකට නාසි වෛද්‍යවරයකු වන ඔහු ජර්මනයේ අවුෂ්විට්ස් කඳවුරේ නිවුන් දරුවන් සම්බන්ධව බිහිසුණු පර්යේෂණ සිදු කරන ලදි. ඔහු නිවුන් දරු උපත් ඇති වීමේ රහස සෙවීම පිළිබඳ ඔහුගේ ස්වාමියා වූ ඇඩොල්ප් හිට්ලර්ගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදුකළ අතර එහීදී අපේක්ෂා කලේ ඔවුන්ගේ ආර්ය ජනගහනය වැඩි කිරීමට එය භාවිත කළ හැකි වීම ය. අවසානයේ දී මිත‍්‍රපාක්ෂිකයින් ජර්මනියේ පාලනය ගැනීමත් සමග ඔහු දකුණු ඇමරිකාවට පලා ගොස් තිබේ. පසුව ජෝර්ජ් කමරසාගේ අදහසට අනුව මෙන්ගීලී ඔහුගේ කාන්තාවන් සම්බන්ධ අත්හදා බැලීම් දිගටම සිදු කර ඇති බව පෙන්වා දෙයි. අනුමාන වශයෙන් නගරයේ ජනගණය වැඩි කිරීමට නිවුන් කේතය ප‍්‍රධාන කොට ගැනීමේ ආදර්ශයක් ඉදිරිපත් කල බවයි.
 ඔහුගේ අදහස දේශීය ඉතිහාසඥයින්ගේ මතභේදයට තුඩු දෙන්නක් වූයේ මෙන්ගීලී ඔහුගේ කාලයේ දී බ‍්‍රසීලයේ නිවුන් අධ්‍යයනය නොකලේ ය යන අදහස සහ ඔහු දකුණු ඇමරිකාවට පැමිණීමට පෙර නිවුන් දරු උපත් සංඛ්‍යාව ඉහළ ගිය බව යන කාරණාවන් ය. පර්යේෂකයින් ද ජාන ප‍්‍රතිබද්ධය නිසා නිවුන් උපත් ඉහළ ගිය බවට සරල පැහැදිලි කිරීමක් කරයි.
 මෙයාකාරම තවත් නිවුන් නගරයක් වන්නේ වයඔදිග බොස්නියවේ පිහිටි බූසීම් නගරය යි. මෙම නගරයේ නිවාස 20000 නිවාස 200 කට වැඩි ප‍්‍රමාණයක් නිවුන් කට්ටල සඳහා වෙන් වී ඇත. ලොග්බෝරා සහ කැන්ඩිඩෝ ගෝඩායී නගර මෙන් නොව පදිංචිව සිටින අසාමාන්‍ය යුගල කරවන් සංචාරක ආකර්ෂණයක් බවටත් පත් කිරීමේ අවශ්‍යතාවක් වී ඇත. 
 මෙම ආශචර්යමත් සිදුවීම ප‍්‍රථම වරට සොයා ගත්තේ දේශීය මාධ්‍යවේ දී භැා‘සඉ ඪමජැකව  විසින් සොයා ගන්නා ලදි. ඔහුගේ බිරිඳ 1992-95 සිවිල් යුධ සමයේ දී නිවුන් දරු උපතක් සිදු කළාය. එම කාලය තුළ නිවුන් උපත් 21 පමණ අසාමාන්‍ය  වූ බව දැනගන්නට ලැබී තිබේ. එනිසා ඔහු එම නිවුන් උපත් සෙවීමට ෆෙස්බුක් පිටුවක් ආරම්භ කලේ ය. ඒ ඔස්සේ ඔහුට අවම වශයෙන් නිවුන් කට්ටල 200 පමණ සොයා ගැනීමට හැකිව ඇත.
 බූසිම් යනු ජාන සමාභිජනනය නොකඩවා පවත්වා ගෙන යනු ලබන ප‍්‍රධාන පීතෘමූලික සමාජයකි.
 නැගෙනහිර ඉන්දියාවේ කේරල ඉන්දියවේ කේරල ප‍්‍රාන්තයේ ණදාසබයස  ගම්මානයේ ද මෙම නිවුන් සංසිද්ධිය දැකගත හැකි වේ. විශේෂයෙන් ම එහි ලියාපදිංචි නිවුන් කට්ටල ගණන 250ක් පමණය. මෙය පවුල් 2000ක් පමණ වෙසෙන්නාවූ ගමකි. 2008 දී පමණක් නිවුන් යුගල 15ක් ගම තුළ උපත ලැබූ අතර ගමින් පිටත නිවුන් උපත් 300 පමණ සිදු කර පෙරට වඩා සෞඛ්‍ය සම්පන්න උපත් අනුපාතය ඉහළ දමා ඇත. පසුගිය පස්වසර තුළ පමණක් එනම් 2009 ට පෙර නිවුන් යුගල 60ක් බිහිව ඇත. ඉන්දියානු උපමහදීවීපයේ අවම උපත් අනුපාතිකය සලකා බලන විට මෙම යුගළ අනුපාතය ඉතා විශිෂ්ට වීම සුවිශේෂී කරුනකි.

සටහන බුද්ධිකා බංඩාර
 

Monday, June 29, 2015

ජමිලා සහ සාමා

ජමිලා සහ සාමා
දුහුල් සලුපට උනා අහසට
දෙතන සැරසෙයි පියෑඹීමට
හැකිවිනම් ඇගෙ සුව විදින්නට
පුලුළුකුල මත හිස තබාගෙන

පයට පාවඩ හිසට මුතුකුඩ
රාජපිළි ආභරණ
උනා නුඹ සොයා ගිය පෙම
අයිලයේ තණ පඳුරු මත
සොයා ගත්තෙමි තිරිඟු පැහැයෙන්

ඈත විහිදෙන තිරිඟු කමතට
අයිස් මිදෙනා කුර්කුරේරු නදියට
බොඳව ගිය චිත‍්‍රයක් විලසට
පත්ව ඇත නුඹේ ආලය

බලන් සැමා දනියර්ගේ පේ‍්‍රමය
ඇය කෙරේ පාට ගැන්වූ හැටි
සොරෙකු ළඟ සිඟා යදින්නට
සිතුවෙ ඇයි මැටි ගෙපළෙ හිඳගෙන

යදිස්ස ඉසි බින්න නුඹ වෙත
පැමිණ සෙව්ෙවි ජමිලා සතු පෙම
නොහැක නුඹ හැඳිනගත්තේ
ඔවුන් සතු වූ උත්තරීතර බව

මියුරු ශ්‍යාමක

දන්නා චරිතයක නොදන්නා පැතිකඩක්

මෙරට දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන එස් ඩබිලිවි ආර් ඩී බංඩාරණායකයන්ගේ තතු බිදක් මෙසේ දිගහරින්නමි

බණ්ඩාරනායක මහතාගේ ළමා කාලයේ සිට දේශපාලනයට පිවිසීම තෙක්.
 වර්ෂ 1899 ජනවාරි මස අටවන දින සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාට හා එම ළමාතැනීට දාව එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායකයන් මෝදර එළී නිවසේ දී මෙළොව එළිය දුටුෙවිය. බණ්ඩාරනායක මහතාගේ මව් පියෝ ද තද ක‍්‍රිස්තු භක්තිකයන් වු අතර මොහු භෞතිස්ම කළේ ද අළුත්කෙඩි සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දීය.එවකට ලංකාණ්ඩුකාර ශී‍්‍රමත් වැස්ට් රිජ්ෙවි ආණ්ඩුකාරතුමා ඔහුගේ ආගමික පීතෘවරයා විය.එනිසා ම බණ්ඩාරනායක වීරයාගේ නමෙහි එස්.ඩබ්ලිව්.ආර්.ඩි අකුරු වලින් මුල තිබෙන එස්(*අකුර ස්වකීය පියාණන් වූ සොලමන්ගේ නාමය ද,දෙවන හා තෙවන ඩබ්ලිව්(*ආර්(*අකුරු වලින් වැස්ට් රිජ්ෙවි ආණ්ඩුකාරතුමාගේ නම ද කියැෙවි.
 සහෝදරයින් දෙදෙනෙකු සිටි පවුලේ එකම පුත‍්‍රයා වූ මෙතුමා 1919 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ටික දිනකින්ම එහි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට පත් වූ පළමුවැනි ආසියාතිකයා වීෙමි ගෞරවය ද ලැබීය. ඔක්ස්ෆර්ඞ් සරසවි දිවිය තුළ දක්ෂතා රැුසක් පෙන්වූ මොහු 1925 පෙබරවාරි 24 වන දින බි.ඒ උපාධිය ලබා නැවත ලංකාව බලා පිටත් විය.
 ලක්දිවට පැමිණීමෙන් පසු තම පියා සමඟ හොරගොල්ලේ පැරණි වලව්ෙවි ම පදිංචි වු බණ්ඩාරනායක මහතා අළුත්කෙඩි උසාවියේ නීතිඥයකු වශයෙන් කටයුතු කරන්නට විය.මේ කාලයේ සිටම එතුමාගේ චරිතය තුළ තම පියාට වඩා හාත්පසින් ම වෙනස් වූ දේශපාලන චින්තනයකින් හා දර්ශනයකින් සිත පෝෂණය වන්නට විය.
 ක‍්‍රම ක‍්‍රමයෙන් නීතිඥ වෘත්තියෙන් ඇති වූ පොදුජන ඇසුරත් සමඟම තරුණ බණ්ඩාරනායකයන්ගේ සිත දේශපාලනය කෙරේ යොමු විය.ෙමි අනුව නීතිඥයකු වශයෙන් සේවය කරද්දී ම දේශපාලඥයකු බවට පත් විය. 

එතුමාගේ දේශපාලන ජිවිතය සැකෙවින්.
 බණ්ඩාරනායක මහතා මුලින් ම දේශපාලනයට පිවිසෙන්නේ වර්ෂ 1926 දී කොළඹ නාගරික මැතිවරණයේ දී මරදාන කොට්ඨාසය වෙනුවෙන්ය.එතුමාගේ ප‍්‍රතිවාදී තරඟකරු වූයේ නාගරික දේශපාලනයේ පළපුරුදු කරුවෙකු හා උසස් පරිචයකින් යුක්ත වූ ඒ.ඊ ගුණසිංහ මහතා ය.
 ෙමි කාලයේ දී සර්වජන ජන්ද බලය පැවතිණි.මරදාන ජන්ද කොට්ඨාසයේ පටු වීදි හා මුඩුක්කු ඔස්සේ ගොස් පැල්පත් වලට රිංගා ජන්දය ඉල්ලීමට තරම් මෙතුමා ඉතාමත් උපක‍්‍රමශීලී වූයේ ය.කෙසේ හෝ වැඞ් ජන්ද 615 කින් ඒ.ඊ ගුණසිංහ මහතා පරදවා එස්.ඩබ්ලිව්.ආර්.ඞ් බණ්ඩාරනායක මහතා කොළඹ නගර සභාෙවි මරදානේ කොට්ඨාසය සඳහා තේරී පත් විය.
 බණ්ඩාරනායක දේශීය සංස්කෘතියට,ආහාරපාන,ඇඳුම් පැළඳුම් වලට ගරුකළ අතර තම රෙටි තමාගේ අය වියන රෙදි වලට ප‍්‍රිය කරමින් ජාතික ඇඳුම් අඳින්නට පටන්ගත් අතර ක‍්‍රමයෙන් බුදු දහම ද වැළද ගත්තේ ය.
 ලංකා ජාතික සංගමය තුළ ද කටයුතු කළ බණ්ඩාරනායක තරුණයා 1925 දෙසැම්බර් 16 වන දින කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ දි ආරම්භ වූ සමස්ත ලංකා ගම්සභා මණ්ඩලයේ සභාපති වීම ද මෙහිලා කැපී පෙනේ.මෙතුමාගේ මූලිකත්වයෙන් ග‍්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය හා උන්නතිය සඳහා විශාල සේවයක් මෙම සම්ෙමිලනය මඟින් ඉටු කරන ලදි.
 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය යටතේ සර්වජන ජන්ද බලය ලැබීමත් සමඟ බණ්ඩාරනායක මහතා ෙවියන්ගොඩ ආසනය වෙනුවෙන් නිතරඟයෙන් පත් විය.1936 දී දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට මන්ත‍්‍රීන් තේරීමේ දී බණ්ඩාරනායක මහතා නැවත වරක් ෙවියන්ගොඩ මන්තී‍්‍රවරයා වශයෙන් ද නිතරඟයෙන් පන් වී පලාත් පාලන ඇමතිවරයා වශයෙන් ද තේරී පත් වූයේ ය.
 වර්ෂ 1934 දී සිංහල මහා සභාව නමින් දේශපාලන පක්ෂයක් බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවන ලදි.ස්වතන්ත‍්‍ර පාලනයක් සඳහා සටන් කිරීම මෙහි පරමාර්ථය විය.සිංහලයාගෙන් අහිමි වී ගිය උරුමයන් සඳහාත් පිරීහී ගිය ජාතික සමගිය සඳහාත් සටන් කිරීමට බණ්ඩාරනායක මහතා පිහිට කොට ගත්තේ ද සිංහල මහා සභායවයි.
 1947 දී මහ මැතිවරණයේ දී බණ්ඩාරනායක මහතා ලංකා ජාතික සංගමය සමඟ එක් වී එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ගන්නා ලදී.එහිදී මොහු පලාත් පාලන හා සෞඛ්‍ය ඇමතිවරයා විය.කෙසේ හෝ ටික කලකදී එතුළ ඇති වූ විවිධ භේද භින්නතා හේතුවෙන් මොහු ටික කලකින් විරුද්ධ පක්‍ෂයට එකතු වීම ද කැපී පෙනෙන්නකි.
       1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්‍ෂයක් ආරම්භ කරන ලදී.මෙය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයකි.සඟ,වෙද,ගුරු,ගොවි ,කම්කරු යන පංච මහා බලවේගය ම මොහු වටා ඉතා ඉක්මණින් එක්රොක් වන්නට විය.1952 දී ලබා ගත් ජන්ද අනුව විරුද්ධ පක්‍ෂයේ නායකයා වීමට මෙතුමාට අවස්ථාව හිමිවිය.
       ඉතාමත් දැඩි තරඟකාරිත්වයකින් අනතුරුව 1956 අපේ‍්‍රල් 12 දී මෙරටේ ප‍්‍රථම ජනතා අගමැතිවරයා වශයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඞ් බණ්ඩාරණායක මහතා පත්විය.


සටහන- බුද්ධිකා බංඩාර